ඇමති චම්පික නැවතත් ගුරු වෘත්තියට : සිරිමුතු උයනේ ළමයින්ට විද්‍යාව ගණිතය උගන්වයි

(18-03-2017 – facebook.com/PataliChampika/)

සිරිමුතු උයනට ප‍්‍රජාශාලාවක්. බ්ලූමැන්ඩල් සහ වරාය අවට පැල්පත්වාසීන්ට ජයමග සෙවණ භාර කෙරේ.

අමාත්‍යවරයා සිරිමුතු උයනේ පළමු ගුරුවරයා ලෙස දරුවන්ට විද්‍යා ගණිත දැනුම ලබාදුන්නේ, සිරිමුතු උයන නිවාස ලාභීන්ට අඩුවක්ව පැවැති ප‍්‍රජා ශාලාවක් අද(18) උදෑසන විවෘත කිරීමට එක්වෙමිනි. මෙම ප‍්‍රජාශාලාව ඉදිරියේදී ළමුන්ගේ අධ්‍යාපනය කලා කුසලතා මෙන්ම සිරිමුතු උයන නිවාස ලාභීන්ගේ පොදු කටයුතු සිදු කර ගැනීම සඳහා භාවිතය වෙනුවෙන් අද දවසේ පැවරිණ.

ගණිත විෂයේ ඉලක්කම් හැදුනු හැටි ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ අරාබිය ආශ‍්‍රයෙන් හින්දු අරාබි ඉලක්කම් ඇති වූ ආකාරයත්, එය අද ලෝකයේ පිළිගත් ඉලක්කම් ක‍්‍රමය බවත්, වර්තමානයේ දියුණු යැයි සැලකෙන එංගලන්තය, ජර්මනිය ආශ‍්‍රිත යුරෝපය රෝමාණු ඉලක්කම් අතීතයේදී භාවිතයට ගෙන එය ඉවත් කිරීමට හේතු වූ කරුණු කාරණාත් ළමුන්ට ගණිත විෂය සම්බන්ධයෙන් ඇල්මක් ඇතිවන සේ ඉගැන්වීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය.

එකතු කිරීම සහ ගුණකිරීම අතර ඇති සම්බන්ධයත්, බෙදීම හා අඩුකිරීම අතර ඇති සම්බන්ධයත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. ගණිතය ඉගෙන ගැනීමට ආශාවක් ඇති කර ගැනීමටත් එය ඉතා පහසුවෙන් වටහාගත හැකි ඉගෙන ගත හැකි විෂය ධාරාවක් බවට පත් කරගෙන ඉන් විෂිශ්ඨ ප‍්‍රථිපළ ළඟා කර ගතහොත් මුළු ජීවිතයම මෙහෙයවිය හැකි සාර්ථක පුද්ගලයෙකු බිහි කරගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *