ආගම්බේද ඇති කරන නීතීඥ ලක්‍ෂාන් ඩයස් වහා අත්අඩංගුවට ගනු..- පොලිස්පතිට කියයි..

(20.06.2017 – 17:30 +0530 – lankacnews.com)

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී නීතිඥ ලක්‍ෂාන් ඩයස් විසින් මෙරට සමස්ත භික්‍ෂුන් වහන්සේලාත් බෞද්ධයාත් අපකීර්තියට හා නිගාවට ලක් කරමින් ප‍්‍රකාශයක් සිදු කල බවත් ඒ සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය වෙත සිංහලේ ජාතික පෙරමුණ විසින් පැමිණිලි කර තිබේ.

මේ එම පැමිණිල්ලයි :

ගරු පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ.
2017.06.19

දෙරණ රූපවාහිනියේ “අලූත් පාර්ලිමේනතුව ” වැඩසටහනේදී 2017.06.14 දින නීතිඥ ලක්‍ෂාන් ඩයස් නැමැත්තා විසින් සමස්ත භික්‍ෂුන් වහන්සේලාට හා බෞද්ධයාට අපකීර්තියට නිගාවට ලක්වෙන අන්දමින් සිදු කළ අභූත චෝදනාවන්ට එරෙහිව ඔහු අත් අඩංගුවට ගෙන වහාම නීතිය ක‍්‍රියාත්මක කරනු

ගරු පොලිස්පතිතුමනි,

මේ වන විට රට තුළ නියමයෙන් හා අනියමෙන් ආගමික අසහනතාවයක් පවතින් බවට නානාවිධ මතිමතාන්තර පැතිරෙමින් පවතින මොහොතක ඇතැම් පාර්ශවයන් විසින් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අසමානාතවයන් නිසා ජාතිවාදය හෝ ආගම්වාදය ඉස්මතු කරන්නවුන් පිරිසක් රිසි සේ සිය කටයුතු කරගනිමින් නිදහසේ සැරිසරන බවටද චෝදනා ඔප්පු වෙමින් පවතී. මේ සෑම පාර්ශවයක්ම හේතුවට පිළියම් කිරීම පසෙකලා ඵලයන්ට පිළියම් කිරීමේ අනර්ථකාරී ප‍්‍රයත්නය අප දකිමු. කෙසේ වෙතත් එවන් පසුබිමක වගකිවයුතු වෘත්තියක් ලෙස නීතිඥ වෘත්තියේ කටයුතු කරමින් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයෙක් ලෙස පෙනී සිටින ලක්‍ෂාන් ඩයස් නැමැති නීතිඥතුමා 2015.01.06 න් පසුව මේ රටේ භික්‍ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ක‍්‍රිස්තියානි පල්ලි 195ක්ට හානි පමුණුවා ඇති බවට වෛරී සහගත හා බරපතල ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් දෙරණ රූපවාහිනියේ පසුගිය 14 වන දින රාත‍්‍රී පැවත් වූ අලූත් පාර්ලිමේන්තුව නැමැති වැඩ සටහනට සම්බන්ධ වෙමින් ප‍්‍රකාශ කර සිටියේය. මෙම අභූත හා අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපතිතුමා හා අධිකරණ අමාත්‍යතුමා මෙන්ම කතෝලික සභාවේ ප‍්‍රධානි ගරු මැල්කම් රංජිත් පියතුමාද පවසා සිටියේ එය අසත්‍යක් බවටයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා විදියට ජනපතිතුමා මහනුවර අස්ගිරියේ පැවති උත්සවයකට එක් වෙමින් රට තුළ ජාතිවාදි ගැටුම් ඇති කිරීමට පිරිසක් කටයුතු කරන බව පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මීට පෙර දිනක සන්ද්‍යාවේ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනයක තිබුණා වැඩසටහනක්.මම ඒක බලාගෙන හිටියේ.ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ කතෝලික මුස්ලිම් පල්ලි 166 කට පහර දීලා තියනවා කියලා.ඒ නිවේදකයා ඇහුවා ඔබතුමා වගකීමකින්ද මේ බව ප‍්‍රකාශ කරන්නේ කියලා.ඒ පුද්ගලයා කියනවා පල්ලි 166 පහර දිලා කියලා.මම ඇහුවා අගරදගුරු තුමාගෙන් මේ ගැන ඇත්ත මොකක්ද කියලා.මේ කතාව ඇත්තද කියලා මම ඇහුවා. උන්නාන්සේ කිව්වා ඒ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් වාර්තා වෙලා නෑ කියලා. කාදිනල් හිමිපාණන් කිව්වා එහෙම දෙයක් සිදු නොවුණ බවට තමා ප‍්‍රසිද්ධියේ මාධ්‍යට ප‍්‍රකාශ කරන්නම් කියලා. අපි ජාතික සංහිදියාව ශක්තිමත් කරගත් ප‍්‍රතිපත්තියක් තුළ ඉදිරියට යෑමේදී ඊට එරෙහි පිරිස් නොයෙක් ආකාරයට රට නොසන්සුන් කරන්න ක‍්‍රියා කරන බවක් පේනවා.”

(මෙහිදී සංඛ්‍යා දත්ත පිලිබද පරස්පරතාවයක් දැකිය හැක මන්ද චූදිතයා පල්ලි 195ක් ලෙස සදහන් කරන අතර ජනපතිතුමාගේ කතාවේදී එම ගණන අත් වැරදීමකින් 166 ලෙස ප‍්‍රකාශ වී ඇත.) රාජ්‍ය නායකයා, අධිකරණ අමාත්‍යතුමා, හා කාදිනල්තුමා ඇතුලූ වගකිවයුතු ප‍්‍රධාන පිරිස් පවා මේ රටේ භික්‍ෂූන් වහන්සේලා බෞද්ධයන් දේශීය වශයේන් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කරන ආගම්වාදය අවුස්සන මෙවන් භයානක ප‍්‍රකාශයන්ට එරෙහිව හඩ අවධිකොට ඇති මෙවන් මොහොතක නීතිඥ ලක්‍ෂාන් ඩයස් නැමැත්තා අත් අඩංගුවට ගෙන වහාම නීතිය ක‍්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර,

විශේෂයෙන්ම මේ පුද්ගලයා අප දන්නා පරිදි වසර ගණනාවක සිට ජනතාවට නීති ආධාර දෙන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙක් ලෙස කටයුතු කොට ඇත. එනිසා අපට විශාල සැකයක් මොහු සතුව උපදින්නේ මෙවන් අභූත හා භයානක ප‍්‍රකාශයන් ප‍්‍රසිද්ධ මාධ්‍යයේදී සිදුකරන්නේ නම් ඔහුගේ නිහඩ ක‍්‍රියාකාරිත්වය තුළ සිය පැවැත්ම උදෙසා ජාත්‍යන්තරයට කුමන අන්දමේ දත්ත වාර්තාවන් සපයමින් සිංහල බෞද්ධයන් මෙන්ම පැවති හා පවතින ආණ්ඩු අපකීර්තියට මෙන්ම අසමත් රාජ්‍යක් බවට පත් කරන්නට කටයුතු කරන්නට ඇත්ද? එනිසා නීතිඥ වෘත්තියේ ගරුත්වය පවා කෙලසමින් මෙන්ම එවන් වෘත්තියකට මුවා වී සිය පැවැත්ම උදෙසා ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන මොහු වෙනුවෙන් වහාම නීතිප‍්‍රාකාරව කටයුතු කරන මෙන් නැවතත් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
මෙයට

මහ ලේකම්- සිංහලේ ජාතික පෙරමුණ
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

තොරතුරු කේන්ද්‍රය
අධ්‍යක්‍ෂක – බෞද්ධ
පූජ්‍ය අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමි

+++++++++++++++++++++++++++++++++++

අධිකරණය ඇමතිට විමල් කළ අභියෝගය?2017-06-19 කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය

Posted by Wimal weerawansa on Monday, June 19, 2017

********************* ( නැවත මුල් පිටුවට ….. )

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *