වර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි

(24.06.2017 – 12:40 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය සංගමය සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද දහවල් කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා සාර්ථක වූ බවයි ෴

++++++++++++++++++++++++

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය ජනපති සමඟ එකඟතා 4 කට පැමිණේ
(24.06.2017 – 14:07 +0530 – hirunews.lk/sinhala)

සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවේදී සයිටම් අර්බුදය සම්බන්ධයෙන් එකඟතා 4 කට පැමිණීමෙන් පසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීම සහ උපාධි ප්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කරන බවට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගේ හෝ එම කවුන්සිලයේ ස්වාධීනත්වයට හානි සිදුවීමට ඉඩ නොදෙන බවට එහිදී එකඟත්වයකට පැමිණි බවයි.

එමෙන්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවත්, ජනතාවට අගතියක් නොවන පරිදි විසදුමක් ලබාදීම සඳහා නව ප්‍රවේශයකින් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශවයේ එකඟත්වයක් ඇති වී තිබෙනවා ෴

++++++++++++++++++++++++

වෛද්‍ය වරු ජනාධිපති සමග සාකච්ඡා කළ කරුණු මෙන්න…
(24.06.2017 – lankatruth.com)

අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී,

01. සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රධානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් සිදු කර අවසන් කරන බවට
02. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවට
03. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ජනාධිපතිවරයා ලෙස කිසිසේත් ඉඩ ලබා නොදෙන බවට
04. සයිටම් අර්බුදය තුළින් පැන නැඟුණ මූලික ගැටලු සඳහා ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුමක් ලබාදීම සඳහා නව ප්‍රවේශයකින් යුතු වැඩපිලිවෙලක් ආරම්භ කිරීම

යන කරුණු 04 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාවයකට පැමිණි බව එම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදීද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය සංගම්, වෛද්‍ය පීඨවල පිඨාධිපතිවරු, වෛද්‍ය පීඨවල ආචාර්ය සංගම් ඇතුළු පාර්ශව ගණනාවක් එක්ව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙදී ඉදිපත් කළ කරුණු පහකින් සමන්තවිත යෝජනාවලිය පාදක කරගෙන මෙම සයිටම් අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බැවින් වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි ෴

********************************

උදය ගම්මන්පිළ ගැන හෙළ උරුමයෙන් හෙළිදරව්වක්
(23.06.2017 – 18:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඔත්තුකරුවෙකු ලෙස තම පක්ෂය තුළ කටයුතු කළ බවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා චෝදනා කරනවා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පසුගිය දා පැවති මාධ්‍ය හමුවලදී එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදීම සදහා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

Road rage triggers massive crash in California

Apparent case of road rage triggers horrifying chain-reaction crash in Santa Clarita, California. At least one person was injured in the incident. http://abcn.ws/2t0b6fa

Posted by ABC News on Thursday, June 22, 2017

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *