උදරයෙන් එළියට ගත් කිලෝ 10 ගෙඩිය මෙන්න

(27.06.2017 – 16:41 +0530 – hirunews.lk/sinhala)

සැත්කමකින් පිරිමියකුගේ උදරයේ තිබී කිලෝ දහයක ගෙඩියක් ඉවත් කිරීමට දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් පිරිසකට අද (27) හැකිවුනා.

සැත්කමකින් මෙසේ ගෙඩිය ඉවත් කළේ මැල්සිරිපුර පදිංචි එම් පි සේනානායක (62) මහතා ගේ උදරයෙන්.

ඔහු මිට දින කීපයකට පෙර දඹුල්ල රෝහලට ඇතුලත් වී ඇත්තේ බඩේ අමාරුවකට හා අතුරු ආබාධ කිපයකටයි.

ඒ අනුව දඹුල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පරික්ෂා කර බලා පරීක්ෂණ කීපයකට භාජනය කොට තිබෙනවා.

විකිරණ විශේෂඥ සුනෙත් වීරසුරිය මහතා ගේ පරීක්ෂණ අනුව මේ පුද්ගලයාගේ උදරයේ දකුණු වකුගඩුව ආසන්නයේ විශාල ගෙඩිය සොයාගෙන ඇති අතර ඒ අනුව දඹුල්ල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් අර්ථනායක, අකලංග පෙරේරා, ඉන්දිරා ගුණවර්ධන මහත්ම-මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) දඹුල්ල රෝහලේදී මේ විශේෂ සැත්කම සිදුකළා.

ඔහුගේ අමාශයේ තිබී හරියටම කිලෝ 10 ක් බරක් සහිත විශාල ගෙඩියක් ඉවතට ගැනීමට හැකිවූ බවත් රෝගියා හොද තත්වයෙන් සිටින බව වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පැවසුවා.

මේ ගෙඩිය හටගත් ආකාරය හා එහි කුමක් අඩංගු ද යන්න සොයා බැලීම සදහා පරීක්ෂණාගාර වෙත ගෙඩිය යැවීමට තීරණය කල බව වෛද්‍යවරයා පැවසුවා.

මේ ආකාරයෙන් පිරිමි අයකුගේ කිලෝ 10 ක් බරැති විශාල ගෙඩියක් හමුවීම ඉතා දුර්ලබ බවද සියලුදෙනාගේ කැපකිරීම මත මේ රෝගියා ජිවිත අවධානමකින් තොරව බේරා ගත බව ද වෛදවරු කියා සිටියා.



—————————————–

*****************************************

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
(27.06.2017 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මීට පෙර සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනාවලදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව ප්‍රකාශයට පත්වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *