සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනීවි යැයි බියවුනා : තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට ප්‍රතිකාර නොකරන්නැයි GMOA කීවා – ඇමැති සාගල

(24.06.2017 – 05:00 +0530 – lankaenews.com)

ත්‍රස්තවාදය පොවා නොමග යැවූ තරුණ කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ව ඉවත් කිරීමට යෑමේ දී ඇති වූ ගැටුමින් තරුණයන් මෙන්ම පොලිස් නිලධාරීන්ද තුවාල ලැබූ අතර දෙපාර්ශවයම රෝහල් ගත කළ විට පොලිස් නිලධාරීන්ට ප්‍රතිකාර කිරීම වැළැක්වීමට පාදෙණියගේ GMOA නායකයෙකු ක්‍රියා කෙළේ යයි නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක පවසයි.

එක් පොලිස් නිලධාරියෙකුට ගැටුම අතරතුරදී හෘදයාබාධයක් ඇතිවුනු අතර එම නිලධාරියාට නම් හනික ප්‍රතිකාර ලබා දී ඔහු සුවපත් කර තිබිණ. තවත් පොලිස් නිලධාරියෙකුගේ හිසට පහර දී තිබුනේ මල් පෝච්චියකිනි. ‘හෙල්මට් දමා සිටි පොලිස් නිලධාරීන්ගේ හෙල්මට් කුඩු කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පෙළෙන බවට‘ ප්‍රහාරයෙන් පසුව අන්තරේ නායකයා කී කතාව මෙහිදී අමතක කළ නොහැකිය.

මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස බැලීමට ගිය සාගල රත්නායක ඇමැතිවරයා පැවසූ තවත් වැදගත් ප්‍රකාශයක් නම් ආක්‍රමණකාරී පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක නිලධාරීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනීවි යැයි බිය වූ බවයි.

සාගලගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් :

++++++++++++++++++++++++++++++

“අක්කාට හොඳයි මල්ලිලාට නරකයි“ තියරියෙන් රජයේ දේපොල විනාශ කළ ලහිරු සහ තවත් සිසු නායකයන් 2 ක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරයි
(23.06.2017 – 23:00 +0530 – lankaenews.com)

යකඩ පොල්ලක් ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට පහර දීමට නොහැකි වීම ගැන කණගාටුයි – හඳුන්නෙත්ති

සයිටම් වසා දමන්නැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපොල වලට මිලියන ගණනක අලාභ හානි සිදුකළ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික ලහිරු වීරසේකර ද අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද සහ ෆයිසාල් අහමඩ් නමැති මොරටුව සරසවියේ සිසුවෙකුද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 05 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. සුගතානන්ද ඊයේ අත් අඩංගුවට ගත් අතර ලහිරු සහ ෆයිසාල් අත් අඩංගුවට ගත්තේ අද ඔවුන් විසින් පැවැති මාධ්‍ය හමුවකින් පිටත්ව යද්දී ය. මොවුන් රාජ්‍ය දේපොලට අලාභ හානි සිදුකිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන ඇති අතර රාජ්‍ය දේපොලට අලාභ හානි කිරීමේ වරද ඇප ලබා දිය නොහැකි වරදකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පහර දීමෙන් පසු ලහිරු වීරසේකර සිසුන් අමතා කියා සිටියේ තමන්ගේ ඇඟ රිදෙන්නේ පොලිස් පහර දීම් නිසා නොව හෙල්මට් දමාගෙන පහර දුන් පොලිස් කාරයන්ගේ හෙල්මට් කුඩු වෙන්නට පහර දීමට නොහැකි වූ නිසා බවයි. පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන වසා දමන්නැයි සිසුන් පොළඹවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසු නායක ලහිරු වීරසේකරගේ වැඩිමහල් සොහොයුරිය තිලිණි වීරසේකර SLIT පෞද්ගලික සරසවියේ 2010 කණ්ඩායමේ බීඑස්සී උපාධි ධාරිනියකි. ‘අක්කාට හොඳ නමුත් මල්ලිලාට නරකයි‘ යන්න ඔහුගේ ප්‍රතිපත්තිය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන ලද අලාභ හානි මෙතෙක් ගණනය කර නොමැති අතර එහි පිළිගැනීමේ කවුන්ටරය සහමුලින්ම විනාශ කර ඇත. යකඩ දොරවල් ඉදිරිපස යකඩ ගේට්ටුව දොර ජනෙල් සහ සේවකයන්ගේ පැමිණීම් සටහන් තබන ඇඟිලි සලකුණු යන්ත්‍ර ආදිය විනාශ කර තිබිණ. තම ආයතනයට පහරදුන් මැරයන් අත් අඩංගුවට ගන්නැයි බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෝ අද උද්ඝෝෂනයක යෙදුනාහ.

මේ අතර මැර සිසුන්ගේ ත්‍රස්ත ක්‍රියා සාධාරණීය කරමින් නොනැවතී සිසුන් ආයුධ ගැනීමට පොළඹවමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් (තම උසස්පෙළ අධ්‍යාපන ප්‍රතිඵල අමතකැයි කී) ජොස්තර නලින් හේරත් නමැත්තා අද කරන ලද ප්‍රකාශයක් අනුව ඔහුද දණ්ඩ නීති සංග්‍රහය යටතේ අත් අඩංගුවට ගත හැකි යයි නීතිවේදීහු පෙන්වා දෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලාගෙන සිටි මැර පිරිසට පහර දුන්නාට එරෙහිව ඊයේත් අදත් රුහුණු සරසවියේ සිසුහු ගාල්ලේ සහ මාතර උද්ඝෝෂණයන්හි යෙදුනාහ. මෙම උද්ඝෝෂණ වල සේයාරූ ගත්තේ යයි කියමින් ඊයේත් අදත් පුද්ගලයන් දෙදෙනෙකුට සිසුන් විසින් පහර දී ඔවුන්ගේ කැමරා වලට හානි සිදුකළහ. සිසුන්ගේ ප්‍රකාශ අනුව පින්තූර ගත හැක්කේ මාධ්‍ය හැඳුනුම්පත් තියෙන අයට පමණි. අනෙක් වුන් පොලිස් ඔත්තුකරුවන්ය. ඕනෑම පුද්ගලයෙකු මහපාරේ ප්‍රසිද්ධියේ පවත්වන උද්ඝෝෂණයක් තවත් ඕනෑම පුරවැසියෙකුට සේයාරූ ගත කිරීමට අයිතියක් තිබෙන බව හෝ මොවුන් සලකන්නේ නැත. නමුත් ඔවුන් ඉල්ලන්නේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැති අතර ඊට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ පැමිණි අය නිරායුධ අය නොවන බවත් ඔවුන් යකඩ පොලු රැගෙන පැමිණි බවයි. වාහන වල වින්ඩ්ස්ක්‍රීන් වලට පහර දුන්නේ යකඩ පොලුවලින් යැයි ඇමැතිවරයා කීය. මැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් යලි ආ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු ලෙස කියා සිටියේ යකඩ පොල්ලක් ගෙන එහි යෑමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවයි. මේ සිදුවීම පසුපස දේශපාලන පක්ෂ සිටින බව කීවද ජවිපෙ මේ සිද්ධියේ දී පසුපසින් නොව ඉදිරිපසින් සිටින්නේ යයිද හඳුන්නෙත්ති පැවසීය.

සයිටම් ආයතනය වසා දමන්නැයි කී ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධනට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන ඇමැති කිරිඇල්ල කියා සිටියේ සයිටම් ආරම්භ කෙළේ මේ ආණ්ඩුව නොවන බවත් එදා සයිටම් ආයතනය අනුමත කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන්නේ එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. වෙනුවට දිනේෂ් ගුණවර්ධනම බවයි.


+++++++++++++++++++++++++++++++

සරසවි සිසුන්ට පහරදීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි
(23.06.2017 – 19:02 +0530 – hirunews.lk/sinhala)

සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය පිළිබඳ කල් තැබීමේ විවාදය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදි පැවැත්වුනා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදාල යෝජනාව ඉදිරිපත් කරමින් පලමුව කරුණු දැක්වූ අතර, අනතුරුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දැක්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කිරීම නිසා සභාව තුල ඇති වුයේ දැඩි උණුසුම් තත්ත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *