දොස්තරලා වර්ජන කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.. – සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා

(25.06.2017 – 13:20 +0530 – lankacnews.com)

‘‘ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණයි’’ යයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යෙවිදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සයිටම් නොහොත් මාලඹෙී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකචිඡාවක් පැවැත්වුනා. එහිදී ජනාධිපතිවරයා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති සහ යෝජනා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දී තිඛෙනවා. ඒ බව සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුවත්පත් දැන්වීම් පළ කරමින් ජනතාව දැනුවත් කළා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, වෛද්‍ය පීඨය කළමණාකරණය කිරිම සදහා කළමණාකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම, රෝහලේ අයිතිය කොටස් වෙළෙදපොලට නිකුත් කිරිම, සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, අවසන් විභාගය සමත් වූ සිසුන්ට මාස 06 ක පුහුණුවක් ලබාදී සනාථන සභාව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයෙන් පසු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරිම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති තීන්දු වෙනවා. මෙම ප්‍රතිපත්ති මාලාව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ පසු එය ගැසට් කර ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ඉන් පසු රෝහල රජයට පවරා ගැනීමෙන් සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරනවා. එම ප්‍රතිපත්ති තමයි ජනාධීපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ. එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස නිකුත් කිරිමට ද එකඟත්වයට පැමිණ තිඛෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා කලින් කිවුවා නම් මෙවැනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර අහිංසක රෝගීන් අසීරුතාවයට පත් කිරීමෙි අවශ්‍යතාවයක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක් දියත් කර ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි. එය අනවශ්‍ය දෙයක්.

වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා සරසවි සිසුන් ආයුධ අතට ගන්න දිනය වැඩි ඈතක නොවෙයි කියලා. දරුවන්ට ආයුධ අතට ගන්න කියලා පෙන්වා දෙන බුද්ධිමතුන් ඉන්නේ මොන රටේ ද. 1971, 1988, 1999 කාලයේ ද තරුණයන් අවි අතට අරගෙන කළ විනාශය කවුරුත් දන්නවා. උතුරේ තරුණයින් අවි අතට ගෙන කළ සටන නතර කිරීමට වසර 30 ක් ගත වුනා. එම නිසා වෛද්‍යවරුන් කියනවා නම් ආයුධ අතට ගන්න කියලා ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. බුද්ධිමතුනුත් නොවෙයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

+++++++++++++++++++++++++++++++

විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි
(25.06.2017 – 13:20 +0530 – sinhala.adaderana.lk)

මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත කරුණු මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් ආයතනය සඳහා සිසුන් බදවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගු භාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට සහ අපක්ෂපාතීත්ත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදුනොවිය යුතු බව රජය විසින් ගෙන ඇති තීරණ වේ.

සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පුර්ණ කර ඇති ශිෂ්‍යයින්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රවේදයක් සකස් කිරීම රජය ගෙන ඇති තවත් තීරණයක් බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

එමෙන්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද නියමිතය.

මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සැලසීමට නියමිත බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි ෴

++++++++++++++++++++++++++++++++++


***************************************

හොඳම නිළිය සම්මානය අරන් වේදිකාවේදී උමාලි, සාරංගට කියපු දේ මෙන්න – වීඩියෝ
(25-06-2017 – sinhala.adaderana.lk/webgossip)

13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුණ රඟහලේදී.

මෙම සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය සම්මානය උමාලි තිලකරත්නට හිමිවුණා.

එම සම්මානය ලබාගැනීමට වේදිකාවට උමාලි පැමිණියේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් මොහොතකයි.

ඒකට හේතුවුණේ එම අවස්ථාවේ සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි.

පසුගිය කාලය පුරාම පුවත් මැවූ චරිත දෙකක් වුණු සාරංග සහ උමාලිගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

උමාලි විශිෂ්ඨතම නිළිය සම්මානය ලබාගත් පසු සාරංග ගැනත් සිය සතුට පලකළා.

සතුටු කඳුලු පිරි දෙනෙතින් උමාලි සිය අදහස් පලකළේ මෙලෙසින් :

++++++++++++++++++++++++++++++

වෙන්වී සිටින සාරංග උමාලි රාජකාරී මට්ටමින් එක්කළ රයිගම් උළෙලේදී උමාලිගෙන් සාරංගට හින්ට් පාස් වෙයි
(25.06.2017 – gossiplankanews.com)

ඊයේ (24) නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ රයිගම් ටෙලීස් 2016 සම්මාන උළෙල ජනප්‍රිය ටෙලිනාට්‍ය ශිල්පීන් යුවළකගේ ආදර හුටපටයට අදාළ කාරණා වේදිකාව මත නොකියා කියැවුණ තැනක් බවට පත් වුණා.

රයිගම් ටෙලි උළෙලේ වසර ගණනාවක සිට නිවේදකයා ලෙස කටයුතු කරන ටෙලි නළු සාරංග දිසාසේකරට මෙවර එහි හොඳම නිළිය ලෙස ඔහුගේ විවාහක භාර්යාව වන උමාලිගේ නම කියන්නට සිදුවීමත් එයින් පසු ඇයව වේදිකාව මත කෙටි පිළිසඳරක් සඳහා රාජකාරී මට්ටමින් යොමුවන්නට සිදුවීමත් දෛවෝපගත අවස්ථාවක් බවට පත් විය.

මින් මාස කිහිපයකට පෙර සිට වෙන්ව සිටින සාරංග උමාලි අතර එහිදී ඇතිවූ සංවාදයේදී උමාලි කියූ කරුණුත් සාරංගගේ මුහුණේ ඉරියව් වලිනුත් තවදුරටත් ඔවුන් වෙන්ව සිටින බව පැහැදිලි වූ නමුත් උමාලි තවමත් සාරංගට ආදරය කරන බවට ඉඟි පළවුණා.ඇය ඇතැම් තැන්වල කියා සිටි වචන නිශ්චිතවම සාරංග ඉලක්ක කර කියැවුණ අතර ඇය සංවාදය අවසන් කළේද ඇයට සම්මාන හිමිවූ ටෙලියේ තේමා ගීතයේ කොටසකින් ‘හිත්වල කෝ බන් ආදරේ…‘ යන වැකිය දෙවරක් හඬගාමිනි.

එම සංවාදය පහත පරිදිය :

සාරංග
සුබ පැතුම් ජාතික මට්ටමේ සම්මාන උළෙලක හොඳම නිළිය සම්මානය ඔබට ලැබෙන්නෙ ප්‍රථම වතාවට. මොනවගේ අත්දැකීමක්ද මොනවිදියේ අදහසක්ද මේ වෙලාවෙ තියෙන්නෙ?

උමාලි
හොඳම නිළිය සම්මානය ලැබෙන්නෙ පළමුවෙනි වතාවට. ඒ වුණාට මීට කලින් සම්මාන ලැබිල තියනවා. ඒවුණාට ඒ සම්මාන එකක්වත් ගන්න මං ලංකාවෙ හිටියෙ නැහැ. මේ වතාවෙ කලාකරුවන් වන අපට කරපු මේ ගෞරවය නිසා මං තීරණය කළා මේකට සහභාගි වෙන්න. ඉතින් හුඟක් සතුටුයි ඔයා මේ මයික් එක මෙහෙම අල්ලන් ඉන්න එක ගැන..

සාරංග
(මද සිනා..) සුබ පැතුම් 2016 වසරේ විශිෂ්ටතම නිළිය උමාලි තිලකරත්න…

උමාලි
(නැවත කිව යුතු දෙයක් ඇති බව හඟවයි – සාරංග මයික් එක ළං කරයි)
සමාවෙන්න පොඩ්ඩක් කාලය ගන්නවට. මට මේ සම්මානය හමුවෙන්නෙ නූරි කියන කෙනා වෙනුවෙන්. නූරි කියන කෙනා මට විතරක් අයිති කෙනෙක් නෙමේ බොහීමියානු කණ්ඩායමේ සියලුම දෙනාට. නූරි අයිතියි. ඒවගේම බොහීමියානුවා නාට්‍යය විකාශය නොවූ අවස්ථා කිහිපයකදීම ප්‍රේක්ෂකයො අපිත් එක්ක හිටියා. ඒ ප්‍රේක්සකයො තමා නිරන්තරයෙන් එය අවසානය කරා ගෙන යන්න ශක්තියක් වුනේ. ඒ ප්‍රේක්ෂකයො හැමෝම හුඟක් ආදරයෙන් මතක් කරනවා. රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා..
(සාරංග නිසොල්මන්ය)

ඉතින් තිලකා අම්මට ස්තූතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී. (සාරංග නිසොල්මන්ය)
මට අවංකව ධෛර්යවන්ත වෙන්න උදව් කළ හා අධෛර්යමත් වෙන්න උත්සාහ කරවනවනම් ඒ හැමොටමත් ස්තූතියි. මගෙ අම්ම තාත්තා හින්ද තමයි මම ජීවතුන් අතර ඉන්නෙ. ඒ ආදරය ජීවිතයෙන් උදුරගත්තු කතාවක් තමයි අපි ඔයගොල්ලන්ට කියන්න හැදුවේ. ඒ හැමෝම වෙනුවෙන් මං මේ පේලි දෙක ගායනා කරනවා.

‘රැවුලක් වැව්වට චේගුවේරා වගේ.. මත්වී හිටියට බොබ් මාලෙ වගේ.. හිත්වල කෝ බන් ආදරේ… හිත්වල කෝ බන් ආදරේ… Thank You‘

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *