සබීතාගේ බිල්ඩිමට බිලියන දෙකක් නිකරුනේ කුලී ගෙවලා.. කිසිම වැඩක් අරන් නෑ..

(26.06.2017 – 18:48 +0530 – lankacnews.com)

ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600 ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ලෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත‍්‍රීවරයා කියයි ෴

**************************************

61% බොන්නේ කසිප්පු නිසා බියර්-වයින් සදහා අලුත් බලපත‍්‍ර ක‍්‍රමයක් ගේනවා.. – මුදල් ඇමති ජාතික ප‍්‍රශ්නයක් විසදන්න සූදානම්..
(26.06.2017 – 11:20 +0530 – lankacnews.com)

මෙරට මත්පැන් පානය කරන පුද්ගලයින්ගෙන් 61% ක්ම බොන්නේ කසිප්පු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මේ නිසා බියර් හා වයින් සදහා නව බලපත‍්‍ර ක‍්‍රමයක් හදුන්වා දීමට සාකච්චා කරමින් දිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

++++++++++++++++++++++++++++

මේ පුද්ගලයා ජිවත් වෙන්නේ මේ රටේ මිනිස්සු එක්ක තරහින්. සංස්කෘතිය එක්ක තරහින්. මොහුට ඕනා මොනව හරි දෙයක් කියල මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස කරලා රට ‘හිපි රටක්’ කරන්න. දැන් බලන්න මහනායක හාමුදුරුවෝ හම්බුවෙන්න ගිහිල්ල මු කියන්නේ මත්පැන් ලයිසන් දීම ගැන. මොහු කරන්නේ මහනායක හිමියන්ට අපහාසයක්.

එදා බුදුපිළිමයක් සිරසින් අල්ලාගෙන එල්ලගෙන ගිහින් අපහාස කළා. ගංගාරාම පන්සල ආණ්ඩුවට ගන්න හැදුවා. බොරැල්ලේ බෝධිය කපන්න හැදුවා. සිංහලයාට සිදුවුණු අකටයුතුකම් සොයන්න පත්කළ කොමිසමේ වාර්තාව කුණු කුඩයට දාන්න කියල එකට අපහාස කළා. සමලිංගික වැඩමුළු පවත්වන්න පටන් ගත්තා. අපේ හමුදාවට කාලකන්නි හමුදාව කියල ඒකාලේ අපහස කළා. බීම වැඩිවෙන්නේ පෝය දාට බාර් වසන නිසා කියලත් මේ ඊයේ පෙරේදා කිව්වා. මොහු හා ‘චවුර රැජිණ) සහ ‘දතා’ සිටින්නේ මේ සිංහල ජාතිය හා බුදුදහම ගැන වෛරයෙන්. හේතුව මොවුන්ගේ අසම්මත ජිවන ක්‍රමය උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යන්න මේ සංස්කෘතිය ඉඩ නොදීම. මොහු දැන් මේ කරන්න හදන්නෙත් රට ජාතිය විනාස කරන අන්න ඒවගේ දෙයක්. මේ පුද්ගලයාගේ ක්‍රියාවන් හැම තිස්සෙම කරන්නේ රටට ජාතියට විරුද්දව.

– lankacnews.com පාඨකයෙක්

**************************************

මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් ඝන අඩි බිලියන 5 ක්‌ : ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන 9 ක්‌ – රජයේ ගිණුම් කාරක සභාව කියයි
(26.06.2017 – divaina.com)

මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් ඝන අඩි බිලියන පහක්‌ සහ ස්‌වාභාවික ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන නවයක්‌ පමණ ඇතැයි දැනට සොයාගෙන ඇත.

මේ බව පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන එම වාර්තාව ප්‍රකාශ කර තිබෙන්නේ වසර හැටක්‌ පුරා ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස්‌ අවශ්‍යතාව මෙමගින් සපුරාගත හැකිවන බවයි.

මෙම තෙල් ළිඳක කැණීමේ සිට නිෂ්පාදනය දක්‌වා වන ක්‍රියාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පනහක සිට ඇමරිකානු ඩොලර් බිලියනය දක්‌වා වියදමක්‌ දැරීමට සිදුවන බව ද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මන්නාරම ද්‍රෝණියේ එම් 2 කොටස මේ වන විට ගවේෂණ අදියරේ සිට සංවර්ධන අදියර දක්‌වා ළඟාවිය හැකි මට්‌ටමක පවතින බව ද එනිසා සුදුසු ආයෝජකයකු සොයාගැනීම මූලික අපේක්‍ෂාවවී ඇතැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය රජයේ ගිණුම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සභාපතිත්වය දරන රජයේ ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව මෙසේ සභාගත කරන ලදී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *