යහපාලන ආණ්ඩුව නිදහස් සෞඛ්‍යයට කර ඇති ‘විනාශය’ ගැන රාජිත හෙළි කරයි

(24.06.2017 – 04:30 +0530 – lankaenews.com)

යහපාලන ආණ්ඩුවට විශාලතම තර්ජනය එල්ල වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ය. එය සයිටම් විරෝධී වේශයෙන් ද, දොස්තර වර්ජන වේශයෙන්ද මතුපිටින් දකින්නට තිබේ. දෙපාර්ශවයෙන්ම එල්ල වන බරපතල චෝදනාව නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති නිදහස් සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවයි. රාජිත සේනාරත්න මහතා මෙහි කරන හෙළිදරව්වෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයෙන්ම තර්ජන එල්ල වීමේ හේතුව සිතා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ඖෂධ පනත ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී ඊට විරුද්ධව ඡන්දය දුන් එකම පුද්ගලයා පෙරටුගාමී මන්ත්‍රීවරයා පමණක් වීමත් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතාවයන්ට සිසුන් යොමු කිරීම පසුපස පෙරටුගාමීන් සිටීමත් අතර සම්බන්ධයක් නැතිද.? මෙම වීඩියෝව අවසානය දක්වා බලන ලෙස ඉල්ලමු.

යහපාලන ආණ්ඩුව නිදහස් සෞඛ්‍යයට කර ඇති ‘විනාශය‘ ගැන රාජිත සේනාරත්නගේ හෙළිදරව්ව පහතින් :

++++++++++++++++++++++++++++++

සුවසිරිපාය යටත් කරගත් සිසුන් යැයි කියන අය අහිංසකද? නිරායුධ ද ? ඇත්ත පෙන්වන වීඩියෝවක් මෙන්න
(24.06.2017 – 06:15 +0530 – lankaenews.com)

සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් යයි කියා ගන්නා කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් ජොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු ත්‍රස්ත ලැදි පිරිස පවසන නමුත් එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ.. අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට පෙර ඒ සඳහා උත්සාහ දරණ පුද්ගලයා අත ඇත්තේ යකඩ පොල්ලකි.. ( හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමන්ද යකඩ පොල්ලක් අරන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා යයි පාර්ලිමේන්තුවේදී කීවා මිස ත්‍රස්ත ලැදි පිරිස අත යකඩ පොලු තිබුනේ නැතැයි කීවේ නැත) මෙම වීඩියෝවේ තරුණයා කෙරෙහි එහි සිටි එස්ටීඑෆ් භටයන් කෙතරම් ඉවසිල්ලකින් ක්‍රියා කරන බවද තහවුරු වේ.

වීඩියෝව බලන්න :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *