බෑනගේ සමාගම තවමත් මහ බැකුවේ පිණුම්ගහයි

(14.03.2017 – 11:37 +0530 – lankatruth.com)

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ.

මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ ලාභය ඊට පෙර පැවති ලාභයට වඩා 500% කට ආසන්න ගුණයකින් වැඩි වී තිබෙනු දක්නට ලැබිණ.

එමෙන්ම මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000 ක් ලබාදී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තා මඟින් තහවුරු කර ඇත.

මෙවැනි පසුබිමක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික බැඳුම්කරන අලෙවි සැයිස්තුවෙන් ඉවත් කරන්නැයි දූෂන විරෝධී සංවිධාන විසින් දැඩි ලෙස මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා ඇතුළු පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියද මේ දක්වා එම වංචාකාරී සමාගම එම ලැයිස්තුවෙන් ඉවත් කර නැති බවට තවමත් සාක්ෂි ලැබෙමින් පවතී.

2017 මාර්තු 15 වැනි දින රුපියල් දශලක්ෂ 25,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්සිය සඳහාද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පළ කළ පුවත්පත් දැන්වීම පහතින් පළ වේ :

***********************************

ගීතාට මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ – නීතිපති අධිකරණයට කියයි
(14.03.2017 – 19:54 +0530 – lankatruth.com)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන වගන්තිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා පවසා ඇත්තේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බවය.

ලබන අප්‍රේල් 05 වන දිනට පෙර දෙපාර්ශවයේ කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන යොමුකරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය විසින් නියෝග කර මින් පවසා ඇත්තේ මැයි 03 වන දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ය.

ගීතා කුමාරසිංහ මහත්මිය මීට කලකට පෙර ප්‍රසිද්ධ මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුනේ තමන් ස්විස්ටර්ලන්තයේ පුරවැසියෙකු හා විවාහ වී සිටින බැවින් තමන්ට ඉබෙම ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය හිමිව ඇති බව ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *