වර්ජනය නිසා තැපෑලේ කටයුතු අඩාලවෙයි

(27.06.2017 – 07:47 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ (26) මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

නුවරඑළිය , මහනුවර සහ ගාල්ල කොටුව තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

එම පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ.කාරියවසම් මහතා සඳහන් කළේ ඊයේ (26) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු මේ වන විටත් අඩාල වී ඇති බවය.

කෙසේවෙතත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළ කර තිබියදී වැඩ වර්ජනයක නිරත වීම අසාධාරණ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.‍

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් ද අද (27) සහ හෙට (28) වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය ෴

******************************************

ගුවන්සේවා අධිකාරී බිල්ඩිමේ මාසික කුලිය ලක්ෂ 60 යි.. ලොක්කෙකුට වැටුප ලක්ෂ 5 යි..
(27.06.2017 – 18:48 +0530 – lankacnews.com)

සිවිල් ගුවන්සේවා අධිකාරී බිල්ඩිමේ මාසික කුලිය ලක්ෂ 60ක් පමණ වන බව ඉරිදා ලංකාදීප පුවත් පත වාර්තා කර ඇත. තවද රජයේ සේවකයකු විසින් උපයන වැඩිම වැටුපට හිමිකම් කියන්නේද එම අධිකාරියේ ඉහල ප‍්‍රධානියෙකු විසිනි.

වාර්ෂිකව අධික ලාභ උපයන ආයතනයක් වන සිවිල් ගුවන්සේවා අධිකාරිය තමන්ගේම නිවහනට නොගොස් කල්මරමින් සිටින්නේ එහි ලොක්කන්ගේ මඩිය තර කර ගැනීමට බව එහි සේවකයින් පවසයි.

2016 වසර සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මිලියන 1660 කට වැඩි ආදායමක් ද මිලියන 1227 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති බව එහි 2016 වාර්ෂික වාර්තා කෙටුම් පතෙහි සඳහන් වේ. මිලියන 386 ක බදු ගෙවීමෙන් පසු මිලියන 881 ශුද්ධ ලාභයක් වාර්තා කිරීමටමෙම ආයතනය සමත්ව ඇත.

– lanka air

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *