ප්‍රජාතන්ත්‍රවාදයට අත්වී ඉරණම මහින්ද දේශප්‍රිය පහදයි ‘‘ඇමසන් කැලේ ගෝත්‍රිකයෝ මෙනවා හරි දෙයක් කරන්නේ කතා කරලා. ඕක තමයි රටේ අයට අපට උගන්වා ගන්න බැරි’’

(14.03.2017 – newsfirst.lk/sinhala)

මෙරට දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අත්වී ඇති ඉරණම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මහනුවර සාන්ත සිල්වෙස්ටර් විදුහලේ සිසු පාර්ලිමේන්තුව අමතමින් පැහැදිලි කළේය.

‘‘අපි පාර්ලිමේන්තුවේදීත් හැමදේමත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ගුණය තමයි අන්‍යයන්ගේ මතය ඉවසීමට ඉඩදීම. ඇමසන් කැලේ ඉන්න ගෝත්‍රිකයෝ ඉන්දුනීසියාවේ කදුබඩ ඉන්න ගෝත්‍රිකයෝ ඒ ගොල්ලො‍ මෙනවා හරි දෙයක් කරන්න ගියාම එකතුවෙලා කතා කරලා තමයි යන්නේ. අපි කුඩා කාලේ ඔය ගොල්ලෝ කුඩා කා‍ළේ වුණත්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය. ඕක තමයි රටේ අයට අපට උගන්වා ගන්න බැරි. හැමෝම හිතන්නේ කෑගහලා හයියෙන් කතා කළාම බලය පාවිච්චි කළොත් ඒක තමයි ජයග්‍රහණය කරන මතය. වැඩිදෙනාගේ මතය විතරද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක ගෙදරක අම්මයි තාත්තයි පුත්තු දෙන්නයි දුයි ඉන්නේ මේ ගෙදර අම්මයි බාලපුතයි දූයි කන්න කැමති බත්. තාත්තයි ලොකු පුතාටයි ඕනෑ පාන්. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය අර තාත්තායි පුතාටයි හැමදාම තමන් කැමති නැතත් බත් ගිලින්න තමයි වෙන්නේ. ඇයි තුන්දෙනා අර පැත්තට මේ පැත්තට දෙන්නයිනේ. නමුත් මේ ගෙදර මොකක්ද කළේ මේ අය බතුයි පානුයි දෙකම ගේනවා. පරිප්පුයි කරවලයි හදන්නේ. හැබැයි පරිප්පු හොද්ද හදනකොට දිග හොද්දක් හදනවා. පාන්කන අයට හොදි කන්න පුළුවන්. තෙම්පරාදු‍ ‍කලොත් පා‍න්කන්න අමාරුයිනේ. ඒවගේ කරවල හදනකොට වැඩිපුර ඉස්ම හිටින්න හදනවා. පාන් කන අයට ඒකත් කන්න පුළුවන්. ඒ කියන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කරනවා අනෙක් අයට අවම අගතිය වන විදිහට’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *