රාමඤ්ඤ නිකායේ මහ නාහිමිගෙන් විශේෂ නිවේදනයක්

(23.06.2017 – 19:38 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතමුන් දරන උත්සාහයන් පිලිකුලෙන් යුතුව හෙළා දකින බව රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් පවසනවා.

නාරාහේන්පිට රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන් වහන්සේගේ මෙම ප්‍රකාශය ඇතුළත් විශේෂ නිවේදනය ඉදිරිපත් කළා.

වර්තමානයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමස්ත ලංකා නියෝජිත මහා සම්මේලනය වන කාරක මහා සංඝ සභාවේදී සාකච්ඡා කොට ගන්නා ලද තීරණය පරිදි අති පූජ්‍ය මහා නායක මාහිමියන්ගේ විශේෂ නිවේදනය ඉදිරිපත් කරන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අත්තංගනේ ශාසනරතන ස්වාමීන් වහන්සේ විසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *