ඩඩල සේන-සිරි ටත් ‘ජනා උණ’ වැළඳේ : ඩඩල සහ මයිසිරි ගේ අපාය සහාය ලේකම් රාජපක්ෂ හොරුන් වෙනුවෙන් බැංකු වලට බලපෑම් කරති

(19.02.2017 – News e Lanka)

මෙතෙක් කලක් ආණ්ඩුවේ වැඩ වලට ඇඟිලි ගසන්නට නොපැමිණි ජනා සොයුරු ඩඩල සේන-සිරි සහ ජනාගේ ‘අපාය සහාය ලේකම්‘ ශිරාල ලක්තිල¤ දෙදෙනා රාජපක්ෂ සොරුන් වෙනුවෙන් රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට බලපෑම් කළ නීච සිද්ධියක් ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ.

රාජපක්ෂ පුතුන්ගේ කළු සල්ලි අඩංගු ගිණුම් රාශියක් මේ වන විට අධිකරණ නියෝග අනුව තහනම් කර ඇති බව රටම දනී. නාමල් රාජපක්ෂගේ රු. මිලියන 300 කට අධික කළු සල්ලි සහිත ගිණුම් 4 ක්ද, යෝෂිත රාජපක්ෂගේ රු. මිලියන 157.5 ක කළු සල්ලි සහිත සීඑස්එන් ගිණුම් ද ඒ අතර වෙති. මහජන බැංකුවේ එවක සභාපති වූ නැසී ගිය කරුණාජීව නමැත්තාගේ පුත්‍රයා වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තාද කළු සල්ලි සුදු කිරීමට රාජපක්ෂ පුත්‍රයන්ට සහාය දීම නිසා චූදිතයෙකුව සිටී.

මහජන බැංකුවේ වත්මන් ප්‍රධාන විධායක සහ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාට ජනා සොයුරු ඩඩල සේන-සිරි පසුගියදා දුරකථනයෙන් කතා කරමින් මහජන බැංකුවේ තිබෙන නාමල් රාජපක්ෂගේ තහනම් කරන ලද ගිණුමක මුදල් නිදහස් කරන ලෙස පවසා තිබේ. එවිට වසන්ත කුමාර් මහතා පිළිතුරු ලෙස කියා ඇත්තේ තමන්ට එවැන්නක් කළ නොහැකි බවත් එම ගිණුම් අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයක් අනුව බවයි. නමුත් මෙය ‘ජනාගේ වැඩක්’ බැවින් කෙසේ හෝ ඉටු කරන්නැයි ඩඩල සේන-සිරි බලපෑම් කර ඇත. මහජන බැංකු සාමාන්‍යාධිකාරීවරයා ඊට එකඟ වී නැත.

ඩඩල ගේ ඇමතුමෙන් පසු එදිනම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අමතා ඇති ජනාගේ ‘අපාය සහාය ලේකම්’ ශිරාල ලක්තිල¤ ද පවසා ඇත්තේ මහජන බැංකුවේ ඇති නාමල් රාජපක්ෂට අයත් තහනම් කරන ලද ගිණුමක මුදල් මුදා හරින ලෙසයි. හේමසිරි ප්‍රනාන්දු මහතාද ශිරාල ට පිළිතුරු දෙමින් එය අධිකරණ නියෝගයක් බැවින් තමන්ට එවැනි දෙයක් කළ නොහැකි යයි පවසා ඇත. ඉන්පසුව ශිරාල ලක්තිල¤ ද ඩඩල කීවා සේම මෙය ‘ජනාගේ වැඩක්’ බවත් කෙසේ හෝ ඉටු කර දෙන ලෙසත් ඉල්ලා තිබේ. සභාපතිවරයා එවරද එකඟ වී නැත.

මේ සිදුවීම් දෙකම එකකට එකක් සියයට සියයක්ම සමාන බැවින් සහ දෙදෙනාම ජනාමයිසිරි මහතාගේ දැඩි සමීපතමයන් බැවින් මෙය ‘ජනාගේ වැඩක්’ වීමට ඇති ඉඩ කඩ වැඩිය. ඩඩල ටත් ශිරාල ටත් එකම සිතුවිල්ල එනම් නාමල් රාජපක්ෂගේ තහනම් කරන ලද මහජන බැංකුවේ ගිණුම් වෙනුවෙන් කතා කිරීමට එක විටෙකම සිතට පහල වීමට කිසිදු හේතුවක් නැත. එනම් ඒ දෙදෙනාට ඉහලින් සිටින කිසිවෙකු ඒ ගැන ඔවුන්ට උපදෙස් දී තිබිය යුතුය.

කෙසේ වෙතත් ජනා මෙය ‘දන්නේ නැතැයි’ කියා අත සෝදා ගැනීමට ද හැකිය. මන්ද යත් ඔහු ‘‘මමත් ඒක දැන ගත්තේ පත්තරෙන්’’ යැයි නිතර ප්‍රකාශ කරන බැවිනි.

ජනාමයිසිරි තමන් බලයට ගෙන ආ බලවේගයන්ගෙන් සීග්‍ර ලෙස දුරස් වෙමින් රාජපක්ෂ හොරුන් වෙතම සමීප වන බවටත් රාජපක්ෂලා කළ කී හොරකම්, ඝාතන ආදියෙන් ඔවුන්ව සහ ඔවුන්ගේ හෙංචයියන්ව බේරා ගැනීමට ඍජුව සහ වක්‍රව කටයුතු කරන බවටත් සත්‍ය තොරතුරු දිනපතා ලැබීම මයිසිරි ව ජනා ලෙස පත් කිරීමට දිවි පරදුවට තබා කැපවූ ජනතාවගේ වෛරය අවුළුවන්නකි.

මෛ¤ යුගයක අපමණ අගයක් අපට පෙන්වීමට ආ මයිසිරි මහතා මහත් අභිරුචියකින් පත් කර ගත් ඔහුගේ ‘අපාය සහාය ලේකම්ලා’ සහ ඔහුගේ ඥාති ඝනයා විසින් මහත් වැර වෑයමකින් ඔහුව අඩි 6 ක් නොව අඩි 60 ක් පමණ යටට ඇද ගෙන ගොස් ‘අපමණ අගය’ අපට පෙන්වීම කෙසේ වෙතත් සේන-සිරි උන්නැහේට ‘අපමණ වලක්’ පෙන්වන බව නම් අපට ඉඳුරාම කිව හැකිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *