වෛද්‍ය වර්ජනය තවදුරටත් – අද මහා සභා රැස්වීමේදී ඉදිරි පියවර ගැන තීන්දුවක්

(24.06.2017 – 07:16 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද තුන්වන දිනටත් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙමින් වැඩවර්ජනයක නිතර වනවා.

එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය සජිත් මල්ලවාරච්චි අප කළ විමසීමකදී කියා සිටියේ වර්ජනය නැවැත්වීමට තීන්දුවක් ගැනීම සඳහා ප්‍රමාණවත් පෙළඹවීමක් ආණ්ඩුව පාර්ශවයෙන් මේ දක්වා සිදුවී නොමැති බවයි.

එමෙන්ම අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී වර්ජනය පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට සහ සයිටම් විරෝධයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව වෛද්‍ය සජිත් මල්ලවාරච්චි වැඩිදුරටත් කියා සිටියා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම, තාවකාලිකව නවතා දැමීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීම සහ ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කර ගනිමිනුයි වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ.

සරසවි සිසුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී සිදුකළ විරෝධතාවයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධය පළ කරනවා.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ සහ පෙරේදා දිනවල දිවයිනේ රෝහල් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *