සුවසිරිපායේ හානිය රු.කෝටිය පනී : රජයේ දේපොල හානි කරන කිසිවෙකුට අනාගතයේ දී රජයේ රැකියා නෑ

(26.06.2017 – 09:00 +0530 – lankaenews.com)

සුවසිරිපායේ හානිය රු.කෝටිය පනී : රජයේ දේපොල හානි කරන කිසිවෙකුට අනාගතයේ දී රජයේ රැකියා නෑ : මෙය 88-89 සේ ශිෂ්‍ය මර්දනයකැයි 88-89 ඉපැදී නොසිටි සිසුවෝ කියති

පෙරටුගාමී ජවිපෙ ඇතුළු ත්‍රස්තලැදි පක්ෂවල සාමාජිකයන් සමග අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ නායකයන් මෙහෙයැවූ පිරිස් විසින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපායේ දේපොල වලට කරන ලද හානිය රුපියල් කෝටිය ඉක්මවා ඇතැයි දැන ගන්නට ඇති අතර මේ මුදල් රටේ මහජනතාවගේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් යොදවන්නට තිබූ මුදල් බැවින් මීට පසු මහජන දේපොල වනසන සරසවි සිසුන් කෙතරම් ඉහලින් විභාග සමත් වුවත් රජයේ සේවයට බඳවා නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

රජයේ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේ දී මෙවැන්නන් ගැන සොයා බැලීම අතීතයේ දී සම්ප්‍රදායක්ව තිබූ නමුත් පසුගිය වනචර දශකයේ දී එයද අකර්මන්‍ය කර තිබේ.

ශ්‍රී ලංකාවට රාජ්‍ය සේවය පමණක් නොව සරසවි අධ්‍යාපනයද හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ තවමත් රජයේ සේවය පමණක් නොව පුද්ගලික අංශයේ සේවය සඳහා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා, සොරකම් ආදියට සම්බන්ධ වූ කිසිවෙකු කෙතරම් ඉහළ විභාග සමත් වුවද බඳවා ගන්නේ නැත. සෑම පුද්ගලයෙකුම රැකියාවකට තෝරා ගැනීමට පෙර මාස 3 ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුම ය. සෑම පුද්ගලයෙකුගේම අපරාධ ඉතිහාසය ඕනෑම පොලිසියකින් විනාඩි කිහිපයක දී ලබා ගත හැකිය.

මේ අතර ඉතාමත් තිරිසන් ආකාරයට හැසිරෙමින් තමන්ගේ වැඩිහිටියන් වැනි සෞඛ්‍ය සේවකයන්ට හිරිහැර කරමින් රජයේ දේපොල විනාශ කළ සිසු නායකයන් අත් අඩංගුවට ගැනීම පොලිසිය විසින් තියුණු කර තිබේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේෂ් මදුරංග නමැත්තෙකු සියඹලාන්ඩුවේ දී අත් අඩංගුවට ගෙන ඇත.

මෙය 88-89 යේදී මෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි දැවැන්ත මර්දනයක් යැයි 88-89 කාලයේ පත්තර විකිණූ කොලුවාත් මරා දැමූ පෙරටුගාමී සහ ජවිපෙ නායකයන්ගේ පදයට ක්‍රියා කරන අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අද සිටිනා සරසවි සිසුන් කිසිවෙකු 88-89 කාලයේ ඉපැදී සිටි අය නොවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *