අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි….

(24.06.2017 – 23:05 +0530 – lankacnews.com)

රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය රජයට පවරා ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ විරෝධය පල කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කලේ විහාරාධිපති හිමියන්ගේ අවසරයකින් තොරව සාංඝික දේපල රජයට පවරා ගැනීම වරදක් බවයි.

+++++++++++++++++++++++++++++++++

කොළඹ ඩෙංගු පාලනය කිරීමේ කඩිනම් වැඩසටහන් අදින් ඇරඹෙයි
(24.06.2017 – 17:03 +0530 – sinhala.adaderana.lk)

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අද (24) සිට ආරම්භ කර තිබේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් මේ සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ මෙම වැඩසටහන ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනට අනුව සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනවල නිවාස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම අධි අවධානම් කලාප ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *