ඡන්දෙට දැන්වීම් දමා රූපවාහිනියට කෝටි 16 ක් පොලු තැබූ මහින්ද කොමිසමටත් පොලු තියයි : මහින්දගේ ඡන්ද ප්‍රචාරයට සමෘද්ධි මුදල් කෝටි 300 ක් වියදම් කළ බැසිල්ට එරෙහි නඩු 2 ක විභාග ඇරඹෙයි

(16.03.2017 – 19:10 +0530 – lankaenews.com)

පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්‍රචාරක දැන්වීම් ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කර රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 16 ක මුදලක් පොලු තැබීම ගැන පරාජිත මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව අද පොලුකාරයාව කොමිසම ඉදිරියට කැඳවා තිබුනද ඔහු කොමිසමටද පොල්ල තැබීය. මහින්ද රාජපක්ෂට ලබන 24 වෙනිදාට දිනයක් දෙන්නැයි ඔහුගේ නීතිඥ ගනේෂ් ධර්මවර්ධන විසින් කොමිසමට ලිපියක් ඉදිරිපත් කර තිබිණ.

මේ අතර සමෘද්ධිය හෙවත් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මහජන මුදල් රු. දෙකෝටි අනූ 94 ලක්ෂයක මුදලක් වියදම් කරමින් එම ජනාධිපතිවරණයේ දීම මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් නීති විරෝධීව මුද්‍රණය කළ බැසිල් රාජපක්ෂට එරෙහිව ඊයේ කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා බාර දුන්නේ ය. එම නඩුවේ දෙවන විත්තිකරු වූ කිත්සිරි රණවකට ඊට පෙර අධි චෝදනා බාර දී තිබිණ. නඩු විභාගය මැයි මස 24 වෙනිදාට කල් තැබූ විනිසුරුවරයා බැසිල් මුදල් හා ශරීර ඇප ලක්ෂ 5 බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මුදා හැරියේ ය.

මේ අතර බැසිල්ට විරුද්ධව විභාග වන තවත් නඩුවක් වූ දිවි නැගුමේ මහජන මුදල් රු. කෝටි 299 කට අධික මුදලක් වියදම් කර එම ජනාධිපතිවරණයේ දීම අල්ලස් ලෙස සෙවිලි තහඩු බෙදීමේ වරදට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණය වෙත මාරු කරන ලදී. ඊට හේතු වූයේ බැසිල්ගේ නීතිඥයන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග එම නඩුව විභාග කරනවාට විරුද්ධ වීමයි. මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් නම් බැසිල්ගේ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, බන්ධුල තිලකසිරි, කිත්සිරි රණවක වෙති ෴

************************************

නොසැලකිල්ල නිසා සිදුවු අනතුර
(15.03.2017 – 21:17 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – කිරිඳිගල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක පාසල් සිසුවෙකු අනවධානයෙන් පාර හරහා මාරු වන අවස්ථාවේදී  මෝටර් රථයක ගැටී අනතුරට ලක්වන අයුරු අසල තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

අනතුරින් තුවාල ලැබූ එම සිසුවා බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

************************************

සිසුන් මැරූ නාවික හමුදා ඝාතකයන් බේරා ගැනීමට ඒ පාර මෛත්‍රී සැඟවී ජාතික ලැයිස්තු ඇම්බැට්ටයෙක් එවලා : ණයට ‘ලේ හේදීමට’ මෛත්‍රීට ඇති රුදාව කුමක්ද ? – විමල් ධීරසේකර විසිනි
(17.03.2017 – 05:15 +0530 – lankaenews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *