‘ගුටි කන මූණා‘ ‘ගුටි දෙන මූණා‘ වේ : GMOA ලේකම් ජොස්තර නවින් ද සොයිසා සයිටම් පක්ෂ වෛද්‍ය වරයෙකුට පහර දී රෝහලේ

(22.06.2017 – 23:30 +0530 – lankaenews.com)

සයිටම් වසා දැමිය යුතුය යන GMOA මතයට විරුද්ධ වූ කමල් නමැති වෛද්‍යවරයෙකුට GMOA ලේකම් ජොස්තර නවින් ද සොයිසා හෙවත් ගුටිකණ මූණා සහ ඔහුගේ ගජයෙකු වූ ජොස්තර ප්‍රභාත් දෙදෙනා විසින් අමානුෂික ලෙස පහර දීමෙන් වෛද්‍ය කමල් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය වී ඇත්තේ අද සවස කොළඹ පදනම් ආයතනයේ ‘සයිටම් අර්බුදය නිමා කරමු‘ මැයෙන් පැවති විද්වත් සමුළුවකදී ය.

GMOA හි අසාධාරණ මතයට විරුද්ධ වූ වෛද්‍ය කමල් සමුළුව අවසානයේ පැවැති තේ පැන් සංග්‍රහයේදී තම මතය ප්‍රකාශ කර තිබේ. විරුද්ධ මත ඉවසීමේ හැකියාවක් නැති ගෝත්‍රික ත්‍රස්තවාදීන් පිරිසක් වන GMOA නායකත්වයේ ලේකම් ධූරය දරණ නවින් ද සොයිසා විසින් වෛද්‍ය කමල් සමග බහින් බස් වී ප්‍රථමයෙන් තේ කෝප්පයකින් පහර දී ඇත. ඉන්පසුව සොයිසා සමග ඔහුගේ ගජයෙකු වන ප්‍රභාත් නමැති ජොස්තරද එක් වී දෙදෙනාම වෛද්‍ය කමල්ට පහර දී ඇත. ප්‍රහාරයෙන් තුවාල ලත් වෛද්‍ය කමල් කොළඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් වී ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *