දඹර අමිල හිමි, සරත් විජේසූරිය, වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය ඉන්න ඕනෑ පිස්සන් කොටුවේ…. වැරදීමකින් එලියෙ ඉන්නේ…. – ඇමති විජේදාස රාජපක්‍ෂ

(27.06.2017 – 11:20+0530 – lankacnews.com)

දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ ඇතුළු පුරවැසි බලය සංවිධානයේ පිරිසක් විසින් ප‍්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමක් ගැන අදහස් පල කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ පිස්සන් කොටුවේ සිටිය යුතු පිරිස් එලියේ සිටින බවට හොදම සාධකයක් වන්නේ මෙම පිරිසගේ හැසිරීම බවයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

***************************************

යාපනයේ ආයුධ කල්ලියකින් නැවත ප්‍රහාරයක්.. නින්ජා ඇඳුම් ඇඳගෙනවිත් කපා කොට පලා යයි
(27.06.2017 – 17:30 +0530 – lankacnews.com)

යාපනය මණිපායි ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ යතුරුපැදි කිහිපයකින් තියුණු අයුධ සහිතව පැමිණි පිරිසක් විසින් පුදගලයෙකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

මණිපායි ආනන්ද වෛරවල් කෝවිල් මන්සන්ධියේදී ඊයේ රාත්‍රි 8 ට පමණ යතුරු පැදි 4 කින් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ ඇති අතර එහිදී තිදෙනෙකු විසින් අසල සිටි පුද්ගලයෙකු තියුණු ආයුද වලින් කපා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය තොරතුරු අනාවරනය වී ඇත.

පහර කෑමෙන් තුවාල සිදුවී ඇත්තේ යාපනය මණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති මේසන් බාස් වරයෙකි.

මේ වන විට එසේ කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එසේ පහර දුන් පිරිස් නාදුනන බවටත් එම පිරිස් කලු රෙදි වලින් මුහුණ වසා පැමිණි අතරම යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවට තුවාල වූ පුද්ගලයා විසින් පොලීසියට පවසා ඇති අතර අදාල පහර දුන් කණ්ඩායම සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *