‘කන්න දෙන අත හපා කා’ පේරාදෙණිය සරසවියේ නරුමයන්ගේ තරම යලි හෙළිකරයි…!

(19.03.2017 – 11:25 +0530 – lankaenews.com)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් හාරසියයකට නේවාසික පහසුකම් සහිත කාමර සියයකින් යුතුව අලුතින් ඉදිකරන ලද සිව් මහල් නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිතව තිබියදී කිසියම් පිරිසක් විසින් එහි අනුස්මරණ නාම ස්ථම්භය විනාශ කොට තිබේ.


ඊට හේතු වී ඇත්තේ එම අනුස්මරණ නාම ස්ථම්භයේ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නම සඳහන් වීමයි.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නාමය සිහිපත් කරමින් එතුමාගේ නමින් මෙම නේවාසිකාගාරය නම් කර තිබූ අතර ඊට පෙරටුගාමීන් බලය හොබවන අන්තරයේ සිසුන් විරුද්ධ වී තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිතව තිබුණු නමුත් ඊටද ඉහත කී අන්තවාදී සිසුන්ගේ විරෝධය පළ වීමත් සමග එම විවෘත කිරීම කල්ගොස් තිබුණි.

මේ පිළිබඳව විශ්ව විද්‍යාල මට්මමින් පරීක්ෂණයක් පවත්වන බව උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසා තිබේ.

මෙවන් ගෝත්‍රික ක්‍රියා සිදුකරන නරුම කුඩා පිරිස හඳුනාගෙන ඔවුන් පුනරුත්ථාපන කඳවුරකට යවා හදා ගත යුතුය. එසේ නොමැතිව එවැනි නරුම අමානුෂික අන්තවාදියෙකු උගතෙකු කර සමාජයට වද්දා ගත්තද එවැන්නෙකුගෙන් සමාජයට කිසිදු වැඩක් නැත. දශක ගණනාවක් පුරා රටේ විනාශයට එක් හේතුවක් වී ඇත්තේ මෙවැනි නරුමයන් රටේ යම් යම් මර්මස්ථාන වලට පත්ව රට ගැනවත් සමාජය ගැනවත් නොසිතා බඩ ගැන හෝ ඊට යටින් ඇති එක ගැන පමණක් සිතා අවස්ථාවාදී ජඩයෙකු ලෙස රාජකාරි කිරීමය.  එබැවින් අද දවසේ හඳුනා ගන්නා කුහක නරුමයෙකුට මහජනතාවගේ බදු මුදලින් උගැන්විය යුතුද යන්න කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය. මහාමාරිය හැදුනු එක මීයෙකුගෙන් පළාතක් රටක් සංස්කෘතියක්ම විනාශ වී යා හැකිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

  • ලංකා ඉ නිව්ස් කතෘ ගංජා සුර්තියක්ඇදලා කියන කතා මොනවා වුනත් වි:වි; වලට ගරහන එක ලංකා ඉනිඋස්වල මොස්තරයක් වෙලා එයින් පෙන්වන්නේ ඔහුගේ නුගත්කම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *