අපට වෙඩිතියන්න එපා කීවම සල්ලි අරන් පැනලා ගියා – රියදුරා කියයි

(26.06.2017 – 18:48 +0530 – sinhala.adaderana.lk)

වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

අද පෙරවරු 11.00 ට පමණ රාගම බැසිලිකා පාසල අසළදී මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් මාර්ගය හරස් කර වෑන් රථය නවතා කොල්ලය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

වෑන් රථය නවතා ගැනීම සඳහා කොල්ලකරුවන් එහි රෝදවලට වෙඩි තැබීමක් ද සිදු කර ඇති බවත්, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් පොලිසිය කියා සිටියි.

වෑන් රථයේ රියදුරු සිද්ධිය පිළිබඳ අදහස් පළ කරමින් අද දෙරණට කියා සිටියේ වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි සැලක සිට කඩවත ප්‍රදේශයේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත අදාළ මුදල් රැගෙන යමින් තිබූ බවයි.

මග හරස් කොට වෙඩි තබා වෑන් රථය නවතා ගත් පසු කොල්ලකරුවන් ටී.56 වර්ගයේ ගිනි අවි දෙකක් එල්ල කරමින් දෙපසින් පැමිණ වෙඩිතැබීමට උත්සාහ කළ බවත්, එහිදී තමන්ට වෙඩි නොතබන ලෙස ඇවිටිලි කිරීමෙන් පසු තමන් සමග සිටි ආයතනයේ නිලධාරියෙකු අත පැවති මුදල් උදුරාගෙන පලාගිය බවත් රියදුරා සඳහන් කළේය.

කොල්ලය සඳහා පැමිණි මෝටර් රථය සඳහා ව්‍යාජ අංක තහඩු භාවිත කර ඇති බව මේවන විට අනාවරණය වී තිබේ.

අදාළ අංක තහඩු රථ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක ගාල්කර තිබූ පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකින් ඊයේ රාත්‍රී ගලවා රැගෙන ගිය අංක තහඩු බවට අනාවරණය වී ඇත ෴

++++++++++++++++++++++++++++

**************************************

ගහපු පදයකුත් නැති බෙරේ පලුවකුත් නැති ක්‍රිකට් ක්‍රීඩාවේ බඩවල් පෙන්වමින් දයාසිරිලා තිලංගලා බඩ පිණුම් ගසති
(26.06.2017 – lankaenews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *