ඩෙංගු නිසා රටේ පුදුම දියුණුවක්…. රෝහල් පිරී ඉතිරිලා…. රෝගීන් පඩිපෙල්වල….

(27.06.2017 – 16:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය :

සෞඛ්‍ය ඇමතිතුමා කියනවා ඩෙංගු රෝගය පැතිරෙන්නේ දැන් අපේ රට දියුණු නිසාලු. ඩෙංගු දියුණුවේ ලක්ෂණයක්ලු. දියුණුව නිසා මැරෙන්න වෙනවා නම් දියුණුව නිසා රෝහල් පිරී ඉතිරී ගිහිල්ලා රෝහලේ පඩිය උඩ නිදා ගන්න වෙනවා නම් ඒ දියුණුව අපිට නැතිවාට කමක් නෑ.

සෞඛ්‍ය ඇමතිතුමා දියුණු රටවල ඩෙංගු තිබෙන බව කියන්න උදාහරණයකට ගන්නේ මැලේසියාව. අපේ සෞඛ්‍ය ඇමතිතුමා විහිළු කරනවා කියලා මෙහෙමත් විහිළු කරනවා ද? මැලේසියාවේ ඩෙංගු රෝගීන් 2015 දී 121,000 ක් ද 2016 දී 99,000 ක් ද 2017 මුල් මාස පහේ දී 37,000 ක් ද වාර්තා වෙනවා. 2016 මුල් මාස පහට සාපේක්ෂව 2017 මුල් මාස පහේ ඩෙංගු රෝගීන් ගණන 35% ක පහත වැටීමක් පෙන්වනවා. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. මැලේසියාවේ මිලියන 32යි. මැලේසියාවේ එන්න එන්නම ඩෙංගු රෝගීන් වගේම ඩෙංගු මරණ අඩු වෙන විට ලංකාවේ 2015, 2016, 2017 එන්න එන්නම රෝගී තත්වය වැඩි වෙනවා. ඉතින් මැලේසියාවේ ඩෙංගු රෝගීන් පෙන්නලා ඇඟ බේරා ගන්න අපේ සෞඛ්‍ය ඇමතිට පුළුවන් ද?

මෙතරම් දැවැන්ත ව්‍යසනයක් වී තිබිය දී ඇමතිතුමා වෛද්‍යවරුන් සමග ගැටෙන්න යනවා. එතුමට අවශ්‍ය වෛද්‍ය වරුන් ලවා වැඩ වර්ජනය කරව ගන්න. වෛද්‍ය වරුන් සයිටම් කියන ජාතික ව්‍යයසනයේදී ආණ්ඩුවට බලපෑම් කිරීම සදහා වැඩ වර්ජනයක් පටන්ගත්තත් ඩෙංගු වසංගතය පිළිබඳ සලකා වෛද්‍යවරු වර්ජනය නතර කළාම ඇමතිතුමා ඔවුන්ට සරදම් කරනවා. මොකද්ද මේ ඇමතිතුමා කියන්නේ? ආයෙත් වර්ජනය කරපල්ලා කියන එක නොවේ ද? ඇමතිතුමාට මේ රටේ දොස්තරලා වර්ජනය කළා කියලා ප්‍රශ්නයක් නෑ. එතුමා ප්‍රතිකාර ගන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ. අගමැතිතුමා නම් ප්‍රතිකාර ගන්නේ ලෝකයේම සුපිරි රෝහලක් ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් වල පිහිටි ජෝන් හොප්කින්ස් රෝහලේ. අගමැතිතුමන් නම් ඇමරිකාවේ සිට ලංකාවට පැමිණිගමන්ම කිව්වේ අනිකුත් ඇමතිවරුන්ටත් ජෝන් හොප්කින්ස් රෝහලේම බෙහෙත් ගන්න අවස්ථාව සලසා දෙනවා කියලා. එහෙමනම් වෛද්‍ය වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වෙන්නේ අපි තමුන්නාසේලා වගේ සාමාන්‍ය ජනතාවයි. අපට වගේම අහිංසක ජනතාවට තිබෙන්නේ ලංකාවේ රෝහල් විතරයි. මේ නිසා ලංකාවේ රෝහල් වලින් බෙහෙත් ගන්න සෞඛ්‍ය ඇමති කෙනෙකු පත් වන තුරු සෞඛ්‍ය ගැටළු විසඳන්න බෑ.

මා ගෞරවයක් විදිහට සිහිපත් කරන්නට ඕන මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් සෞඛ්‍ය ඇමතිධුරය දරණ සමයේ තමන් අසනීප උනාම ජාතික රෝහලේ නතර වුනා මිස විදේශ රටවලට ගියෙත් නෑ. අඩුම තරමේ පෞද්ගලික රෝහලකට ගියෙත් නෑ. සතුරු පාර්ෂවයක උනත් හොදක් දැක්කම ඒක අපි අගය කිරීමට තරම් නිහතමානී විය යුතුයි.

– අරවින්ද අතුකෝරල

****************************************

බෞද්ධයන් නැති ගමේ බුදු පිළිමය රකින ඉස්ලාම් බැතිමතා – Great Human in Mutur

මුතුර් නගරය සැලකෙන්නේ ඉස්ලාම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් ලෙසයි. එහි 59 වන කලාපයේ කිසිදු බෞද්ධයෙකු වාසය කරන්නේ නැහැ. එහෙත් කලකට පෙර හමුදාව විසින් එහි ඉදි කළ බුද්ධ මන්දිරයක් අද සත්කාර කරමින් පවත්වාගෙන යන්නේ ඉස්ලාම් බැතිමතකු විසින්. මේ එම මිනිසාගේ කතාවයි. (Published on Jun 22, 2017)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *