රටේ අර්බුදයට ජනතාවත් වගකිව යුතුයි – ලාල් කාන්ත

(24.06.2017 – 19:10 +0530 – hirunews.lk/sinhala)

රට පත්ව ඇති අර්බුදකාරි තත්ත්වයට ජනතාව ද වගකිව යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 12 වන මහා සමුළුවට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

වත්මන් ආණ්ඩුවට පාණ්ඩුව වැළදී ඇති බවත් එය වැළදුණු පුද්ගලයෙකුට තමන් සිදුකරන දේ සම්බන්ධයෙන් තේරුමක් නොමැති බවත් ඔහු සදහන් කළා.

වත්මන් ආණ්ඩුවත් එවැනි එකක් බව සදහන් කළ ඔහු කියා සිටියේ මෙවැනි ආණ්ඩුවලින් රටක් සංවර්ධනය කළ බවට ලොව කිසිදු තැනක සදහනක් නොමැති බවයි.

රට පත්ව ඇති අර්බුදයට ජනතාව ද වගකිව යුතු බව සදහන් කළ ඔහු පෙන්වා දුන්නේ හොරු, දුෂිතයින් බව දැන දැනත් ජනතාව එවැනි පුද්ගලයින්ටම මැතිවරණයකදී ඡන්දය ලබාදෙන බවයි.

**************************************

අන්තරේ ළහිරු වසර 9 ක් සරසවියේ ඇමති කිරිඇල්ල කියයි
(24.06.2017 – 19:18 +0530 – hirunews.lk/sinhala)

පන්ති වර්ජනය කරන බහුතර සරසවි සිසුන් යළි අධ්‍යාපන කටයුතුවල නිරත වීමට කැමැත්තෙන් සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර වසර 9 ක් පුරා විශ්වවිද්‍යාලයේ සිටින බවයි.

ඔහු විවාහ වී සිටින අයෙකු බව ද අමාත්‍යවරයා සදහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *