කිසිම ක‍්‍රීඩකයෙක් ලෝක මට්ටමේ නෑ.. මං කොහොමද අනුමැතිය දෙන්නේ..

(27.06.2017 – 12:00 +0530 – lankacnews.com)

මේ මස අවසනයේ ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට නම්කර තිබෙන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන සෑහීමට පත් විය නොහැකි බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

නමුත් කොන්දේසි සහිතව එම කණ්ඩායමට අනුමැතිය දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

සංචිතයේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව ගැන කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකි බවත් යෝග්‍ය තත්වයේ සිටිනුයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් බවත් පවසන ක‍්‍රීඩා ඇමතිවරයා මෙවන් පිරිසකට අනුමැතිය දෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරයි.

සංචිතයේ නම් කර ඇති එකම ක්‍රීඩකයකු හෝ ලෝක තත්ත්වයේ නැති බවත් ඔවුන්ට අඩුපාඩු හදාගන්න තුන් මාසයක පමණ කාලයක් ලබා දෙන බවත් පවසන ඇමති දයාසිරි එම කොන්දේසි මත අනුමැතිය දීමෙ සූදානම් බවද වැඩි දුරටත් කියා සිටී ෴

++++++++++++++++++++++++++++++++

ස්ලිම් ෆිට් දයාසිරිට පන්දු යවාගන්නැයි කියා අන්ෆිට් මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතහැර ගෙදර යයි..
(27.06.2017 – 09:20 +0530 – lankacnews.com)

ක‍්‍රීඩා ඇමති දයාසිරි විසින් තමන් ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කලහොත් බෑග් එකත් අරගෙන ගෙදර යන්නේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඇමති දයාසිරිගේ ප‍්‍රකාශයකට එරෙහිව මාධ්‍යට ප‍්‍රතිචාර දැක්වීම නිසා මේ වන විටත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සදහා ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කර ඇත.

තමන් විසින් එසේ ප‍්‍රකාශ කරන ලද්දේ ක්‍රීඩා ඇමතිටදැයි තමන් නොදන්නා බවද පවසන මාලිංග කෙසේ වෙතත් තමන් සංචිතයෙන් ඉවත් කළහොත් කිසි ප‍්‍රශ්න කිරීමකින් තොරව බෑග් එකද ගෙන ගෙදර වන බව පවසන ඔහු තමනට කරන්න ඇත්තේ එය පමණක් බවද සදහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *