වල් නාශකවලට විරුද්ධයි – ඒත් ග්ලයිෆොසේට් ඕනෑ

(21.06.2017 – 16:55 +0530 – sinhala.adaderana.lk)

ග්ලයිෆොසේට් වල් නාශකය ලංකාව තුළ භාවිතා කිරීම තහනම් කර තිබුණ ද මහා පරිමාණ තේ වගාවෙහි ඇති වන වල් විනාශ කිරීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

පසුගිය කාලය පුරා තේ ආර්ථිකයේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත් වල් නාශක භාවිතා නොකර වාණිජ කෘෂිකර්මය නිසි ලෙස සිදු කිරීම අසීරු බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් වල් ඉවත් කිරීමේ දී මිනිස් ශ්‍රමය අවම මට්ටමේ පවතින බැවින් මිනිස් ශ්‍රමය යොදා ගනිමින් වල් ඉවත් කිරීම අසීරු කරුණක් බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් වකුගඩු රෝගය ඇති වීමට හේතුවක් වන බව පවසමින් ග්ලයිෆොසේට් ලංකාව තුළ තහනම් අතර ඒය යම්කිසි සාධකයක් විය හැකි නමුත් පැහැදිලි සාධකයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බව ද අමාත්‍යවරයා පැවසීය.

හරි තීරණයක් ගැනීම වැදගත් නමුත් එහිදි කවුද හරි යන්න වැදගත් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *