රෝහලේ විදුලි සෝපානය හිරවේ : ‘‘ප්‍රමිතියෙන් ඉහළ’’ රජයේ රෝහල ඇතුළේ සිර වූ පිරිස ‘‘බේරාගත්’’ අපූරුව ගැන පරීක්ෂණයක් ඕනෑ..!

(18.03.2017 – 20:35 +0530 – lankaenews.com)

වවුනියාව මහරෝහලේ විදුලි සෝපානයක් අක්‍රිය වී ඒ තුළ සිරවූ පුද්ගලයින් හත් දෙනෙකු බේරා ගැනීමට රෝහල් නිලධාරීන්ට විනාඩි හතළිහකට වඩා අධික කාලයක් ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එම පිරිස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

රෝගියෙකු බැලීම සදහා මාර්තු 18 දා එම රෝහලේ හතරවෙනි වාට්ටුව වෙත යමින් සිටියදී එක්වරම විදුලි සෝපානය අක්‍රිය වී ඇති අතර එය මහල් දෙකක් අතර සිරවී නතර වී ඇත.

ඒ විගසම හදිසි ඇමතුම් බොත්තම ඔබා ඒ පිළිබඳව සංඥා කළත් විදුලි සෝපානය බාර කිසිවෙකු එම ස්ථානයට පැමිණ නොමැත.

මේ අතරතුර සෝපානය තුළ සිටි දෙදෙනෙකුට හුස්ම ගැනීමට අපහසු වූ අතර සෝපානය තුළ වූ හදිසි ඇමතුම් අංකයකට අවස්ථා දෙකක්ම දුරකතන ඇමතුම් ලබා ගෙන තත්ත්වය විස්තර කළත් එම දුරකතන අංක දෙකම කොළඹ පිහිටි විදුලි සෝපාන සමාගමක දුරකතන අංක විණි.

නමුත් දුරකතනයට පිළිතුරු දුන් තැනැත්තා වහාම ඒ බව වවුනියාව රෝහල වෙත දැණුම්දී තිබුණු අතර ඔහු දුරකතනය ඔස්සේ කතා කරමින් සිරවී සිටි හත්දෙනාට විවිධ උපදෙස් දෙමින් සහාය විණි.

හදිසි නළාව නොනවත්වාම විනාඩි හතළිහක් පමණ එක දිගටම නාද වූ අවස්ථාවේදී වවුනියාව මහරෝහලේ සේවිකාවක් වන පුෂ්පා දමයන්ති නැමැත්තිය දිවගොස් විදුලි සෝපාන බාර නිලධාරියාව හමුවුවත් ඔහු සිය ජංගම දුරකතනයෙන් ලබාගනිමින් සිටි වෙනත්  ඇමතුම නතර කොට නොමැත. සේවිකාව ඔහුව කැඳවාගෙන එන විටද ඔහු පැමිණ ඇත්තේ ඇමතුමට පිළිතුරු දෙමිනි.

හදිසි සංඥා නලාව එක දිගටම නාද වීමත්, කොරිඩෝවේ සිටි විශාල පිරිසක් උදව් ඉල්ලමින් කෑගැසීමත් නිසා සෝපානය බාර නිලධාරියා දුරකතනය සාක්කුවේ දමාගෙන සෝපානයේ දොර විවෘත කිරීමට තැත් කළත් එය නතර වී තිබුණේ මහල් දෙකක් අතර අතර බැවින් එය අසීරු විණි.

කොරිඩෝවේ සිටි පිරිසද එක් වී විදුලි සෝපානයේ දොරෙන් කුඩා සිදුරක් මතු කරගත් අතර එම සිදුරෙන් ඇතුලේ සිරවී සිටි හත් දෙනාම එළියට ගැනීමටද ඔවුහු කටයුතු කළහ.

විදුලි සෝපානය බාර නිලධාරියා හදිසි අවස්ථාවේදී ඔහුගේ රාජකාරිය පැහැර ඇති බව එම පිරිස රෝහල් බලධාරීන්ට දැණුම් දී තිබේ.

විදුලි සෝපානය තුළ සිරවූ පිරිස අතර අප වවුනියාව වාර්තාකරු දිනසේන රතුගමගේ මහතාද සිටියේ ය.

– දිනසේන රතුගමගේ – වවුනියාව

******************************************

‘සොරි සිරිසේන..!’ කැපිටල් මහාරාජා සමාගමේ අනුබද්ධ සමාගමක් වූ ජනාධිපති මාධ්‍ය අංශය සමග ඩීල් කිලී, ශිරාල් සහ ධර්ම ශ්‍රී විසින් එජාප නායකයන් රැසක් ඉලක්ක කළ මඩ මෙහෙයුමක සැලසුම් හෙළිවේ
(17.03.2017 – 13:10 +0530 – lankaenews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *