බ්‍රසීල සීනි සමග ආ කොකෙන් ඇල්ලුවේ කවුරුවත්, පුහුණුවට බ්‍රසීලයට යවන්නේ වෙනින් කවුරුවත් : පූජිතගේ අජූත වැඩ..!

(23.06.2017 – 03:00 +0530 – lankaenews.com)

බ්‍රසීලයෙන් සීනි සමග ආ කොකේන් ජාවාරම අල්ලා ගත් නිලධාරීන් කුණු කූඩයට දමා ඒ ගැන බ්‍රසීල රජයෙන් පවත්වන වැඩ මුළුවකට පොලිස්පති පූජිතගේ හෙංචයියන් යැවීමට සූදානම් වෙතැයි වාර්තා වේ.

2016/06/19 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබූ තොරතුරක් වන ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී බ්‍රසීලයේ සිට ආනයනය කල සීනි කන්ටේනරයක් තුල කොකේන් කිලෝග්‍රෑම් 80 තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබා දෙන ලදී. එම අංශයේ විශේෂ විමර්ශන ප්‍රතිපල ලෙස පිළිවෙලින් 2016/07/21 – 2016/11/09 – 2019/11/29, ආදී දිනවල දී පැලියගොඩ දී කොකේන් කිලෝ 301 ක් ද, කැලණිය ප්‍රදේශයේදී කොකේන් කිලෝ 31 ක් ද ඔරුගොඩවත්ත රේගු අංගනයේදී කොකේන් කිලෝ 219 ක් ද, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 2016-12-07 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් නැව් මගින් ගෙන එමින් තිබු කොකේන් කිලෝ 928 ක්ද නාවික හමුදාවේ සහාය ඇතුව අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස කොකේන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකාව බ්‍රසීලයෙන් සීනි ආනයනය නවතා ඇත. එම නිසා බ්‍රසීල රජයෙන් බ්‍රසීලයේදී සීනි අපනයනය සම්බන්ධයෙන් පුහුණු වැඩ මුළුවක් එම වැටලීම සිදු කළ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇත. ඒ සඳහා පොලිසියේ, නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා රේගුවේ, නිලදාරීන් පස්දෙනා බැගින් සහභාගී කරවීමට රජය විසින් තීරණය කරන ලදී. මේ වන විට නාවික හමුදාව හා රේගුව වැටලීම සම්බන්ධයෙන් මැදිහත් වූ නිලදාරීන් 5 දෙනා බැගින් නම් කර ඇත.

පොලිසියෙන් නිලධාරීන් නම් කිරීමේ දී පොලිස්පතිවරයා විසින් මෙම වැටලීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොවූ පොලිපතිවරයාගේ හෙංචයියන් පිරිසක්, වලාන වැටලීම් ඒකකයෙන් හා පොලිස් අපරාධ අංශයේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන් පිරිසක් නම් කර ඇත. මේ හේතුවෙන් සත්‍ය ලෙසම වැටලීම් කල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හිමි විය යුතු විශේෂ අවස්ථාවන් අහිමි කර ඇත, මෙ මගින් සිදුවන්නේ සුවිශේෂී මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන් දැඩි කලකිරීමකට පත්වීම ය. මීට ඉහත දී ද කීප විටක්ම මේ ආකාරයේ අශීලාචාර නොතකා හැරීම් රැසක් සැබෑ වැටලීම් කළ නිලධාරීන්ට සිදුකර තිබේ. හෙරොයින් කිලෝ 53 න් ඇල්ලූ නිලධාරී කන්ඩායමකට පාරිතෝෂික දුන්නේ නැත. වැටලීම් වලදී වැදගත්ම කාරියක් ඉටුකරන ඔත්තු කරුවන්ට ගෙවීම් සිදුකරන්නේ නැත. වැටලීම් සිදුකරන නිලධාරීන්ට අදාල උසස් වීම් දෙන්නේ නැත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිටුපස පොලිස්පති පූජිත සිටින බවට කාලයක් තිස්සේ තිබෙන චෝදනාව මෙවැනි සිදුවීම් මගින් වඩාත් තහවුරු වනු නිසැක ය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *