ETCA සාපයෙන් සමන් කැලේගම මියයයි ?

(23.06.2017 – lankacnews.com ඇසුරෙන්)

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම මහතා තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේඡනයටද ලක් විය ෴

————————

*************************************

මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තුයි කියා ජනතාව කියනවා.. – රතන හිමි
(24.06.2017 – 12:23 +0530 – lankacnews.com)

මේ ආණ්ඩුව ගිය අණ්ඩුවටත් වඩා සවුත්තු නේදැයි බොහෝ දෙනා තමන් වහන්සේගෙන් විමසන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

*************************************

‘සර්ටිස්‌ ලංකා’ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්
(22.06.2017 – divaina.com)

“සර්ටිස්‌ ලංකා” සමූහයේ 40 වන සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී හෙට (23 වැනිදා) ප. ව. 6.00 ට පැවැත්වේ.

අයිඑස්‌ඕ 9001, 14001 සහ 50001 තත්ත්ව සහතිකවලින් පිදුම් ලබා ඇති එම ආයතනය තම 40 වැනි සංවත්සර උළෙලේදී සේවක සේවිකාවන් ඇගයීම, සාමාජිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රාශියක්‌ සිදු කිරීමට නියමිතය.

ආරක්‌ෂක සේවය, භාණ්‌ඩ ප්‍රවාහන සේවය, මුදල් ප්‍රවාහන සේවා, ගෘහස්‌ථ උපස්‌ථායක සේවා සහ වෛද්‍ය සේවා ආදී බොහෝ අංශ වෙත ‘සර්ටිස්‌ ලංකා’ සමූහය තම සේවාවන් සපයමින් සිටී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *