• මංගල සමරවීර දේශද්‍රෝහියෙක් – රියර්අද්මිරල් සරත් විරසේකර මහතා (ඉතාලි⁣යේදී – විඩියෝ)

(25.06.2017 – nethnews.lk)

වඩමාරච්චි මෙහෙයුම නවත්වාලූ මොහොතේ ‘ කොබ්බෑකඩුවගේ දෑසින් කඳුළු ගැලූ හැටි ‘ ඉතාලියේදී හෙළිවූ අයුරු

වඩමාරච්චි මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළ අවස්ථාවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ දෑසින් කඳුළු පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ ඉතාලි⁣යේ ෆිරෙන්සි නගරයේදී කරනු හෙළිදරවු කෙරුණා.

ඒ, රියර්අද්මිරල් සරත් විරසේකර මහතා විදේශගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ “වියත්මග” දෙවන වැඩ සටහන අමතමින් කතාකළ අවස්ථාවේදීයි.

FB Link

වඩමාරච්චි මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළ අවස්ථාවේ මේජර් ජෙනරාල් …

වඩමාරච්චි මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළ අවස්ථාවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ දෑසින් කඳුළු

Posted by Neth News on Saturday, June 24, 2017

++++++++++++++++++++++++++++++

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මුල්වරට කොටි යුද අපරාධ හෙළිවෙයි
(25.06.2017 – divaina.com)

කොටි සංවිධානය පරාජය වීමෙන් පසු අට වසරක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ පිනුම් ගැසුවේ කොටි ඩයස්‌පෝරාවයි. ප්‍රංශය, ස්‌විස්‌ටර්ලන්තය, කැනඩාව සහ බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වූ මේ ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා යොමු කරනු ලැබීය.

පසුගිය ජුනි මස 14 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී මෙම ඊළාම්වාදී සංවිධාන ‘උතුරේ අධ්‍යාපනය හමුදා පාලනයට නතුවෙලා’ යන තේමාව යටතේ රැස්‌වීමක්‌ පවත්වමින් යාපනය විශ්වවිද්‍යාලයේ සියයට 60 ක්‌ සිංහල සිසුන් සිටින බවත්, ද්‍රවිඩ සිසුන්ට ඉඩක්‌ නැති බවටත් ප්‍රකාශ කරනු ලැබීය.

එහෙත් ජුනි 15 දා සවස ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ මුල්වරට සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් කොටි පවසන්නේ සාවද්‍ය තොරතුරු බව අනාවරණය කරනු ලැබීය. රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමට කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ක්‍රියාකාරියකු වූ ඉන්දියාවේ බැංගලෝරයේ පෝල් නිව්මන්, ප්‍රංශ ඊළාම් සංවිධානයේ බොස්‌කෝ, කොළඹ වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන සෙන්ටර් හියුමන් රයිට්‌ස්‌ ඇන්ඩ් ඩෙවලප්මන්ට්‌ සංවිධානයේ නිරංජලා අරුල්නන්දි, ස්‌විස්‌ටර්ලන්තයේ පීබුක්‌ නගර සභාවේ මන්ත්‍රීනි නීලා මානික්‌ක වාසගර් යන තවත් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ සහභාගි වූහ.


මෙහිදී පෝල් නිව්මන් ‘‘ඔබ යුද අපරාධකරුවෙක්‌; එහෙම අයෙක්‌ මානව හිමිකම් ගැන හඬනගන්නේ කෙසේද ?’’යි ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දැක්‌වූ රියර් අද්මිරාල්වරයා මට යුද අපරාධකරුවෙක්‌ කියා කිසිම වාර්තාවක්‌ නැහැ. අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස කියා සිටියේය.

එහෙත් පෝල් නිව්මන් කෑගසමින් ද්‍රවිඩයන් 70000 ක්‌ පමණ ඝාතනය කරලා තිබෙනවා යෑයි පවසනු ලැබීය.

ද්‍රවිඩයන් 70,000 ක්‌ ඝාතනය කර ඇත්නම් ඒ ඝාතනය වූ අයගේ උප්පැන්න සහතික කොහේද යෑයි ප්‍රශ්න කිරීමෙන් පෝල් නිව්මන්ට කටඋත්තර නැතිවිය. එසේම ඔබ ත්‍රස්‌තවාදියෙක්‌ වෙනුවෙන් හඬනගනවා යෑයි රියර් අද්මිරාල්වරයා නිව්මන්ට දැඩි ලෙස ප්‍රතිචාර දැක්‌වීය.

2009 මැයි 13 වැනිදා වනවිට එක්‌සත් ජාතීන්ගේ වාර්තාවේ අඩංගු වී තිබුණේ කොටි ඇතුළු සිවිල් වැසියන් 7231 ක්‌ මරුමුවට පත්වූ බවයි. එසේ නම් මැයි 13 දා සිට මැයි 19 තෙක්‌ 70,000 ක්‌ මරුමුවට පත්වූ බවට එල්ල වන චෝදනාව විශ්වාස කළ හැකිද යෑයි රියර් අද්මිරාල් සරත් වීරසේකර කොටි හිතවාදී පෝල් නිව්මන්ට අභියෝග කළේය. මේ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකු වූ ජනිත් විමල, පොල් නිව්මන්ගෙන් ප්‍රශ්නයක්‌ අසමින් කොටි සංවිධානය නැගෙනහිර පොලිස්‌ භටයන් 600 ක්‌ මැරුවා. විශේෂ කාර්ය බළකා භට පිරිසේ මමත් සිටියා. ඔවුන් මරා වළදමා තිබූ ස්‌ථානයට මා ගියා. එය සංහාරයක්‌ නොවේද යෑයි විමසනු ලැබීය.

‘‘පොලිස්‌ නිලධාරීන් ඝාතනය කළේ කරුණා නමැත්තායි’’ යෑයි නිව්මන් ඊට ප්‍රතිචාර දැක්‌විය.

මෙහිදී රියර් අද්මිරාල්වරයා පෝල් නිව්මන් ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව දැඩි ප්‍රතිචාරයක්‌ දැක්‌විය.

‘‘මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය සත්‍යාදේවි අපේ නාවික හමුදාව අළුයම 3.30 ට මුලතිව් මුහුදේදී අල්ලා ගත්තා. ඇය ඒ අවස්‌ථාවේ තමා සුසෙයිගේ බිරිය බව පැවසුවා. එහෙත් අපේ නාවික හමුදාව ඇයට කරදරයක්‌ කළේ නැහැ. ඇය අද සුවසේ ජීවත් වෙනවා. මානව හිමිකම් මුළුමණින්ම උල්ලංඝණය කළේ කොටි සංවිධානයයි. මා නිදසුනක්‌ කියන්නම්. අත්අඩංගුවට පත්ව සිටි අපේ සෙබළුන්ගේ සිරුරු රජයට බාරදීමට කොටි ක්‍රියාකළ විට මගේ නාවුක බෝට්‌ටුව එම සිරුරු භාර ගත්තා. බෝට්‌ටුවේදී මා සිරුරුවලට පොරවා තිබූ රෙදි ඉවත් කළාම දුටු දර්ශනය නිසා කම්පනයට පත්වුණා.

ඝාතනය කළ සෑම සෙබළකුගේම ඇස්‌ උගුල්ලා, රහස්‌ අවයව පවා කපා දමා වධ හිංසා පමුණුවා තිබුණා. මේ සෙබළු අත්අඩංගුවේ පසුවූ සිරකරුවන්. එහෙත් ඒ ගැන මානව හිමිකම් උල්ලංඝණය වූ බවට කොටින්ට චෝදනා එල්ල වුණේ නැහැ’’ යැයි රියර් අද්මිරාල්වරයා කොටි සංවිධානය සිදුකළ බිහිසුණු ක්‍රියා හෙළිකළේය.

කොටි සංවිධානය සිදුකළ අමානුෂික ක්‍රියා ගැන මෙලෙස තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාව සමඟ නිරතුරුවම සාකච්ඡා පවත්වන ඩේවිඩ් වෙහෙලි නමැත්තා ඉවසාගත නොහැකිව ශාලාවෙන් පිටව ගියේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මුල්වරට මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගෙන සිටි කොටි ඩයස්‌පෝරාවට අභියෝගයක්‌ කිරීම නිසා ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය. ජුනි 15 දා මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීමක්‌ පැවැත්වෙන බවට සඳහන් වූ නිවේදනය මානව හිමිකම් කවුන්සිලය තුළ සහ අවන්හලේදී බෙදාහැරීමට කටයුතු කර තිබුණි.

මේ නිවේදනය ඇතුළත් පත්‍රිකාව මානව හිමිකම් කවුන්සිලයට එන විදේශිකයන්ගෙන් වසන් කිරීම සඳහා එය සැඟවීමටද කොටි ඩයස්‌පෝරාව ගත් උත්සාහයක්‌ අසාර්ථක විය.

මෙදින මානව හිමිකම් කවුන්සිලයට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ වූ නිමල්කා ප්‍රනාන්දු සහ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුභාකරන් ද පැමිණ සිටි නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ රැස්‌වීමට සහභාගි වීමෙන් වැළකී සිටියේය.

කොටි ඩයස්‌පෝරාවට අභියෝග කිරීමේ මෙම රැස්‌වීම සඳහා ඉතාලියේ මෝදනා නුවර සිට දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් රැසක්‌ පැමිණ සිටියහ.

මේ පසුබිම මැද ප්‍රංශයේ සිට පැමිණි බව පැවසූ බොස්‌කෝ නමැත්තා මහ හඬින් කෑගසමින් ද්‍රවිඩ නිජබිමේ හමුදාව රැඳී සිටිනවා, ඇයි ඔවුන්ව ඉවත් නොකරන්නේ යෑයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නිජබිමක්‌ නැහැ. එසේ නම් වැල්ලවත්තේ විශාල ද්‍රවිඩ ජනතාවක්‌ ඉන්නේ කෙසේද? වැල්ලවත්තේ ද්‍රවිඩ නිජබිමක්‌ද යෑයි රියර් අද්මිරාල්වරයා ප්‍රතිචාර දැක්‌වීය.

“අපි කොටින්ගේ වලිගයට ගහලා වැනසුවා. නමුත් නුඹලා විදේශ රටවල සිට කොටි ඩයස්‌පෝරාව මෙහෙයවනවා. මෑතකදී උතුරේ ජනතාවට ලේ අවශ්‍ය වුණා. නුඹලා ශ්‍රී ලංකාවට ඇවිත් ලේ දුන්නාද? යාපනයේ සිටින අපේ සෙබළුන් තමයි උතුරේ ජනතාවට ලේ දුන්නේ යෑයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්‌ථාවේ ස්‌විස්‌ටර්ලන්තයේ පීබුක්‌ ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රිනියක්‌ යෑයි හඳුන්වා ගන්නා නීලා මානික්‌ක වාසගර් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකරන අයුරු අන්තර්ජාලයේ තිබෙන බවට චෝදනා කළාය.

ඇගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ රියර් අද්මිරාල්වරයා නුඹ ශ්‍රී ලංකාවට පැමිණ තිබේද යෑයි විමසීය. අන්තර්ජාලයේ පළවන සෑම දේම විශ්වාස කළ හැකිද යෑයි හෙතෙම ඇගෙන් ප්‍රශ්න කළේය.

කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මෙම රැස්‌වීමට පැමිණියේ රියර් අද්මිරාල් ඇතුළු ගෝලීය සංසදයේ කණ්‌ඩායමට හොඳහැටි ප්‍රහාර එල්ල කිරීමටය. එහෙත් කොටි ඩයස්‌පෝරාව ගෙනයන සාවද්‍ය චෝදනා එකින් එකට නිසි ප්‍රතිචාර දැක්‌වීමෙන් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් අන්දමන්ද විය. මේ රැස්‌වීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ද නිලධාරියකු එවා තිබුණි. ඊට අමතරව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන සෂිකා පැමිණ රැස්‌වීමේ සිදුකෙරෙන ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

අපට අමතරව වත්මන් රජය යටතේ ජිනීවා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියකු වූ ප්‍රගීත් ද රැස්‌වීම් ශාලාවට පැමිණ නිරීක්‍ෂණයේ යෙදී සිටියේය. මේ නිරීක්‍ෂණවල අරමුණ වූයේ ශ්‍රී ලංකා රජය විවේචනයට ලක්‌වන්නේද යන්නයි. එසේ වුවත් රියර් අද්මිරාල් තම කට වසා ගත්තේ නැත.

එහෙත් ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැන්වූයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතාවය මත බවද රියර් අද්මිරාල්වරයා අවධාරණයෙන් පළකළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු ශ්‍රී ලංකාවේදී පැවසුවේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ඇමරිකාවද සම්බන්ධ බවයි යෑයි සරත් වීරසේකර මහතා කියා සිටියේය.

මේ අවස්‌ථාවේ පෝල් නිව්මන් ප්‍රකාශයක්‌ කරමින් මානව හිමිකම් කොමසාරිස්‌වරයා වැදගත් නිලධාරියකු බවත් ඔහුට චෝදනා නැගීම වැරදි බවත් පවසනු ලැබීය.

‘‘ඇමරිකානු හමුදාව අල්කයිඩා නායක බින් ලාඩන්ව ඝාතනය කරන විට මානව හිමිකම් කොමසාරිස්‌ සිටියේ කොහේද ? ඔහු අද වනතුරු ඒ ගැන විමර්ශනයක්‌ කළේ නැහැ. ප්‍රභාකරන්ගේ සහ කොටි සංවිධානයේ මානව හිමිකම් ගැන හඬනගන මානව හිමිකම් කොමසාරිස්‌වරයා බින් ලාඩන් ඝාතනය ගැන නිහඬ වූයේ ඇයි? ඒ වගේම මානව හිමිකම් මුවාවෙන් ඔහුට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට සහ අධිකරණ ව්‍යුහයට මැදිහත් විය හැකිද ?’’ යැයි රියර් අද්මිරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙයට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරන රැස්‌වීමක්‌ පැවැත්වූයේ නැත. එහෙත් මුල්වරට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වැරදි සහගත මෙහෙයුමක නිරතවන බවට රියර් අද්මිරාල්වරයා චෝදනා කළේය.

මේ පසුබිම මැද විවිධ ඊළාම්වාදී සංවිධාන හතකට අධික සංඛ්‍යාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක්‌ මරාදමා ඇති බවටත් තවත් 14,7000 ක්‌ අතුරුදන් කර ඇති බවටත් චෝදනා නැගූහ.

එහෙත් මේ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට රජයේ කිසිදු නියෝජිතයකු පැමිණ සිටියේ නැත.

මෙලෙස කොටි හිතවාදීන් ද්වේශසහගත චෝදනා එල්ල කරද්දී ශ්‍රී ලංකාවේ සිට 22 ක පිරිසක්‌ මහජන මුදල් අති විශාල ප්‍රමාණයක්‌ වැය කරමින් ජිනීවා ජාත්‍යන්තර කම්කරු සමුළුවට එවා තිබුණු එම පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද විය. රුපියල් කෝටි 3 කට අධික මුදලක්‌ වැය කරමින් ජිනීවා වෙත එවා තිබූ මොවුන් අතර පිරිමි හෙදි සමන් රත්නප්‍රිය, ජාතික සේවක සංගම් ප්‍රධානියාද විය. මව්බිමට එරෙහිව කොටි සාවද්‍ය චෝදනා එල්ල කරද්දී මේ කිසිවකු කොටි ඩයස්‌පෝරාවට විරුද්ධව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ රැස්‌වීමට පැමිණ සිටියේ නැත. මෙයට පෙර මාර්තු මස සමන් රත්නප්‍රිය නමැත්තාට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණීමේ වාසනාව හිමිවී තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා රජය සංහිඳියාවට එරෙහිව ක්‍රියාකරන අයට දැඩි පියවර ගන්නා බවට මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීම්වලට සහභාගි වී සිටි අපට වාර්තා විය.

එහෙත් ඒ වන විට එනම් ජුනි 19 දා සවස කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ ‘සංක්‍රාන්ති යුක්‌තිය මුවාවෙන් ද්‍රවිඩ ජාතිය විනාශ කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන’ බවට චෝදනා කරමින් රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

මේ රැස්‌වීම අමතනු ලැබුවේ වැල්ලවත්තේ කින්රෝස්‌ මාවතේ සී. එච්. ආර්. ඩී. නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන අරුල්වතානා සුන්දර් රාඡ්, නිරංජලා අරුල්නන්දි සහ විපතට පත්වූවකු බව පවසන ප්‍රභාකරන් සෙල්වරාඡ් ඇතුළු කොටි හිතවාදීන් පිරිසකි.

ශ්‍රී ලංකා රජය විපතට පත්වූවන් තවදුරටත් විපතට පත්කරනවා. ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ යෑයි මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මානව හිමිකම් කමිටුව අමතමින් චෝදනා නැගූහ.

ඊළාම් සංවිධාන හතරක්‌ මෙම සුන්දර්රාඡ් සහ අරුල්නන්දි නමැත්තියන්ට සහය වූහ. ඊට සාක්‍ෂි අප සතුව ඇත. එසේ නම් ශ්‍රී ලංකා රජය සහ පොලිසිය සංහිඳියාව කඩාකප්පල් කිරීමට සැලසුම් කරන මොවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද?

වැල්ලවත්තේ පිහිටි සී.එච්.ආර්.ඩී. නමැති රාජ්‍ය නොවන සංවිධානය ප්‍රසිද්ධියේම ඊළාම් ඩයස්‌පෝරා සංවිධාන සමඟ එක්‌වෙමින් මාස 20 ක්‌ ගතවී ඇතත් විපතට පත්වූවන්ට යුක්‌තිය ඉටුවී නැති බව දක්‌වමින් සංහිඳියාව විවේචනය කරනු ලැබීය.

එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකාවට ස්‌වයං පාලනය ලබාදිය යුතු බව පවසමින් එකී ඊළාම් සංවිධාන හතර මානව හිමිකම් කවුන්සිලය තුළ තවත් රැස්‌වීමක්‌ පවත්වනු ලැබූ අතර යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බව පවසන සුභාෂ් කනගරත්නම් එම රැස්‌වීම අමතනු ලැබීය.

මෙලෙස කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික කොටි හිතවාදීන් සමග එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන අවස්‌ථාවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මානව හිමිකම් සමුළුව තුළ පැවැත්වූ කොටි විරෝධී රැස්‌වීම කඩාකප්පල් කිරීමට සූරිච් නුවරදී සැලසුමක්‌ දියත් වී තිබුණි. දේශපාලන රැකවරණ ලැබූ සිංහලයකුද සම්බන්ධ වූ එම සැලසුම මුළුමණින්ම අසාර්ථක විය.

එසේ වුවත් මේ සියලු කුමන්ත්‍රණ සහ සැලසුම් පරදවා මෙවර ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපතිවරයකු වූ චන්ද්‍රකුමාර්, හිටපු විශේෂ කාර්ය බළකා ජනිත් විමල, රියර් අද්මිරාල් සරත් වීරසේකර යන පිරිස ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ලැබීය.

කොටින්ට එරෙහි යුද්ධය අවසන් කරමින් වසර අටක්‌ ගතවන අවස්‌ථාවේ හිටපු රජය සහ වත්මන් රජය පවා මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි යුද අපරාධ හෙළිකිරීමේ රැස්‌වීමක්‌ පැවැත්වීමට ක්‍රියාකළේ නැත.

එහෙත් මාස දෙකක්‌ වැනි සුළු කාලසීමාවකදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් කොටින්ගේ සාවද්‍ය ප්‍රකාශවලට ප්‍රතිචාරය දැක්‌වූහ.

මේ අතර විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ට මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට හා එය තුළ රැස්‌වීමක්‌ පැවැත්වීමට ඉඩ ලැබීම ගැන ඊළාම් සංවිධාන අතර අර්බුදයක්‌ද මතුවී ඇත.

මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර ජීනීවා මානව හිමිකම් කවුන්සිලය දෙවැනි වරටත් අමතමින් හැකි නම් ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ යෙදී සිටින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලෙස අභියෝග කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌වරයාට අභියෝග කළ මුල්ම හමුදා නිලධාරියා රියර් අද්මිරාල්වරයායි.

– කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාව දෙකඩ කරන්නැයි ජිනීවා සමුළුවට යෝජනාවක්‌…
(25.06.2017 – divaina.com)

ශ්‍රී ලංකාව දෙකඩ කර ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනයක්‌ ලබාදීම සඳහා සාකච්ඡාවක්‌ ආරම්භ කරන ලෙස කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ටැමිල් උසාගම් නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යෝජනා කර ඇත. ශ්‍රී ලංකාව තුළ ස්‌වයංපාලනය ස්‌ථාපිත කිරීමේ යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූයේ ප්‍රථම වරටය.

ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් එකී සංවිධානයේ නියෝජිතයා මේ යෝජනාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඊට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ඉදිරිපත් වූයේ නැත.

ස්‌වයංපාලනය තුළින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන අයිතීන්, සිවිල් හිමිකම් සහ සමාජයීය අයිතිය ලබාදිය යුතු බවද දන්වා ඇත.

මෙම බෙදුම්වාදී යෝජනාවට කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ එස්‌. ඩී. සී. ඊ. නමැති ඩයස්‌පෝරා සංවිධානය ද සහාය දක්‌වා තිබේ.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය තුළින් ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය අහිමි වී ඇති බවද මෙම ඩයස්‌පෝරා සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *