බැසිල් රාජපක්ෂට තවත් නඩුවකට අධි චෝදනා

(15.03.2017 – 14:04 +0530 – lankatruth.com)

වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ අද (15) අධි චෝදනා ගොනු කර තිබේ.

ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැගින් වු ශරිර ඇප දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කර ඇත.

ඇඟිලි සළකුණු ලබා ගැනිමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නඩු විභාගය තීරණය කිරිමට නැවත මැයි 24 වැනිදා නඩුව කැඳවිමට අධිකරණය තීරණය කර ඇත ෴

**********************************

ඇවන්ගාඩ් නඩුවත් කල්යයි
(15.03.2017 – 14:29 +0530 – lankatruth.com)

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව මැයි 29 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද තීරණය කර ඇත.

මීට පෙර විත්තිය විසින් නඩුව පවත්වාගෙන යෑමේ නීතිමය තත්ත්වය ගැන මතුකළ මූලික විරෝධතාවය සඳහා ලිඛිත දේශන අධිකරණයට ගොනු කර ඇති අතර ඒ අනුව සති දෙකක කාලයක් තුළ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස අධිකරණය පැමිණිලි පාර්ශවයට දැනුම් දී ඇත.

මෙහි එක් සැකකාරියක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවටගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *