හිටපු LTTE සාමාජිකාවන් සමග හමුදා නිධාරියෙකුත් අත්අඩංගුවට

(15.03.2017 – 13:00 +0530 – lankatruth.com)

වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකාව සහ හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සිව් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු මේ අතර සිටින බවය.

ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ර ඇත.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ දුරකථන ඇමතුමක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දමිළ ජාතික කාන්තාව එල්.ටී.ටී.ඊ සංවිධානයේ කටයුතු කරමින් සිට පසුව පුනරුත්තාපනය ලබා මහින්ද රාජපක්ෂ සමයේ නිදහස ලැබූ අයෙකු බව සඳහන්වේ ෴

************************************

කොල්ලකරුවන් පැහැරගත් නැවේ 08 දෙනාම ශ්‍රී ලාංකිකයෝ
(15.03.2017 – 09:29 +0530 – lankatruth.com)

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 8 දෙනාම ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ.

මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ති⁣බේ. කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් අතට පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බවද රොයිටර් පුවත් සේවය පවසයි.

නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වනවිට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බවද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියි. ඊයේ (13) දිනය වනවිට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බවද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ.

මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ්  ඇමෙරිකා පුවත් සේවය පවසන්නේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවයි.

මේ අතර පැහැරගන්නා ලද නෞකාව සම්බන්ධයෙන් සියළු තොරතුරු අදාළ අංශ වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා නැව් කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් වික්‍රම සෙනෙවිරත්න මහතා පවසන්නේ අදාළ නැවේ සිටින ශ්‍රී  ලාංකිකයින් මුදාගැනීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *