තැපැල් වෘත්තීය සමිති නැවතත් වර්ජනයකට සැරසෙති

(23.06.2017 – lankatruth.com)

තැපැල් කාර්යාල විකිනීමට හා සේවා ව්‍යාවස්ථාමට ගැටළු නොවිසඳීමට එරෙහිව ලබන 26 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යාමට වෘත්තිය සමිති තීන්දු කර ඇති බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ කොටුව ප‍්‍රධාන තැපැල් කාර්යාලය (GPO), නුවරඑළිය, මහනුවර, ගාලු කොටුව යන තැපැල් කාර්යාල විකිණීමට, පැවරීමට එරෙහිව සහ 6/2006 චක‍්‍ර ලේඛණයට සම්බන්ධ සේවා ව්‍යවස්ථාමය ගැටළු විසඳා ගැනීමට පාලකයින් සමග වසර ගණනාවක් සිට සාකච්ඡා කළත් පාලකයින් ඉන් පලක් නොවූ බැවින් පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සාර්ථක වැඩවර්ජනයක නිරතවූ බව එම නිවේදනයෙන් සඳහන් කරන ජගත් මහින්ද මහතා අවධාරණය කරන්නේ පාලකයින් තව දුරටත් බිහිරි අලින් සේ විසඳුම් ලබා නොදී කල්මැරීමට විරෝධය දක්වමින් මෙසේ යළිත් වැඩවර්ජනයකට එළඹීමට තීරණය කළ බවය.

ඒ නුව ලබන 26වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට වෘත්තිය සමිති තීන්දු කර ඇති බවත් එම වැඩ වර්ජනය සාර්ථක කර ගැනීම හා ජයග‍්‍රහණය කර ගැනීම සඳහා ලංකා තැපැල් සේවා සංගමයද එය වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කරන බවත් එහි සභාපති ජගත් මහින්ද මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරයත් සඳහන් වේ.

*****************************************

ඩෙංගු 69,380 ඉක්මයි
(24.06.2017 – 12:56 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 69,380 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු මරණ 200 ක් සිදුවී ඇති අතර, රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

පාසල් ළමයින් අතර ඩෙංගු රෝගය පැතිරීම ද සියයට 20 කින් පමණ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

විශේෂයෙන් ඩෙංගු වාහක මදුරුවන් පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ සක්‍රියව සිටීම ඊට හේතුවයි.

මේ නිසා පාසල්වල දිනපතා පෙරවරු 11 සිට 12 දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4 ක් අතුරෙන් වැඩිම සංකූලතාවක් සහිත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසය වැඩි වශයෙන් දක්නට ලැබීම නව ප්‍රවණතාවක් බව ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *