දරුණු රෝගීන් සුවපත් කරන සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලය – හොරොව්පොතාන, වාහල්කඩ මංගලාරාම විහාරය

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 1
(19.02.2017 – divaina.com)

ඕනෑම දරුණු රෝගියකු  සුවපත් කරන මෙත් සිසිල බෙදන ඉසිවර අරණ – හොරොව්පොතාන, වාහල්කඩ මංගලාරාම විහාරය

• ප්‍රතිකාර කරන්නේ සත් පත්තිනි මෑණියන්ගේ වරමකින්…
• පින්බිමෙහි තුන්වේලටම කෑම බීම වරදින්නේ නැත
• සුවපත් වන අය ජීවිත කාලයටම මස්‌ මාංශ කෑම අතහරිති
• නිතරම රෝගීහු හාරසියයක්‌, පන්සියයක්‌ රැඳී සිටිති
• බටහිර වෛද්‍යවරුත් ප්‍රතිකාර ලබා ගන්න පැමිණ සිටිති
• ජාති බේද ආගම් බේද නැත සියලු ජාතීහු ප්‍රතිකාර ලබති

අපි තුෂ්ණිම්භූතව බලා හිඳිමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඉටි රෙදි, ටෙන්ට්‌ රෙදිවලින් ආවරණය වූ කූඩාරම්ය. ඒ ආසන්නයේ සේම පූජා භූමිය පුරා දහස්‌ සංඛ්‍යාත මිනිස්‌සු ඔබ මොබ ඇවිදින්නාහ. ඔවුන් අතර කෙනෙකුගේ වාරුවෙන්, අත්වාරු, රෝද පුටුවලින්, සැරයටියෙන් ඇවිද යන අය ද බොහෝය. එම පූජා භූමියේ කූඩාරම්වල සිටින සියලුම දෙනා මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින රෝගීන්ය. ඒ සෑම දෙනාම මේ පින්බිමේ කූඩාරමක නතර වී සිටින්නේ තම රෝගය සුවපත් කරගැනීම පිණිසය.

හරි හැටි පාරක්‌ තොටක්‌ නැති දූවිලි වලාවෙන් වැසුණු මඟ ගෙවාගෙන හොරොව්පොතන, වාහල්කඩ මංගලාරාම විහාරයට මෙරට සතර දෙසින් මිනිසුන් ඇදී එන්නේ ලෙඩ, දුක්‌ පීඩාවලට සුවසෙත බලාපොරොත්තුවෙන් මංගලාරාම විහාරාධිපති හිමිපාණන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමටය. ලෙඩ දුක්‌ සුවපත්වීමේ ප්‍රාර්ථනාවෙන් මේ පින්බිමේ නවාතැන් ගෙන ප්‍රතිකාර ලබාගත් කිසිදු කෙනෙකු නැවත ලෙඩෙක්‌ ලෙස පිටමං වී නැත. සියලුම දෙනා නිරෝගීමත්ව සිත සතොසින් නික්‌ම ගිය බව විහාරාධිපතින් වහන්සේ අප සමඟ පැවසූහ. එහෙත් නම, ඡායාරූප පළ කරනවාට විහාරාධිපතින් වහන්සේ අකැමැති වූහ. එහෙයින් උන්වහන්සේ කියන කතාව පමණක්‌ සටහන් කර තැබීමට අපි වගබලා ගත්තෙමු.

‘‘මෙතැන වෙදකම් කරන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකින්. මුලින්ම බුලත් කොළ නවයක්‌ තියලා ශරීරයේ තියෙන රෝග, ගේ දොර ප්‍රශ්න ගැන මෑණියන්ගෙන් අහන්න ඕනා. ඊට පස්‌සේ ශරීරයේ තියෙන රෝගය සුවපත් කරන්න පුළුවන්ද? නැද්ද? කියලා තීරණය කරන්නේ පත්තිනි මෑණියන්. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නෙත් පත්තිනි මෑණියන්. හොඳ කරන්න පුළුවන් කියන හැම රෝගියෙක්‌ම සුවපත් කරලා තියෙනවා. ආගම් බේද, ජාති බේද මෙතැන නෑ. අසරණ වෙලා මෙතැනට එන ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. ජීවිත කාලයටම බුද්ධ රූපයකට වැන්දේ නැති අන්‍ය ආගමිකයන් මේ පූජා භූමියේදී වැඳුම් පිදුම් කරනවා. බෝධි පූජාවලට සම්මාදම් වෙනවා. වෛද්‍යවරු, දේශපාලනඥයෝ, නීතිඥයෝ හැම තරාතිරමකම අය මෙතැනට ඇවිත් වෙදකම් කරගෙන ගිහින් තියෙනවා. දැනටත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ පිළිකාවකට ප්‍රතිකාර ගන්න ඇවිත් මේ ස්‌ථානයේ නතර වෙලා ඉන්නවා. කැලණිය හෙලේනා විජයවර්ධන විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රතිකාර ගන්න නතර වෙලා ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්තුමියක්‌ නතර වෙලා ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරු තුන්දෙනෙක්‌ ප්‍රතිකාර ගන්නවා. මෙතැනට ආවට පස්‌සේ උස්‌, මිටි තරාතිරම් නෑ. හැමෝම මෙතැන පිළිවෙත්වලට ගරු කරගෙන නතර වෙලා බෙහෙත් කර ගන්න ඕනා. එහෙම බැරි අයට මෙතැනින් වෙදකම් ගන්න බෑ. රෝගය නිට්‌ටාවටම සුවපත් වෙනකම් පන්සලේ නතර වෙලා ඉන්න ඕනා. හැමදාම හවසට බෝධි පූජාවට සම්මාදම් වෙන්න ඕනා. මෙතැන නතර වෙන්න ආපු දවසේ ඉඳලා පිලී ජාති කන්න බෑ. තමන්ගේ අභිමතය පරිදි උයා පිහාගෙන කන්න පුළුවන්. එහෙම කරන්න අපහසු අයට පන්සලේ දානය ගන්න පුළුවන්. මෙතැනට දානය වරදින්නෙ නෑ. තුන්වේලටම දානපතියෙක්‌, සමිති සමාගමක්‌ ඉදිරිපත් වෙලා දානය දෙනවා. දෙදාහක්‌, තුන්දාහක්‌ හිටියත් තුන් වේලටම දානය දෙනවා. අර පහළ තියෙන්නේ දානය උයන, පිහින තැන…’’

මගේ දෙනෙත් ආවාස ගෙයි ජනෙල් කවුළු තුළින් පහළට දිව ගියේය. තරමක්‌ විශාල ටකරන් මඩුවකි. තැනක ඇවිළෙන ලිප් මත විශාල වෑංජන ඇතිලි රත් වේ. තව තැනක එළවළු, පළා වර්ග සුද්ධ පවිත්‍ර කරන තරුණයන් කිහිප දෙනෙකි. විවිධ වැඩ කොටස්‌හි නිරත දහ පහළොස්‌ දෙනෙක්‌ ලහි, ලහියේ දානය සූදානම් කරමින් සිටිති. මගේ දෙනෙත් මුළුතැන්ගෙයි අහු මුළු නෑර දිව ගියේය.

‘‘මෙතැනට දානය දෙනවා කියන එකත් ලේසී පහසු නෑ. හැමදාම නතර වෙලා ඉන්න රෝගීන් විතරක්‌ හාර පන්සියයකට වැඩියි. ඔවුන් බලා කියාගන්න අයයි, මෙතැන වැඩට ඉන්න අයයි සේරම හත්අටසීයක්‌ විතර ඇති. වෙදකම් ගන්න රෝගීන්ට උවටැන් කරන්න විශ්වවිද්‍යාල දරු, දැරියන් ඇවිත් ඉන්නවා. ඒ සියලු දෙනාටම දානය දෙනවා…’’ නැවත මම විහාරාධිපති හිමියන්ගේ කතාවට සවන් යොමු කළෙමි.

‘‘දැන් මම බෙහෙත් කරන්න පටන්ගෙන අවුරුදු හතරක්‌ විතර වෙනවා. පිළිකා රෝගය, වකුගඩු රෝගය, දියවැඩියාව, ඇදුම, පීනස, මොළේ ගෙඩි, හදවතේ නහර හීන් වෙච්ච රෝගීන් නිට්‌ටාවටම හොඳ කරලා තියෙනවා. කතා කරන්න බැරිව හිටිය අයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මැරෙන්න ආසන්නව හිටපු රෝගීන් මෙතැනට ගෙනත් නිට්‌ටාවටම සුවපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. වෙදකම් කරගෙන ලෙඩ හොඳ වෙලා ගිය කෝටිපති ව්‍යාපාරිකයෝ මට කෝටි ගණන් වටිනා වාහන දෙන්න හැදුවා. තෑගි බෝග දෙන්න හැදුවා. ඒ කිසිම දෙයක්‌ මම ගත්තේ නෑ. මට ඕන නෑ. අඩුම තරමින් මේ පන්සලේ කිසිම තැනක පින් පෙට්‌ටියක්‌වත් තියලා නෑ. වෙදකම් කරන්නේ සල්ලි, තෑගි බෝග බලාපොරොත්තුවෙන් නෙමෙයි. මේක දේව කාර්යයක්‌. මේ රෝගීන්ට ඉන්න ගොඩනැඟිල්ලක්‌ දාන වේලක්‌, පිරිසිදු වතුර ටිකක්‌ දෙන්න කවුරුහරි ඉදිරිපත් වුණොත් ඒකට මගේ විරුද්ධත්වයක්‌ නෑ. ඒ හැරෙන්න මට කිසිම දෙයක්‌ ඕන නෑ. දාන වේල ලැබෙනවා ඒ හොඳටම ප්‍රමාණවත්…’’

‘‘අවුරුදු තිස්‌ හයක්‌ වැනි තරුණ භික්‍ෂූන් වහන්සේනමකගේ මුවින් එවැනි වචන ඇසීම ද සතුට දනවන්නකි. රටේ ඇතැම් විහාරස්‌ථානවල විහාරාධිපතිහිමිවරු, සෙසු හිමිවරු මුදල් හම්බ කිරීමට කරන සටකපටකම් දකින විට වාහල්කඩ මංගලාරාම විහාරාධිපති ජාතියේ පිනට පහළ වූ ස්‌වාමීන්වහන්සේ නමකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාම විහාරය ද විසල් මන්දිරවලින් පිරුණු මුදල් ගලන පන්සලක්‌ නොවේ. නොදියුණු වාහල්කඩ ගමේ දුප්පත් පන්සලකි. විහාරාධිපති හිමියන්ට වැඩ වාසය කිරීමට හරි හැටි ආවාස ගෙයක්‌ ද නැත. තියෙන පුංචි ආවාස ගෙය ද දැන් වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ බවට පත් වී ඇත. බෝධිය සමීපයේ ද කූඩාරම්වල රෝගීහු නවාතැන් ගෙන සිටිති. විහාරස්‌ථාන භූමියේ ඉහළ කඳු ගැටයක්‌ මත ඉදිවී තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ වාහල්කඩ ජනපදයට ආශිර්වාදයකි…’’

‘‘ඔය චෛත්‍යය හදලා දුන්නේ කොළඹ මහත්මයෙක්‌. සම්පූර්ණ වියදම ඒ මහත්තයාගේ. බොහෝම හාස්‌කම් තියෙන චෛත්‍යයක්‌. කෙම්මුර දවස්‌වලට රතු පාට විශාල එළි චෛත්‍යයට පාත් වෙනවා ගමේ මිනිස්‌සු ඕන තරම් දැකලා මට ඇවිත් කියනවා. මම ඒ දේවල් දන්නවා. දැකලා තියෙනවා. දේව වරම ලැබුණට පස්‌සෙ මගේ ඇඟට මෑණියන් එනකොට මුලින්ම රතු පාට එළිය එන්නේ කන්ද උඩ චෛත්‍යයට. ඊට පස්‌සේ අර පේන පුංචි බෝගහට. එතැනින් තමයි මගේ ඇඟට ඇතුළු වෙන්නෙ…’’

විහාරාධිපතින් වහන්සේ පුංචි බෝ පැළයක්‌ දෙසට අත දිගු කළහ. ඒ සමඟ මගේ දෙනෙත් පුංචි බෝ පැළය අසල නතර විය. මහ බෝ රුක්‌ෂයට අමතරව ආවාස ගෙයට සමීප ස්‌ථානයක වැඩෙමින් තිබෙන පුංචි බෝ පැළයකි.

‘‘ඊයේ උදේ චෛත්‍යය ළඟ පුදුම හිතෙන වැඩක්‌ වෙලා තිබුණා. සිල් සමාදන් වෙච්ච උපාසක අම්මලා දෙන්නෙක්‌ උදේ පාන්දර ගිහින් චෛත්‍යයට මල් පූජා කරලා. එක අම්මා කෙනෙක්‌ සුදු මල් වට්‌ටියක්‌ පූජා කරලා. අනිත් අම්මා නිල් මල් වට්‌ටියක්‌ පූජා කරලා. සුදු මල් වට්‌ටිය පූජා කරලා අනිත් පැත්ත බලලා නැවත මල් ආසනය දිහා බලනකොට මල් වට්‌ටිය පේන්න තිබිලා නෑ. නිල් මල් වට්‌ටියේ මල් නිකම්ම උඩ යනවා දැකලා. ඒ අම්මලා දොහොත් මුදුන් තබාගෙන සාදු නාද දෙන හඬ ඇහිලා පහළ හිටිය කිහිපදෙනෙකුත් චෛත්‍යය ළඟට ගිහින් තිබුණා. නිල් මල් වට්‌ටියේ මල් උඩ යනවා, ඒ අයත් දැකලා තිබුණා. තව දවසක්‌ ප්‍රතිකාර ගන්න ඇවිත් මා ළඟ හිටපු කෙනෙක්‌ එක පාරටම බය වෙලා වගේ අන්න… අන්න… කිව්වා. බෝ පැළේට රතු පාට විශාල එළියක්‌ පාත් වෙලා. එදා ඒ එළිය මේ භූමියේ හිටිය කිහිපදෙනෙක්‌ම දැකලා තිබුණා…’’

‘‘පත්තිනි මෑණියො බොහෝම බලසම්පන්න දෙවඟනක්‌. දේව මණ්‌ඩලයක්‌ එක්‌ක තමයි මෑණියන් ගමන් කරන්නේ. ඒ වගේම මෑණියන් කියන පිළිවෙත් අකුරටම පිළිපදින්න ඕනා. එහෙම හිටියේ නැති නම් ලෙඩ හොඳ වෙන්නෙ නෑ. මෙතැනට එන්න ඉස්‌සරවෙලා ඉඳලා මස්‌ මාංශවලින් වැළකිලා හිටියා නම් මෙතැනදී බොහෝම ඉක්‌මනට ලෙඩ දුක්‌ හොඳ වෙනවා. ඒ වගේම මෙතැනින් සුවපත් වෙලා යන අයගෙන් ගොඩක්‌ දෙනෙක්‌ නැවත පිලී ජාති කන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් කියනවා. දැනටත් මෙතැන පන්සියකට වැඩි පිරිසක්‌ ප්‍රතිකාර ගන්නවා. මහත්තේලා ඒ මිනිස්‌සුත් එක්‌ක කතා කරන්න. මෙතැන මොකක්‌ද වෙන්නෙ කියලා ඒ මිනිස්‌සුන්ගෙන් අහන්න. හැම තරාතිරමකම, විවිධ ජාතීන් මෙතැන ප්‍රතිකාර ගන්නවා. ඒ මිනිස්‌සු එක්‌ක කතා කළාම මේ පූජා භූමියේ ඇති ශක්‌තිය මහත්තේලාට තේරුම් ගන්න පුළුවන් වෙයි…’’ විහාරාධිපතින් වහන්සේ කතා කරන වචන දැඩි විශ්වාසයෙන් යුක්‌තය.

තේරෙන වයසේ සිට මස්‌ මාංශ අනුභවයෙන් වැළකී සිටින උන්වහන්සේ පැවිදි භික්‍ෂුවකගේ සීලය අකුරටම පිළිපදින බව කුඩා සාමණේර වයසේ සිට උන්වහන්සේ දැනහඳුනන ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. මේ ඝෝර කටුක සංසාරේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීමේ අදිටනින් සාමණේර වයසේ සිටම උන්වහන්සේ සීලය උතුම් කොට සැලකූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. උන්වහන්සේගේ වචනවලින් ද ඒ ගැන කියෑවේ. මේ සිල්වත් බව නිසාම සත්පත්තිනි මෑණියන් උන්වහන්සේට මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමට දේව වරමක්‌ ලබා දී ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් ඉන්දියානු සම්භවයක්‌ සහිත දේවාත්මයකි. වසංගත රෝග නිමා කිරීමට ද අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමට ද, වැසි ලබාදී රටට සශ්‍රීකත්වය ළඟා කරදීමට ද පත්තිනි මෑණියන් තුළ තිබූ මහානුභාව සම්පන්න ගුණය හේතුවෙන් දෙවඟනක්‌ ලෙස ඇදහීමට පාත්‍රව ඇති බව පැරැණි පුරාවෘතවල කියැවේ. විශේෂයෙන්ම අම්මාවරුන්ගේ අසනීප හෙවත් සරම්ප, පැපොල, කම්මුල්ගාය, වසූරිය වැනි බෝවන රෝග වැළඳුණු විට පත්තිනි මෑණියන්ට බාර හාර වීම අතීතයේ සිට පැවත එන දේව විශ්වාසයකි. රෝගය සුවපත් වූ පසු පත්තිනි මෑණියන් සංකේතවත් කර කිරිඅම්මාවරු සත්දෙනකු කැඳවා කිරි දානය පූජා කර ඇපයෙන් නිදහස්‌ වී නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අප සමාජයේ පැවත එන පිළිවෙතකි. රටේ මිනිසුන් මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින මෙවැනි කාලයක සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලමහිමයෙන් හෝ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය රටට ද සුව සහනයකි.

එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන අපි ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ කතා බහ කළෙමු. ඒ රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන මෙතැන් සිට ඉදිරි දිනවල ඔබ වෙත ගෙන එන්නෙමු.

මතු සම්බන්ධයි…

විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.

තරංග රත්නවීර
ප්‍රසන්න සිල්වා

——————————————

# The Google Map

Photos from Google Map :












——————————————-

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 2

(26.02.2017 – divaina.com)

ජාන වකුගඩු රෝගයෙන් පීඩා විඳි නෑයන් හතර දෙනෙක්‌ ඉසිවර අරණ ගැන කියන විස්‌මිත කතාව

• නංගිව මෙතැනට ගෙනකොට පපුවෙන් පහළ සීතල වෙලා…
• හාමුදුරුවො ලෙඩ්ඩුන්ගේ කොණ්‌ඩ, රැවුලත් කපලා පිරිසිදු කරනවා…
• පුණ්‍ය භූමිය ගැන අභූත කතා පතුරුවන නින්දිතයන් පිරිසක්‌…

හොරොව්පොතාන වාහල්කඩ මංගලාරාමය සුවසෙත සලසන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. ප්‍රථමයෙන් බුලත් කොළ නවයක්‌ තියා ශරීරගත රෝග, ගේ දොර ප්‍රශ්න මෑණියන්ගෙන් විමසා බැලිය යුතුය. අනතුරුව ශරීරගත රෝග සුවපත් කළ හැකිද? නොහැකිද? කියා පත්තිනි මෑණියන් තීරණය කරනු ඇත. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරනු ලබන්නේ පත්තිනි මැණියන් විසිනි. ආගම් බේද, ජාති බේද නැත. අසරණ වී වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ ද අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම ඒ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දෙවැනි කොටසය.

‘‘අද අපේ පන්සලට පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ වැඩැම්මුවා. එකම පවුලේ වකුගඩු රෝගීන් හතරදෙනෙක්‌ මේ ස්‌ථානයෙන් ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා කෘතගුණ සැලකීමක්‌ විදිහට තමයි පත්තිනි මෑණියන්ගේ පිළිමය වැඩැම්මුවේ. කොළඹ නුගේගොඩ ඉඳලා තමයි, පිළිමය වැඩමවාගෙන ආවේ…’’ වාහල්කඩ මංගලාරාමයේ කපු මහත්මයෙක්‌ වන ඩබ්ලිව්. ජයවර්ධන රාජපක්‍ෂ මහතා එසේ කියමින් අප අසලින් ඈත් විය. මොහොතකින් නැවත ඔහු අප ඉදිරියේ පෙනී සිටියේ පිළිමය වැඩමවාගෙන පැමිණීමට මුල් වූ පුද්ගලයෙක්‌ව ද කැටුවය. ඔහු ඡේ.පී.කේ.පී. අතුකෝරළ මහතා ය. කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. මේ ඔහු වාහල්කඩ ඉසිවර අරණ ගැන අපට කියන කතාවය.

‘‘මගේ ඥාතීන් හතරදෙනෙක්‌ ජාන වකුගඩු රෝගයෙන් පීඩා වින්දා. හැමතැනින්ම බෙහෙත් ගත්තා. ඒත් සනීප වුණේ නෑ. එක දවසක්‌ යාළුවෙක්‌ මේ පන්සල ගැන මට කිව්වා. පස්‌සෙ මම ඥාති හතරදෙනාම එක්‌කරගෙන ඇවිත් හාමුදුරුවන්ට පෙන්නුවා. හතර දෙනාවම හොඳ කරන්න පුළුවන් කියලා දේව ආරූඪයෙන් හාමුදුරුවො කිව්වා. මෙතැන පිළිවෙත්වලට යටත් වෙලා කූඩාරම් අටවගෙන ප්‍රතිකාර ගත්තා. දින විසි එකක්‌ විතර යනකොට හතර දෙනාම 90% ක්‌ විතර හොඳ පැත්තට හැරුණා. දැන් වෛද්‍ය පරීක්‍ෂණවලදී කියනවා වකුගඩුවල කිසිම රෝගයක්‌ නෑ කියලා. මට පුදුම සතුටක්‌ ඇති වුණේ. ඒ වගේම මගේ හිතේ මේ ස්‌ථානය ගැන විශාල භක්‌තියක්‌ ඇති වුණා. ප්‍රතිකාර ගන්න ඉන්න රෝගීන්, ඔවුන්ගේ ඥාතීන් කියන විදිහට දැනට මෙතැනින් බෙහෙත් අරගෙන වකුගඩු, පිළිකා රෝගීන් හාර පන්දාහක්‌ විතර හොඳටම හොඳ වෙලා තියෙනවා. දැන් මම මේ ස්‌ථානයට නිතර යනවා, එනවා. මේ ස්‌ථානයට මොනවහරි පූජා කරන්න ඕන කියලා මට අදහසක්‌ ආවා. ඒත් හාමුදුරුවො කිසිම දෙයක්‌ ගන්නේ නෑ. පස්‌සෙ මම පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ පූජා කරන්නද කියලා නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ ඒකට ආශිර්වාද කළා. හාමුදුරුවන්ගේ අවසරය ලැබිලා දවස්‌ දෙකකට පස්‌සෙ මම පිත්තලෙන් නිර්මාණය කරපු පත්තිනි මෑණියන්ගේ පිළිමයක්‌ ගෙනත් පූජා කළා. ඒක ආවාස ගෙයි තියෙනවා. ඒ පින්කමත් මගේ හිතට මදි වුණා…’’

‘‘නිතරම රෝගීන්ගේ ඇහැ ගැටෙන පරිදි එළිමහනේ පත්තිනි මෑණියන්ගේ දේව පිළිමයක්‌ හදන්න ඕනා කියලා මට හිතුණා. නායක හාමුදුරුවොත් මට ඒකට ආශිර්වාද කළා. පස්‌සෙ මම කොන්ක්‍රීට්‌වලින් පත්තිනි දේව මෑණියන්ගේ පිළිමයක්‌ හැදෙව්වා. ඒක තමයි අද මේ පන්සලට පූජා කළේ. ඒ විතරක්‌ නෙමෙයි අපේ පවුලේ උදවියගේ අතින්ම පිළිමේ තැන්පත් කිරීමේ වැඩ කටයුතුත් කරනවා. දැනටත් බෝ ගහ ළඟ ඒ කටයුත්ත කෙරෙනවා. මෙතැන ඉන්න රෝගීන්ට අද දවසේ තුන්වේලටම දානය දෙනවා. අපිට කරන්න පුළුවන් එච්චරයි. මෙතැන මහ පුදුම තැනක්‌. මෙතැනට නිතර එන යන මට ඒක හොඳට දැනෙනවා. මේ නායක හාමුදුරුවන්ගේ පිනට පත්තිනි මෑණියන් ලබා දීපු බෙහෙත් වරමක්‌. දුටුගැමුණු රජතුමාගේ කාලයෙත් දේව වරමකින් ලෙඩ සුවපත් කළා කියලා පැරැණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ හාමුදුරුවන්ට ලැබිලා තියෙන්නෙත් ඒ වගේ වරමක්‌ තමයි. පුදුම හාස්‌කමක්‌. මරණාසන්නව රෝහලේ සිටින වකුගඩු රෝගියාට මේ ස්‌ථානයෙන් පිරිත් පැන් ටික ගිහින් බොන්න දුන්නම නැවත පණ ගහලා එනවා. මේ තැන ගැන රටේ ප්‍රසිද්ධ කරලා පුළුවන් තරම් රෝගීන්ට සෙත සලසන්න ඕනා. ඒ විතරක්‌ නෙමෙයි මුළු ලෝකවාසීන්ටම සහනයක්‌ ලබාදෙන්න පුළුවන්…’’

අතුකෝරළ මහතාගේ චේතනාව යහපත්ය. එහෙත් මේ ඉසිවර පුණ්‍ය භූමිය මෙන්ම විශ්ම කර්ම ස්‌වාමීන් වහන්සේ ගැන ද අභූත චෝදනා පතුරුවාහරින්න ප්‍රදේශයේම කාලකණ්‌ණි කිහිපදෙනෙක්‌ කල්ලි ගැසී සිටින බව ප්‍රදේශවාසීහූ අපට කීහ. ගමේ සෑම පොදු කටයුත්තකදීම අකුල්හෙළන මේ අලුගුත්තේරුවන් කිහිපදෙනා විහාරස්‌ථානයේ නතර වී සිටින රෝගීන් මෙන්ම ඔවුන් ඇළේ දිය නෑම, රෙදි සේදීම නිසා ප්‍රදේශය පුරා ලෙඩ දුක්‌ පැතිරී යන බවට කටකතා පතුරුවන්නාහ. බුදුන්ටත් ගල් පෙරළු දේවදත්තලා සිටි ලෝකයක වාහල්කඩ වෙද හාමුදුරුවන්ගේ උතුම් සද්කාර්යට ගල් නොගැහුවොත් පුදුමයකි. ඒ මෙකල දේවදත්තලාගේ අවකල් ගති ස්‌වභාය. ඒ ජන්ම ගති අපට නතර කළ නොහැකිය. අසරණ රෝගීන් සුවපත් කරන මේ පින්බිම විවේචනය කර රැස්‌කර ගන්නා පාපකර්ම ඒ අය රැගෙන යයි. ඒ ගැන මීට වඩා කතා කිරීම ද ඵලක්‌ නැත. මගේ මනසේ එවැනි සිතුවිලි හොල්මන් කරන අතරේ පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කිරීමට සූදානම් වන බෝධිය අසලට අපි පියවර මැන්නෙමු. බෝ පත්වල සිලිසිලිය සිතට මෙන්ම ගතට ද අමුතු සිසිලකි. පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව වැඩමවාගෙන පෙරහැරේ පැමිණි සැදැහැවතුන්ගෙන් පන්සල් භූමිය පිරී ගොස්‌ය. ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින රෝගීන් සහ ප්‍රදේශවාසීන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගැනීමට නොහැකි ලෙසට සියලු දෙනා සුදුවතින් සැරසී සිටින්නාහ. රෝගීන් හඳුනාගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින විට නිමල් ප්‍රේමරත්න කපු මහතා අපට උදව්වට ආවේය. ඔහු බෝධිය අසලම කූඩාරමකට හිස ඔබා කතා කළේය. ඔහුගේ කටහඬත් සමඟ කාන්තාවන් තිදෙනෙක්‌ එළියට ආහ. මැදිවිය ඉක්‌ම ගිය කාන්තාවන් තිදෙනෙකි. එක්‌ කාන්තාවක්‌ අප දෙසට පියවරක්‌ ඉදිරියට තැබුවාය.

‘‘මේ මගේ නංගි… ඉස්‌පිරිතාලෙන් ගෙනාවේ මැරිලා වගෙයි…’’ ඇය එසේ කියමින් ඔහු අසළ සිටි කාන්තාවගේ උරහිසට තට්‌ටුවක්‌ දැමුවාය.

‘‘ඇයි මොකද වෙලා තිබුණේ…’’

‘‘නංගිගේ බඩේ පිළිකාවක්‌. අවුරුදු එකොළහක්‌ වෙනවා. තුන් පාරක්‌ ඔපරේෂන් කළා. විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකුගෙන්ම බෙහෙත් ගත්තා. ඒත් වැඩක්‌ වුණේ නෑ. පහුගිය ජනවාරි මාසේ අමාරු වෙලා දඹුල්ලේ ඉස්‌පිරිතාලේට ගෙනිච්චම දොස්‌තරවරු පරීක්‍ෂා කරලා බලලා පිළිකාව ගොඩක්‌ පැතිරිලා ජීවිතය ලොකු අවදානමක තියෙන්නෙ කියලා අපිට කිව්වා. ඊට පස්‌සෙ නංගිට නැඟිට ගන්නවත්, කෑමක්‌ කන්නවත් බැරිව ගියා. දෙලුම් යුෂ ටික කටට දැම්මම කට දෙපැත්තෙන් බේරුණා. එහෙම දවසක්‌ දෙකක්‌ යනකොට පපුවෙන් පහළ සීතල වුණා. දොස්‌තරවරු බලලා නංගිව ගෙදර ගෙනිහින් හොඳට බලා ගන්න කියලා ටිකට්‌ කැපුවා. කිසිම හැල හොල්මනක්‌ නෑ. උඩ බලාගෙන හිටියා. නැති වෙලාම තමයි. ඒත් අපි ගෙදර එක්‌කං ගියේ නෑ. හාමුදුරුවො ළඟට එක්‌කගෙන ආවා. හාමුදුරුවො බුලත් අරගෙන ලෙඩ දුක්‌, ගේ දොර ප්‍රශ්න ගැන කියලා ලෙඩාව සුව කරන්න පුළුවන් පන්සලේ නතර කරන්න කියලා කිව්වා. එදාම අපි කූඩාරමක්‌ අටවගෙන නංගිවත් තියාගෙන හිටියා. ඊට පහුවැනිදාම වෙදකම් පටන් ගත්තා. බෙහෙත් ඇඟට වැටෙනකොට දවසින්, දවස නංගි හොඳ පැත්තට හැරුණා. සතියක්‌ විතර යනකොට වතුර උගුරක්‌, පළතුරු යුෂ ටිකක්‌ තොල ගෑවා. ඊට පස්‌සෙ සතිය වෙනකොට කෑම ටිකක්‌ කෑවා. නැඟිටලා පියවර දෙක, තුනක්‌ ඇවිදගෙන ගියා. දැන් ඉස්‌සර වගේම හොඳට කනවා බොනවා… ඇවිදිනවා… අනේ අපේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්න ඕනා. හාමුදුරුවො වෙදකම් නොකරන්න අපේ නංගි මෙලහකට නෑ…’’ බෝධින් වහන්සේ දෙසට හැරී දොහොත් මුදුන් තබාගෙන ඇය හාමුදුරුවන්ට පින් දුන්නාය.

මැරී ඉපදුණාය කියන ඇයගේ නැඟණිය අප දෙසට මඳහසක්‌ පෑවාය.

‘‘අම්මගේ නම…?’’
‘‘ඇසිලින්නෝනා’’

අසනීපවලින් මිරිකෙමින් දුක සේ ජීවත් වූ බව කියන ලකුණු ඇගේ කයෙහි වීය. ලෙඩ ගතිය පහව නොගිය දෙඇස්‌ තවමත් බොර පාටය. එහෙත් අප අහන සෑම ප්‍රශ්නයකටම ඇය සිනා මුවින් පිළිතුරු දුන්නාය.

‘‘ගම් පළාත කොහේද…?’’
‘‘මාතලේ යටවත්ත…’’

‘‘වයස…?’’
‘‘අවුරුදු 60 යි…’’

‘‘දැන් හොඳයි ද අම්මේ…?’’
‘‘ඔව් පුතේ… දැන් මට හොඳටම හොඳයි… මම ජීවත් වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ. මෙතැනට ඇවිත් දවස්‌ තුන යනකොට මට කතා කරන්න පුළුවන් වුණා. දැන් මෙතැනට ඇවිත් දවස්‌ විසි එක ඉවරයි. පිළිකාව හොඳටම හොඳයි. ලේ, මුත්‍රා ගෙනිහින් ඉස්‌පිරිතාලෙන් පරීක්‍ෂා කළා. දැන් වෛද්‍යවරු කියන්නේ මගේ ඇඟේ පිළිකාවක්‌ නෑ කියලයි. දැන් මට ගෙදර යන්න පුළුවන්. ඒත් වෛද්‍යවරුන්ට අහුනොවුණු ලෙඩත් මෙතැනදි පත්තිනි මැණියෝ කිව්වා. පිළිකාවට අමතරව මගේ අක්‌මාවේ ගෙඩි තිබිලා තියෙනවා. දැන් බෙහෙත් කරන්නේ ඒ ගෙඩිවලට. ඒ ගෙඩිත් දැන් ගොඩක්‌ම වේළිලා ගිහිල්ලා තව චූටි ගෙඩියක්‌ තියෙනවා. ඒක වේළිලා ගියාට පස්‌සෙ මට ගෙදර යන්න පුළුවන්…’’ රැලි වැටුණු දෙකොපුල් පුරා රූටන කඳුළු බිඳු පිස දමන ඇයගේ තුරුලට පුංචි දියණියක්‌ දුව ආවාය.

‘‘ආච්චි අම්මට දැන් හොඳයිද…?’’ සාය පටේ එල්ලුණු දියණිය හීනියට කෙඳිරුවාය.

‘‘ඔව් පුතේ… හෙට අනිද්දාට ගෙදර යන්න පුළුවන්…’’ ඇස්‌ලින්නෝනා චූටි කෙළි සිඟිත්තිය තදින් වැළඳ ගත්තාය.

‘‘මේ මගේ පුතාගේ දුව. මට දරුවො දෙන්නයි. අන්තිම වතාවට ඉස්‌පිරිතාලේ යනකොට ආයෙත් ගෙදර යන්න පුළුවන් වෙන එකක්‌ නෑ කියලා මට හිතුණා. දරුවො දෙන්නව බදාගෙන ඇඬුවා. පුතාලත් මගේ ජීවිතය බේරගන්න කරන්න පුළුවන් හැම දේම කළා. ඒත් මම නිතරම කිව්වේ සල්ලි නාස්‌ති කරන්න එපා කියලයි. ඒත් ඇහුවේ නෑ මගේ දරුවො දෙන්නා, සහෝදරයො මාව බේරගත්තා. තව කාලයක්‌ ජීවත් වෙන්න ලෙඩ හොඳ කරපු පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා. මේ හාමුදුරුවො නිවන් දකින්න ඕනා. හාමුදුරුවන් මෙලොවට බිහි කරපු දෙමවුපියොත් නිවන් දකින්න ඕනා…’’

‘‘මේ පන්සල් වත්තේ තියෙන හැම කුටියක්‌ ගානෙම හාමුදුරුවො ගිහින් ලෙඩ්ඩුන්ගේ සුව දුක්‌ බලනවා. අමාරු ලෙඩ්ඩුන්ගේ කොණ්‌ඩ, රැවුල කපනවා මම ඇස්‌ දෙකෙන් දැකලා තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවෝ රෝගීන්ගේ ළඟට වතුර ටික ගිහින් දෙනවා. හාමුදුරුවෝ මේ රැස්‌ කර ගන්න පිනෙන් නිවන් දකින්න පින් දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ කරන්න නෑ. අඩුම තරමින් පඬුරක්‌ දාන්න පින් පෙට්‌ටියක්‌වත් නෑ…’’

ඔවුන් අසලින් ඈත් වූ අපි නතර වූයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ අසලය. ඔහු ද වාහල්කඩ පන්සලේ කූඩාරමක ලැගුම් ගෙන සිටින්නේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමටය. දැන ගැනීමට ඇති තොරතුරු මත ඔහු ප්‍රතිකාරවලට පැමිණ සති තුනකට වැඩිය. දැන් සෑහෙන දුරකට රෝගී තත්ත්ව සුව අතට හැරී ඇත. එහෙත් ඔහු අප සමඟ කතාබහ කිරීමට මැලිකමක්‌ දැක්‌වුවේය. අහන දේට පිළිතුරු දී බොහෝම යාප්පුවෙන් අපව මඟහැර කූඩාරම තුළට ගියේය.

මහරගම පිළිකා රෝහලේ හෙදියක්‌ ලෙස රාජකාරි කර පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවක්‌ ප්‍රතිකාර ලබාගැනීමට මේ ස්‌ථානයට පැමිණ සිටිති. අපි ඇය අසල නතර වීමු….

– මතු සම්බන්ධයි –

විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.

———————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 3
(05.03.2017 – divaina.com)

‘‘දකින, දැනෙන හාස්‌කම් ගැන කියන්න මට තේරෙන්නේ නෑ ; නොපෙනෙන බලවේගයකින් ලෙඩ සුවපත් කරවනවා…’’ – මහරගම පිළිකා රෝහලේ හෙදිය කියන කතාව

• අපේ මිනිස්‌සුත් හුඟ දෙනෙක්‌ ඇවිත් මෙතැනින් බෙහෙත් කරගෙන යනවා…
• දැන් මගේ කෑම එකට පිළී බෙදන හැන්දක්‌වත් මුහු කරන්නේ නෑ
• වෛද්‍යවරු කිව්වේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න කියලා ; ඒත් දැන් මට තව කාලයක්‌ ජීවත් වෙන්න පුළුවන්

හොරව්පොතාන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද මෙහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ තෙවැනි කොටසය.

හොරව්පොතාන වාහල්කඩ 1973 වර්ෂයේ ආරම්භ වූ ගොවි ජනපද ව්‍යාපාරයකි. එහි ජනතාව පදිංචි කර ඇත්තේ 1975 වර්ෂයේදීය. ඩී-එක සිට ඩී-අට දක්‌වා ජනපද බෙදා වෙන් කර මිනිසුන් පදිංචි කර ඇත. එම ජනපදවල බහුතරයගේ ජීවනෝපාය වී ඇත්තේ ගොඩ සහ මඩ ගොවිතැනය. එකල නොදියුණු වාහල්කඩ ජන ශූන්‍ය ව්‍යාපාරයක්‌ ලෙස වල් වැදී තිබුණ ද, අද වන විට රජරට සශ්‍රික වූ යල මහ හොඳින් වගා කරන ව්‍යාපාරයකි. එමෙන්ම වාහල්කඩ ජනපද ව්‍යාපාරයේ වෙසෙන සියලු දෙනා සිංහල බෞද්ධ ජනතාවය. එහෙත් මෙම ජනපදය ආරම්භක අවධියේ මිනිසුන්ට වැදුම් පිඳුම් කිරීමට පූජනීය ස්‌ථානයක්‌ නොතිබිණි. ජනපදවාසීන්ට සංඝයා වහන්සේ නමක්‌ ඇස ගැටී ඇත්තේ කණ කැස්‌බෑවා විය සිදුරෙන් එළිය දකින්නාක්‌ සේය. බණ පදයක්‌ අසා සිත් පහන් කර ගැනීමට ස්‌වාමීන් වහන්සේ නමක්‌ ගමට නැති වුවද ප්‍රදේශවාසීහු එකමුතුවෙන් පුංචි බෝ පැළයක්‌ රෝපණය කර බුදු කුටියක්‌ නිර්මාණය කරගෙන වැදුම් පිඳුම් කරගෙන යැම පුරුද්දක්‌ කර ගත්හ.

කාලය ගෙවී ගියේය. 1994 අවුරුද්දේ දිනක පුංචි සමණේර හිමි නමක්‌ වාහල්කඩ ජනපදයට වැඩම කරන්නාහ. ගමේ මිනිසුන්ගේ සහභාගිත්වයෙන් වාහල්කඩ ජලාශයට පහළින් පිහිටි රජයේ ඉඩමක පුංචි පොල්අතු පැලක්‌ තනා උන්වහන්සේ එහි වඩා හිඳුවූහ. පුංචි සමණේර හාමුදුරුවන් වාහල්කඩ ප්‍රදේශයට වැඩම කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වී ඇත්තේ වත්තල හුණුපිටිය විහාරස්‌ථානයේදීය. උන්වහන්සේගේ ගිහි ගම රත්නපුරයයි. වාහල්කඩ දුෂ්කර ගම්මානයට පැමිණි දා සිට උන්වහන්සේ විසින් ප්‍රදේශයේ ආගමික, සමාජීය උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර අති විශාලය.

සහජ දක්‍ෂතාවන් ඇති උන්වහන්සේ ආවාස ගෙයි වහළේ වැඩ හැරෙන්නට සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ දෑතේ ශක්‌තියෙනි. බුදුන්ගේ ධර්මය හොඳින් අවබෝධ කරගෙන, බුදු මඟෙහි ගමන් කරන වාහල්කඩ වැව ශ්‍රී මංගලාරාම විහාරාධිපති රත්නපුරයේ ශ්‍රී ධම්මකුසල නායක හිමිපාණන් වහන්සේට ශ්‍රී පත්තිනි මෑණියන් බෙහෙත් වරමක්‌ ලබා දී දැනට අවුරුදු හතරකට වැඩි නැත. එදා සිට උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබාගැනීමට මංගලාරාමයට පැමිණෙන රෝගී ජනතාව අති විශාලය. ඒ අසරණ රෝගී ජනතාව අතරදී මහරගම පිළිකා රෝහලේ හෙදියක්‌ අපට මුණගැසිණි. ඇය මංගලාරාමයෙන් ප්‍රතිකාර ලැබ සුවපත් වී සිටින පිළිකා රෝගියෙකි. මේ ඇය කියන කතාවය.

‘‘මගෙ ගම රත්නපුරය. නම මාලනී වනිගසේකර. මහරගම පිළිකා රෝහලේ රසායනාගාරයේ හෙද නිලධාරිණියක්‌ විදිහට වැඩ කරනවා. මට පිළිකාවක්‌ කියලා දැනගෙන අවුරුද්දක්‌ විතර බෙහෙත් ගත්තා. ඒත් දවසින්, දවස රෝගය උත්සන්න වුණා මිසක්‌ අඩු වුණේ නෑ. එහෙම ප්‍රතිකාර කරමින් ඉන්නකොට තමයි, මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. පන්සල් භූමියක මැරුණත් කමක්‌ නෑ කියලා හිතාගෙන තමයි, මම මෙතැනට ආවේ. මෙහෙට ඇවිත් ස්‌වාමීන් වහන්සේ කියපු විදිහට වත්පිළිවෙත් රකිමින් ප්‍රතිකාර ගත්තා. දවස්‌ විසි එකක්‌ ප්‍රතිකාර අරගෙන කොළඹ ඇවිත් රෝගී තත්ත්වය ගැන පරීක්‍ෂා කරලා බැලුවා. වෛද්‍ය වර්තාවෙන් තහවුරු වුණේ පිළිකා තත්ත්වය 80% ක්‌ විතර යහපත් තත්ත්වයට හැරිලා කියලයි. ඊට පස්‌සේ නැවත මම මේ පන්සලට ඇවිත් ස්‌වාමීන් වහන්සේ බැහැදැකලා දවස්‌ විසි එකක්‌ නතර වෙලා බෙහෙත් ගත්තා. එහෙම ප්‍රතිකාර අරගෙන කොළඹ ගිහින් පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෙනකොට පිළිකා රෝගය හොඳටම හොඳ වෙලා. ඒ වෙලාවේ මට දැනුණේ මැරිලා ඉපදුණා වගේ හැඟීමක්‌…’’


රෝගීන් ලැගුම් ගෙන සිටින කූඩාරම්

‘‘මෙතැනදී දකින, දැනෙන හාස්‌කම් ගැන කියන්න මට තේරෙන්නේ නෑ. අපිට නොපෙනෙන බලවේගයකින් අපේ ලෙඩ සුවපත් කරනවා, මට කියන්න තෙරෙන්නේ එච්චරයි. ඒ බලවේගය ශරීරයට ඇතුළු වෙන්න අපි හරියට සිල් රකින්න ඕනා. පස්‌ පවින් වළකින්න පුළුවන් නම් ඉක්‌මනින් හොඳ වෙලා ගෙදර යන්න පුළුවන්. පන්සලේ නතර කරගෙන බෙහෙත් කරන්නෙත් ප්‍රතිකාර ගන්න දවස්‌ විසි එකට හරි මස්‌, මාංශවලින් වැළකී සිටින්න ඕන නිසයි. මම නම් මේ පන්සලට එන්න අවුරුදු එකහමාරකට උඩ ඉඳලා පිළී ජාති කන්නේ නෑ. මම පතන්නේ මතු ආත්මයකදී වුණත් පිළී කෑමෙන් වැළකී සිටීමටයි. මට දැන් තියෙන දුක මේ තැන මුලදි දැනගන්න නොලැබීම ගැනයි. එහෙම දැනගත්තා නම් අපේ අක්‌කා අදත් ජීවතුන් අතර. අක්‌කා නැති වුණේ ගැබ් ගෙල පිළිකාවකින් අවුරුදු ගාණක්‌ දුක්‌විඳලා මහරගම පිළිකා රෝහලේදී මගේ අත් දෙක උඩදි අක්‌කා නැති වුණා. මහරගම ඉස්‌පිරිතාලේ පිළිකා රෝගීන් දුක්‌විඳින හැටි දැකලා මට ජීවිතයම කලකිරිලා තිබුණේ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී පිළිකාව නිට්‌ටාවටම සුවපත් කරන්න බෙහෙත් නැති වුණාට මේ පන්සලට එන පිළිකා රෝගීන් සම්පූර්ණ හොඳ වෙලා යන්නේ. ඒත් පිළිකා එන්නත් දීලා පිළිකාව ඔඩු දුවපු රෝගීන් හොඳ කරන්න ටිකක්‌ කාලයක්‌ යනවා…” පිළිකාවේ තවත් බිල්ලක්‌ ලෙස ජීවිතය නතර කිරීමට සිටි මාලනීට වාහල්කඩ මංගලාරාමයේදී ජීවිත දානය ලැබිණි. ඇයට නිවාඩුවක්‌ ලැබුණු සැණින් දුර කතර ගෙවා මංගලාරාමයට ගොස්‌ ලැගුම් ගෙන ප්‍රතිකාර ලබන රෝගීන්ට උවටැන් කිරීම පුරුද්දක්‌ කරගෙන සිටින්නීය.

මාලනී මෙන්ම ප්‍රතිකාර ලබා සුවපත් වී නික්‌ම ගිය බොහෝ දෙනා වාහල්කඩ ඉසිවර අරණට පැමිණ නායක හාමුදුරුවන්ගේ මෙන්ම පන්සල් බිමේ ප්‍රතිකාර ලබන මිනිසුන්ගේ සුවදුක්‌ විමසා බැලීම පුරුද්දක්‌ කරගෙන සිටින්නාහ. එසේ පැමිණ සිටි මුස්‌ලිම් ජාතික කාන්තාවක්‌ ද ඒ පින්බිමේදී අපට මුණගැසිණි. ඇය ජෙන්සියා ය. ගම පුල්මුඩේ ය. කාලයක්‌ ඇය විවිධ රෝගාබාධවලින් පීඩා විඳ ඇත. එහෙත් ඇයට ඇති රෝගය කිසිදු වෛද්‍යවරයකු හඳුනාගෙන නොතිබිණි. පසුව ඇය මේ පින්බිම ගැන දැනගෙන මෙතැනට පැමිණ ප්‍රතිකාර ලබාගෙන දැන් සුවපත් වී සිටින්නීය.

‘‘මම දවස්‌ විසි එකක්‌ මේ පන්සලේ නතර වෙලා බෙහෙත් ගත්තා. බෝධි පූජාවලට සම්බන්ධ වුණා. සිතට පුදුම සැහැල්ලුවක්‌ දැනුණා. මගේ ඇඟේ තිබුණු සියලු රෝග නැති වෙලා ගියා. දැන් මට කිසිම අමාරුවක්‌ නෑ. දරුවොත් එක්‌ක බොහෝම සතුටින් ජීවත් වෙනවා. දරුවො පස්‌ දෙනෙක්‌ ඉන්නවා. මට නිවාඩුවක්‌ ලැබෙන හැම වෙලාවකම මේ පන්සලට ඇවිල්ලා ලෙඩ්ඩුන්ට උපස්‌ථාන කරනවා. මේ බෝධිය ළඟට වෙලා පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. දැන් මම කිසිම පිළී ජාතියක්‌ කන්නේ නෑ. එළවළුයි, බතුයි විතරයි කෑමට ගන්නේ. පිළී හැන්දක්‌වත් මගේ කෑම එකට මුහු කරන්නේ නෑ. ඒක මම හිතාගත්තේ මේ පන්සලේ ප්‍රතිකාර ගන්නකොට. සතියක්‌ දෙකක්‌ මෙතැන එළවළුයි බතුයි කාලා ඉන්නකොට පිළී කෑම නිකම්ම එපා වෙනවා. ඒකත් මෙතැන හාස්‌කමක්‌. පණ අදින, දරහැවේ ගේන ලෙඩ්ඩුන්වත් මෙතැන හොඳ කරනවා. අන්තිමට හොඳට කතා බහ කරලා ඇවිදගෙන යනවා. ඒක කොහොම වෙනවාද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. අපේ මිනිස්‌සුත් ගොඩක්‌ අය මෙතැන නතර වෙලා බෙහෙත් කරගෙන හොඳ වෙලා ඉන්නවා. ඒ අයත් මෙතැනට ඇවිල්ලා දාන දීලා යනවා. මෙතැන ඉන්න හැමෝම හරිම හොඳයි. ආගම්, ජාති බේද නෑ. පුංචි බිස්‌කට්‌ එක වුණත් බෙදා හදාගෙන කනවා. හාමුදුරුවොත් හැම කෙනාටම එකම විදිහට සලකනවා. මම ඒකට ගොඩක්‌ ගරු කරනවා. හැම ආගමකටම ගරු කරනවා…’’ මුස්‌ලිම් ජාතික කාන්තාවකගෙන් පන්සලක්‌ ගැන එවැනි කතාවක්‌ ඇසීම ද සිතට සතුටකි. එහෙත් වාහල්කඩ මංගලාරාම පින්බිමේදී එවැනි කතා සාමාන්‍යයි. එයද මේ පින්බිමේ ආශ්චර්යයක්‌මය.

ජෙන්සියාගේ සමුගැනීමෙන් පසු අප සමඟ කතාවට සම්බන්ධ වූයේ ගම්පහ දිවුලපිටිය කුඩගම පදිංචි කාලිංග කුමාර. ඔහු වසරකට වැඩි කාලයක සිට සිරෝසිස්‌ රෝගයෙන් පීඩා වින්දේය. විශේෂඥ වෛද්‍යවරු යටතේ ප්‍රතිකාර ලබාගත්ත ද ඔහුගේ රෝගයට හරිහැටි බෙහෙතක්‌ නොවැටිණි. දිනෙන් දින රෝගය උත්සන්න විය. අවසානයේ පූරුවේ පිනකට ඔහුට වාහල්කඩ පන්සල ගැන ආරංචිය ලැබිණි.

‘‘2010 අවුරුද්දේ මට ‘බයි-පාස්‌’ එකක්‌ කළා. ඒකෙන් පස්‌සෙ මගේ ලේවල ඝණත්වය වැඩි වෙලා කියලා වෛද්‍යවරු කියනවා. කාලයක්‌ ලේ එක තැන තැන්පත් වෙලා වතුර බවට පත් වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මාසෙකට වතාවක්‌ ගම්පහ ඉස්‌පිරිතාලේ වෛද්‍ය සායනයට ගිහින් බෙහෙත් ගත්තා. ඒත් බඩ ඉදිමුම අඩු වුණේ නෑ. ඊට පස්‌සෙ මාස අටක්‌ විතර වෙදමහත්තයකුගෙන් සිංහල බෙහෙත් කළා. ඒ බෙහෙත් කරනකොට කිල්ලට අහුවෙන්න බෑ. ඉස්‌පිරිතාලෙකටවත් යන්න බෑ. තාත්තට හාට්‌ ඇටෑක්‌ එකක්‌ ඇවිත් තාත්තව බලාගෙන ඉස්‌පිරිතාලේ ඉන්න වුණා. එයින් පස්‌සෙ ඒ සිංහල බෙහෙත් කිරිල්ල නතර වුණා. මාස දෙකක්‌ විතර කිසිම බෙහෙතක්‌ කරන්නේ නැතිව හිටියා. මට හොඳටම අමාරු වුණා. ඊට පස්‌සේ මම විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂණ කරලා බලලා ‘ඔයාගේ අක්‌මාවේ බාගයක්‌ විතර නරක්‌ වෙලා. ඉක්‌මණින් අක්‌මා බද්ධයකට යන්න වෙනවා. ඒත් ඔයාට බයි ෆාස්‌ එකක්‌ කරලා තියෙන නිසා අක්‌මා බද්ධයකට යන්න බෑ. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. පුළුවන් තරම් කාලයක්‌ බෙහෙත්වලින් රෝගය පාලනය කරගෙන යමු’ කියලා කිව්වා. මරණයට හිත හදාගෙන මම ජීවත් වුණා. බඩ ඉදිමිලා කලිසමක්‌වත් අඳින්න බැරි තත්ත්වයට පත් වුණා. අත් දෙක හීන් වෙලා කකුල් ඉදිමුණා. කන්න බැරි වුණා. බෙහෙත් බිව්වා ඒත් වැඩක්‌ වුණේ නෑ. එහෙම ඉන්නකොට තමයි මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. මේ පන්සලේ නතර වෙලා බෙහෙත් කරන්න පටන් අරගෙන සතියක්‌ විතර යනකොට ඇඟට දැනුණු සියලු අපහසුතා නැති වෙලා ගියා. බඩේ ඉදිමුම බැහැලා කන්නත් පුළුවන් වුණා. දවස්‌ විසි එකක්‌ ගිහිල්ලා වෛද්‍යවරයකුට පෙන්නලා ලේ, මුත්‍රා පරීක්‍ෂණයක්‌ කළා. දෙයියනේ… සියලු රිපෝට්‌ පොසිටිව්. කෙළින්ම මම රිපෝට්‌ ටික අරගෙන පන්සලට ඇවිත් හාමුදුරුවන්ට දීලා වැන්දා. ඊයේ ගිහින් අක්‌මාවේ ස්‌කෑන් රිපෝට්‌ එකක්‌ ගත්තා. ස්‌කෑන් එක කරපු වෛද්‍යවරයා ‘ඔයාගේ අක්‌මාව ඩැමේඡ් වෙලා කියලා කවුද කිව්වේ’ කියලා මගෙන් ඇහුවා. ඊට පස්‌සේ මම ඒ වෛද්‍යවරයාට තත්ත්වය පැහැදිළි කළා. ඒ මහත්තයත් පුදුමයට පත් වුණා. මගේ ජීවිතය බේරා දුන්න පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා…’’ ඔහු ඉහළ අහස දෙස බලාගෙන දොහොත් මුදුන් තබා පින් දුන්නේය. අප හා කතා කරන කාලිංගගේ ගතේ කිසිදු ලෙඩ පෙනුමක්‌ නැත. ඔහුගේ සිනා පිරුණු මුහුණ ඒ බව අපට සනාථ කළේය.

කාලිංගගේ සතුටු කතාව අවසානයේ අපි තවත් කූඩාරමක්‌ අසල නතර වීමු. එම කූඩාරම තුළ සිටින්නේ පඬුවස්‌නුවර ප්‍රාදේශීය ලේකම්තුමියයි….

මතු සම්බන්ධයි…

විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.

————————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 4
(12.03.2017 – divaina.com)

නාවික හමුදා නිළධාරියකුගේ අක්‌මාවේ පිළිකාව සුව වූ හැටි…

• බුලත් කොළ නවය දුන්න හැටියේ හාමුදුරුවෝ ලෙඩේ ගැන කිව්වා…
• ස්‌නායු ආබාධිත දරුවා සුවපත් වූ අරුමය


කපු මහත්මයෙක්‌ රෝගී දරුවකුට බෙහෙත් කරන අයුරු…

හොරොව්පොතාන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද මෙහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ සිව්වැනි කොටසය.

කාලයක්‌ සිරෝසිස්‌ රෝගයෙන් පීඩා විඳි කාලිංග වාහල්කඩ ඉසිවර අරණේදී අප සමඟ කතා කළේය. ඔහු වාහල්කඩ ඉසිවර අරණෙන් ප්‍රතිකාර ගෙන දැන් රෝගය නිට්‌ටාවටම සුව වී ඇති බව අපට කීවේය. ඒ කතාව පසුගිය සතියේ අප ඔබට කීවේය. කාලිංග සමඟ කතාබහෙන් පසු අපි වාහල්කඩ ඉසිවර අරණේ ඇති තවත් කූඩාරමක්‌ අසල නතර වීමු. එම කූඩාරම තුළ සිටින්නේ පඬුවස්‌නුවර ප්‍රාදේශීය ලේකම්තුමියයි. මේ ඇය කියන කතාවයි.


මව රේණුක සහ දුව උපේක්‍ෂා

‘‘වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ මට පිළිකාවක්‌ වැළඳිලා කියලා. දැනගෙන වැඩි කාලයක්‌ නෑ. ඒ එක්‌කම වගේ හොස්‌පිට්‌ල් එකේදී අම්මා කෙනෙක්‌ මේ පන්සල ගැන මට කිව්වා. පන්සලක බොරු කෙරෙනවා අඩුයි. ඒ නිසා මම තාත්තා එක්‌ක මෙතැනට ආවා. ඒත් නවතින්න බලාගෙන නෙමෙයි. හාමුදුරුවන්ට බුලත් කොළ නවය දුන්න විතරයි. හාමුදුරුවො මගේ ඇඟේ තියෙන ලෙඩේ දැක්‌කා වගේ තියෙන තැන හැම දෙයක්‌ම කිව්වා. ඒ වචනත් එක්‌ක මට ලොකු විශ්වාසයක්‌ ගොඩනැඟුණා. ඊට පහුවැනිදාම මම ඇවිත් නතර වෙලා ප්‍රතිකාර පටන් ගත්තා. මුලින්ම පත්තිනි මෑණියන්ට පඬුරක්‌ අරන් තියෙනවා. ඊට අමතරව හැමදාම හවසට බෝධි පූජාවක්‌ කෙරෙනවා. මෙතැන ඉන්න සෑම දෙනාම බෝධි පූජාවට සහභාගි වෙනවා. සෙනසුරාදා හවසට පත්තිනි මෑණියන් වඩම්මවලා රෝගීන්ට සෙත් ශාන්ති කරනවා. සෑම රෝගියකුටම හාමුදුරුවෝ දෙහි කපනවා. පිරිත් පැන් බොන්න දෙනවා. ඒ වෙලාවට ඇඟේ වෙනස්‌කම් වෙනවා හොඳට දැනෙනවා. ඒක අත්විඳලම බලන්න ඕනෑ. එතකොට තමයි සත්‍ය නිවැරැදිව තහවුරු වෙන්නේ…’’

‘‘දවසකට රෝගීන් පස්‌ හය දෙනෙක්‌ රිපෝට්‌ හොඳයි කියලා මෙතැනින් පිට වෙලා යනවා. පහුගිය දවස්‌වල වෛද්‍යවරයෙක්‌ මෙතැන හිටියා. ඒ වෛද්‍යවරයාගේ අම්මට සිරෝසිස්‌. ඩොක්‌ටර්ගේ අක්‌කටත් ගර්භාෂයේ ගෙඩි ඇවිත් බොහෝම අමාරු තත්ත්වයේ හිටියේ. ඒ රෝගීන් දෙන්නම මෙතැනින් ගියේ සම්පූර්ණයෙන්ම සුව වෙලා. මෙතැනදී ලෙඩ හොඳ වෙන විදිහ හිතා ගන්නවත් බෑ කියලා ඒ වෛද්‍යවරයාත් මට කිව්වා. නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක්‌ මෙතැන වෙදකම් ගන්න ඇවිත් හිටියා. එයාගේ අක්‌මාවේ පිළිකාවක්‌. එයාටත් ගෙඩිය වියෑකිලා ගැහිල්ලා දැන් හොඳටම හොඳයි. ඒ හැම කෙනෙක්‌ම මෙතැනින් ගියේ පුදුමාකාර සතුටකින්. ඒ මිනිස්‌සු කියන දේවල් ඇහෙනකොට අපේ හිතටත් හරිම සැනසීමක්‌ දැනෙනවා. මෙතැන බෙහෙත් විතරක්‌ නෙමෙයි කෙරෙන්නේ. වෙදකමයි, හෙදකමයි දෙකම කෙරෙනවා. මම මෙතැනට ඇවිත් සති දෙකක්‌ විතර වෙනවා. දැන් මට යහපත් වෙනසක්‌ දැනෙනවා. තවමත් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ කරලා බැලුවේ නෑ. ඉදිරියේදී කරලා බලනවා…’’

‘‘මෙතැන අපි ගත කරන ජීවිතය හරිම අල්පේච්ඡයි. හැමෝම ඉන්නේ කූඩාරම්වල. උයා පිහාගෙන කන්න තියෙන්නේ වළං දෙකයි. එක ගෙදරකට දවසකට පිල්ටර් කරපු වතුර ලීටර් දහයක්‌ දෙනවා. ඒකත් නොමිලේ දෙන්නේ. වතුර දෙනවා කිව්වහම හැමෝම වතුර ගන්න පෝළිමේ යනවා. හවස කාටහරි අසනීපයක්‌ හැදුනොත් හැමෝම දුවගෙන ඇවිත් බලනවා. තරුණ කාන්තාවක්‌ තනිපංගලමේ කූඩාරමක හිටියා කියලා කිසිම ගැටලුවක්‌ නෑ. ආරක්‍ෂාව හොඳට තියෙනවා. මෙතැන ස්‌වෙච්ඡාවෙන් වැඩ කරන කපු අම්මලා, කපු තාත්තලා රෑ තිස්‌සේ නිදිවරාගෙන අපේ ආරක්‍ෂාව තහවුරු කරනවා. මේක මනුස්‌සකම පිරුණු පොඩි ගම්මානයක්‌. වැවෙන් නාලා, එළවළු බත් කාලා කාර්ය බහුල ජීවිතවලින් මිදිලා මෙතැන ගත කරන දවස්‌ විසි එක මගේ ජීවිතේ අමතක නොවන සුන්දරම කාලපරිච්ඡේදයක්‌…’’ සමාජයේ උසස්‌ යෑයි සිතා පුහුමාන්නයෙන් පිම්බී සිටින මිනිසුන් අතර ඇය නිරහංකාර ගති පැවතුම් ඇති නිලධාරිණියකි. නම සඳහන් කිරීමෙන් වැළකී සිටින්නැයි අපට කීවේ වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ගන්නා බව දැනගත් පසු ඇයගේ සුවදුක්‌ බැලීමට ඥාතීන්, හිතමිතුරන් පැමිණෙන නිසාය. එය ඇයගේ නිදහසට බාධාවක්‌ වන බැවිනි.

ප්‍රාදේශීය ලේකම්තුමිය සමඟ කතාබහ කරන අතරේ ඉඳහිට එහා, මෙහා ගිය මගේ දෙනෙත් පුංචි දියණියක්‌ අසල මොහොතකට නතර විය. ඇය කූඩාරමක්‌ ඉදිරිපිට පුටුවක්‌ මත හිඳගෙන සිටින්නීය. ඇයගේ ඇඟ පුරා තෙල් ආලේප කර ඇති බවක්‌ පෙනේ. ප්‍රාදේශීය ලේකම්තුමියට සමු දුන් අපි පුංචි සිඟිත්තිය අසලට ගියෙමු. කූඩාරම තුළ තවත් පුංචි දරුවන් දෙදෙනකු සමඟ තරුණ කාන්තාවක්‌ සිටිති. අපි ඒ කාන්තාවට කතා කළෙමු. ඇය රේණුකා කුමාරි කරඳගොල්ලය. දරුවන් තිදෙනකුගේ මවකි. මේ ඇය කියන කතාවය.

‘‘අපි මෙහාට ආවේ දඹුල්ලේ ඉඳලා. මගේ මහත්තයා පාසල් මුරකරුවකු විදිහට වැඩ කරනවා. දෙවැනි දුව තමයි ලෙඩ වෙලා ඉන්නේ. දුවට ඇවිදින්න වාරු නෑ. මගේ පුංචි දුවට මේ දේ උදා කළෙත් වෛද්‍යවරුම තමයි. මගේ ලොකු දරුවා සීසර් කරලා ගත්තේ. දෙවැනි දරුවා සීසර් කරලා ගන්න ඕන කියලා වෛද්‍යවරු නිර්දේශ කළා. ඒ අනුව මම දුව හම්බ වෙන්න දඹුල්ල රෝහලට ඇතුළත් වුණා. 2007 ජනවාරි 21 වැනිදා මට අමාරු වුණා. ඒ වෙනකොට සීසර් කරන්න වෛද්‍යවරයා හිටියේ නැති නිසා මාව මාතලේ මහ රෝහලට මාරු කළා. දරුවා ලැබෙන්න කිට්‌ටු වෙනකොට මට ගොඩක්‌ අමාරු වුණා. මම කෑගහනකොට ඒ රෝහලේ වෛද්‍යවරු සීසර් කරන්නේ නැතිව අඬු දලා දරුවා ඇඳලා ගත්තා. දරුවටත් ගොඩක්‌ අමාරු වුණා. අවුරුදු තුනක්‌ ගත වෙලත් දරුවාගෙන් කිසිම ක්‍රියාකාරකමක්‌ දැක්‌කේ නෑ. ගමේ රෝහලේ ඉඳලා කොළඹ ළමා රෝහලට දරුව අරගෙන ගියා. අවුරුදු ගණනාවක්‌ රෝහල්වල නතර කරගෙන හිටියා. ඒ එකම තැනකින්වත් ඖෂධ ප්‍රතිකාරයක්‌ කළේ නෑ. ව්‍යායාම කරන්න දුන්නා විතරයි. ඒත් කිසිම ප්‍රතිඵලයක්‌ දකින්න ලැබුණේ නෑ. ස්‌නායු රෝග සම්බන්ධයෙන් ඉන්න හැම විශේෂඥ වෛද්‍යවරයකුටම දුව පෙන්නුවා. ඒ හැම වෛද්‍යවරයෙක්‌ම කිව්වේ ‘දරු උපතේදී මොළේ ස්‌නායුවලට හානි වෙලා මොළයට විෂබීජ ඇතුළු වීම නිසා දරුවා ස්‌නායු ආබාධයකින් පෙළෙනවා’ කියලයි. අපි දුව හොඳ කරන්න නොවිඳිනා දුක්‌ වින්දා. ඔහොම ඉන්න අතරේ තමයි අපේ ගමට අල්ලපු රනව ගමේ කතා කරන්න බැරිව හිටිය පිරිමි දරුවෙක්‌ව මේ පන්සලට ගෙනත් ප්‍රතිකාර කරලා කතා කරනවා කියලා දැන ගන්න ලැබුණේ. මුළු ගමේම මිනිස්‌සු පුදුම වුණා. ඒ දරුවගේ දෙමවුපියෝ තමයි අපිටත් මේ පන්සලට එන්න කිව්වේ…’’

‘‘ළමයා සනීප කරන්න පුළුවන් කියලා හාමුදුරුවො කිව්වා. එදාම අපි නතර වෙලා වෙදකම් කරන්න පටන් ගත්තා. හැමදාම බෝධි පූජාවට සම්බන්ධ වුණා. හැමදාම දරුවා අල්ලාගෙන ගිහින් චෛත්‍යය වන්දනා කළා. හත්වැනි දවසේ චෛත්‍යය වන්දනා කරලා ආපසු එන්න සූදානම් වෙනකොට මගේ දුව චෛත්‍යය ළඟ ඉඳලා තනියම පහළට දුවගෙන ආවා. ඒක දැක්‌කම මට කෑගැසුණා. ඒ වෙලාවේ ඇති වෙච්ච සතුට කියන්න වචන නෑ…’’ දැනුදු ඇයගේ දෙනෙත්වලින් සතුටු කඳුළු උතුරා ගලා දෙකොපුල් තෙත් කරන්නීය. ඇයට කඳුළු පාලනය කර ගැනීමට නොහැකි විය. මොහොතකට කතාව නතර විය. අපි පුංචි සිඟිත්තිය දෙසට හැරුණෙමු.

ඇය උදානි උපේක්‍ෂා රත්නායකය. පුංචි දෝණි මුව පළල් කර අප දෙසට මඳහස පාති. මේ මොහොතේ ඇයට පොළොවේ පය ගැසීමට නොහැකි ඇඟ පුරා තෙල් බෙහෙත් ආලේප කර ඇති හෙයිනි. එසේ නොවෙන්න පුංචි දියණිය දැන් කිසිවකුගේ වාරුවක්‌ නොමැතිව පොළොවේ පය ගසා ඇවිදින්නීය.

‘‘දැන් මගේ පොඩි දුවට හොඳටම සනීපයි. මගේ දරුව සනීප කරලා දුන්න පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනෑ… නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනෑ… නායක හාමුදුරුවො වෙදකම විතරක්‌ නෙමෙයි අපේ ආරක්‍ෂාව ගැනත් හොඳට හොයලා බලනවා. මේ වගේ කරුණාව දක්‌වන ස්‌වාමීන් වහන්සේ නමක්‌ ජීවිත කාලයට දැකලා නෑ. උන්වහන්සේ කිසිම කෙනෙකුට විශේෂත්වයක්‌ දක්‌වන්නේ නෑ. හැමෝටම එක වගෙයි. තව සතියක්‌ දෙකක්‌ යනකොට මගේ දුවට හොඳටම සනීප වෙනවා. ඒක මට විශ්වාසයි. ඒත් ඉතිං පිං කැටයක්‌වත් නැති පන්සලේ හාමුදුරුවන්ට, කාර්ය මණ්‌ඩලයට පිං දෙනවා මිසක්‌ වෙන කරන්න දෙයක්‌ නෑ…’’ ආබාධිතව සිටි උපේක්‍ෂාව කරපින්නාගෙන රෝහල් ගානෙ ගිය රේණුකා අද සතොසින්ය. ඇය හෙට නිවසට යන්නේ දෙපයින් ඇවිද යන උපේක්‍ෂා සමඟය.

වාහල්කඩ පින්බිමේදී නිරන්තරයෙන් ඇසෙන්නේ මියෑදෙමින් තිබූ මිනිස්‌ අවයවවලට ජීවය දුන් කතාය. මේ පින්බිමේ ප්‍රතිකාර ගන්න සහ ප්‍රතිකාරගෙන සුව වී සිටින අය කියන කතාවලට සිත නැවුම් ප්‍රබෝධයකින් පිරෙන්නේය. එහෙත් ඇතැම් අය තම රෝගී තත්ත්වය ගැන කතා කිරීමටත්, පින්බිමේ හාස්‌කම් ගැන කතා කිරීමටත් මැලි වන විට අපේ සිතට මහත් දුකක්‌ දැනේ. දුෂ්කර වාහල්කඩ පන්සලේ, රටේ ප්‍රසිද්ධ චරිතයක්‌ නොවන රත්නපුරේ ධම්මකුසල හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ගෙන ලෙඩ සනීප වුණා කියා නම් ගම් සහිතව රටට පැවසීම ඔවුන්ට මදිපුංචිකමකි. වාහල්කඩ පින්බිමේ කූඩාරම්ගතව සිල්වත් ජීවිතයක්‌ ගත කර ප්‍රතිකාර ගෙන මරණය කල් දමා ගත්ත ද ඔවුන්ගේ සිත් තුළ පැළපදියම්ව ඇති පුහුමාන්නයට ප්‍රතිකාර ලැබී නැත. සමාජයේ එවැනි රෝගවලට ප්‍රතිකාර කිරීමට සත්පත්තිනි මෑණියන්ට නොහැකිය. ඒ ගැන කතා කිරීමට මීට වඩා වචන නාස්‌ති කිරීම ද ඵලක්‌ නැත.

වාහල්කඩ ඉසිවර අරණ ගැන ‘දිවයින’ කරන හෙළිදරව්වත් සමඟ එම පින්බිමට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ විශාල වර්ධනයක්‌ පෙන්නුම් කෙරේ. මේ පින්බිමේ ආශ්චර්යයේ මහිමයට, යන ඕනෑම කෙනෙකුට කූඩාරමක්‌ අටවා ගැනීමට ඉඩ පහසුකම් ද ලැබේ. එහෙත් කඳු ගැටයක්‌ මත පිහිටි විහාරස්‌ථානය වැසි කාලයට සේදී යන්නේය. කූඩාරම්වල ලැගුම් ගෙන සිටින රෝගීන් දහසකට අධික පිරිසකට යන එනමං නැති වී යන්නාහ. එහෙයින් රටේ පුරවැසියන් විදිහට වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ලබන අසරණයන්ට අහිගුණ්‌ඨික ජීවිත ගත කිරීමට ඉඩ දී බලා සිටීමට නොහැකිය. දැන් අප කළ යුතුව ඇත්තේ වාහල්කඩ මංගලාරාමයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට නවාතැන් ගැනීමට ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට එකමුතු වීමය. එය අපට කළ නොහැකි දෙයක්‌ නොවේ. අවශ්‍යව ඇත්තේ උපකාර කිරීමට ඉදිරිපත් වීම පමණි.

විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව සේනානායක මහතාට.

———————————

ඉසිවර පින්බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 5
(19.03.2017 – divaina.com)

දිරාපත් ශරීරයෙන් ඉසිවර අරණට ගෙන ආ තරුණිය ජීවිතය ලද හැටි…

• මොළයේ ගෙඩිය නිසා අනන්ත දුක්‌විඳ ජීවිතය එපා වූ රූපිකාට ඉසිවර අරණෙන් විස්‌මිත ප්‍රතිකාරයක්‌…
• මෙතැනට ආවේ මාගේ සියලු දේපළ පුතාට ලියලා දීලා…
• දුව මෙතැනට ගෙනාවේ දරහැවේ, මෙලෝ සිහියක්‌ නෑ…
• ඉසිවර අරණේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට නවාතැන් ගන්න ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ පරිත්‍යාග කිරීමට අවස්‌ථා

හොරොව්පොතාන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකුගඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතිත් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ පස්‌වැනි කොටසය.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උපේක්‍ෂාගේ පණ නැති දෙපාවලට වාහල්කඩ ඉසිවර අරණේදී ජීවය ලැබුණු හැටි උපේක්‍ෂාගේ මව රේණුකා අපට කීවාය. පසුගිය සතියේ ඒ කතාව අපි ඔබට කීවෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ උපේක්‍ෂලා ලැගුම් ගෙන සිටින කූඩාරමට යාබද කූඩාරමේ සිට වෙදකම් ලබන වේයන්ගොඩ වටද්දර ඒ. ඒ. රූපිකා චිත්‍රාංගනී අම්මා කියන කතාවය.

‘‘දුර බැහැර නිසා මේ ගමන ගැන මගේ හිතට බයකුත් ආවා. ඒත් ගෙදර හිටියත් මැරෙනවා නේ කියලා මම මේ ගමන එන්න හිත හදා ගත්තා. පන්සලට පය ගහලා සෙනඟ කන්දරාව දැක්‌කම මගේ හිතේ තිබුණු බය ගතිය නැත්තටම නැති වුණා. මේ සේරම ඇවිත් ඉන්නේ ලෙඩට බෙහෙත් ගන්න කියලා දැනගත්තම හිතට පුදුම සැහැල්ලුවක්‌ දැනුණේ…’’ සිනාව පිපුණු මුව මඬල දැනුදු ඇය සතුටින් සිටින බවට සාක්‍ෂිය. බැලු බැල්මට ඇය තුළින් ලෙඩ පෙනුමක්‌ ද නොපෙනේ. ප්ලාස්‌ටික්‌ අසුන මත හරි බරි ගැසුණු රූපිකා අම්මා කතාව මුල සිටම පටන් ගත්තාය.

‘‘මම කටුනායක ඒ.ඡේ.එස්‌. ආයතනයේ විධායක නිලධාරිණියක්‌ විදිහට අවුරුදු 13 ක්‌ වැඩ කළා. මගේ පළමු දරුවා බිහි වෙලා වසර දෙකක්‌ ගත වූ පසු දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් රුබෙල්ලා එන්නත ලබා ගත්තා. එන්නත ලබාගත්ත පළමු දිනයේම නොනවත්වාම වමනය ගියා. මම ඉස්‌පිරිතාලේට ගිහිල්ලා නතර වුණා. වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා මට කිව්වා ‘මේ රුබෙල්ලා එන්නත ගත්ත නිසා ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක්‌ නෙමෙයි ; මගේ කුඩා මොළයට ආසන්නයේ ගෙඩියක්‌ හටගෙන තියෙනවා’ කියලා. ඊට පස්‌සේ ඔපරේෂන් එකක්‌ කරලා ගෙඩිය ඉවත් කළා. සනීප වුණාට පස්‌සේ සාමාන්‍ය පරිදි වැඩපළ කරගෙන ගියා. අපිටම කියලා හේමචන්ද්‍ර පුත්‍ර සමාගම කියලා ව්‍යාපාරයක්‌ පටන් ගත්තා. සුර, තඹකොළ, පිත්තල භාණ්‌ඩ නිෂ්පාදනය කළා. සේවකයින් දහ හතක්‌ සේවය කරනවා. අපි බොහෝම සතුටින් ජීවත් වුණා. ඔපරේෂන් එක කරලා අවුරුදු පහළොවක්‌ විතර යනකොට නැවත මට තද හිසේ කැක්‌කුමක්‌ ආවා. ඉස්‌පිරිතාලේ නතර වෙලා සී.ටී. ස්‌කෑන් එකක්‌ කරලා බලනකොට සෙමි. 9 විතර ගෙඩියක්‌ මතු වෙලා. ඔපරේෂන් එකක්‌ කරලා ගෙඩිය ඉවත් කරමු කියලා වෛද්‍යවරු කිව්වා. ඒත් මම ඒකට කැමැති වුණේ නෑ. ‘කොච්චර ඔපරේෂන් කළත් වැඩක්‌ නෑ. මේක මගේ කරුමය’ කියලා වේදනා නාශක බෙහෙත් ටිකක්‌ අරගෙන මම ගෙදර ආවා. හිසේ වේදනාව වචනවලින් විස්‌තර කරන්න බෑ. හිස කකියන්න ගත්තම මැරෙන්න හිතුණ වාර අනන්තයි. කෑම කන්න බෑ. වතුර උගුරක්‌ බොනකොටත් හිස ඇදුම් කනවා. පුදුම වේදනාවක්‌ වින්දේ. වේදනා නාශක පෙති බිබී හිටියා. ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අතහැර දාලා තමයි ජීවත් වුණේ. එහෙම ඉන්න අතරේ තමයි මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ…’’

‘‘මම මේ පන්සලට එන්න තීරණය කරලා මගේ තිබුණු සියලු දේපළ එකම පුතාට ලියලා දුන්නා. මේ පන්සලට ඇවිත් අදට දවස්‌ විසි එකයි. දැන් වේදනා නාශක බෙහෙත් පෙති පාවිච්චි කරන්නේ නෑ. තෙල් බෙහෙත්, සිංහල බෙහෙත් පාවිච්චි කරනවා. දැන් මට කිසිම වේදනාවක්‌ දැනෙන්නේ නෑ. හොඳට කෑම කන්න පුළුවන්. වතුර බොන්න පුළුවන් කලින් තිබුණු වේදනා මොනවත් නෑ. මට හිතෙන්නේ මගේ ජීවිතය නැවත ලැබිලා කියලයි. සත්පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා… නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනා…’’ රූපිකා අම්මා දොහොත් මුදුන් තබා එසේ ප්‍රාර්ථනාවන් කරන අතරේ මගේ දෙනෙත් තවත් කූඩාරමක්‌ අසල නතර විය.

විහාර භූමියේ ඇති දිවුල් ගස යට ඉටි රෙදිවලින් ආවරණය කරන ලද පුංචි කූඩාරමකි. සම රැළි වැටී ගොස්‌ සිරුර දිරාපත් වී ගිය වයෝවෘද්ධ මවක්‌ ඇඳ මත හාන්සි වී සිටින්නීය. ඇය අසල තවත් වියපත් කාන්තාවකි. අපි ඒ කාන්තාව සමඟ කතා කළෙමු.

‘‘මේ මගේ දුව. අවුරුදු තිස්‌ හයයි. අනේ බලන්න දිරාපත් වෙලා තියෙන හැටි…’’

ඇය කියන කතාව අදහාගැනීමටවත් නොහැකිය. ඇස්‌ ගෙඩි ලොකු කර නැවත මම ඇඳ මත වැතිරි සිටින කාන්තාව හොඳින් විපරම් කළෙමි. සම නොතිබෙන්නට ඇට කටු කූඩුව එළියට එන ගානය. ඇස්‌ ගිලී, කොණ්‌ඩය හැලී මුහුණ විරූපී වී ගොස්‌ය. අත් දඬු බට කෝටු වැනිය. අප අසල සිටින අනෙක්‌ කාන්තාව ඇයගේ මවයි. ඔවුන් වාහල්කඩ මංගලාරාමයට පැමිණ සිටින්නේ කුරුණෑගල කොරොස්‌ස, දොඩම්ගස්‌ලන්ද ප්‍රදේශයේ සිටය. ඇඳ මත වැතිරි සිටින කාන්තාවගේ නම චන්ද්‍රිකා දිලානි සෝමරත්නය. ඇයගේ මව ඩී. ජී. පේමචන්ද්‍රය.

‘‘දුව කසාද බැඳලා දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. දුවගේ මහත්තයා ගොවිතැන් කරන්නෙ. දුවට දියවැඩියාව තිබුණා. දියවැඩියාවට බෙහෙත් බොනකොට කකුල් දෙක පණ නැතිව ගියා. නුවර රෝහලේ නතර කරලා බෙහෙත් කළා. 51 ස්‌නායු වාට්‌ටුවේ දවස්‌ 10 ක්‌ නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ඒත් අඩුවක්‌ වුණේ නෑ. පස්‌සේ ටිකට්‌ කපාගෙන ගිහිල්ලා අකුරණ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්නුවා. එතැනදී පරීක්‍ෂණ කරලා බලලා කිව්වා දුවට පිළිකාවක්‌ කියලා. පස්‌සේ ආයෙමත් නුවර ඉස්‌පිරිතාලෙට ඇතුළු කළා. 49 පිළිකා වාට්‌ටුවේ ප්‍රතිකාර ගත්තා. වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා ‘පිළිකාව තියෙන්නේ සුෂුම්නාවේ කරන්ට්‌ අල්ලන්න, ඔපරේෂන් කරන එක අවදානම්. ටිකට්‌ කපාගෙන ලෙඩාව ගෙදර ගෙනිහින් කැමැති දෙයක්‌ කන්න දීලා හොඳට බලා ගන්න’ කියලා කිව්වා…’’

‘‘ඒ කතාව අහලා මටත් ජීවිතය එපා වුණා. මෙහෙම දේවල් අහන්න අපි මෙච්චර පව් කළාද කියලා මම දුවට වඩා ඇඬුවා. ඒ වෙනකොට දුවට සිහිකල්පනාව නෑ. කතා කරන්නත් බෑ. කෑම කන්න බැරිව ගියා. වතුර පෙව්වේ බටයකින්. දුව දවසින්, දවස අපෙන් ඈත් වුණා. අපි එයාව දැකලා මැරි, මැරි ඉපදුණා. එහෙම ඉන්නකොට තමයි පිළිකාවට බෙහෙත් කරන මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. ඒත් දුව වාහනයකවත් ගෙනයන්න බැරි තත්ත්වයට ඔත්පල වෙලා හිටියේ. පස්‌සෙ අපි කොහොමහරි වාහනයක දාගෙන ගෙනල්ලා පන්සලට උස්‌සගෙන ආවේ ලෑල්ලක්‌ උඩ තියාගෙන. මළකඳක්‌ වගෙයි. ස්‌වාමීන් වහන්සේ දුව සනීප කරන්න භාරගනී කියලා අපිට විශ්වාසයක්‌ තිබුණෙත් නෑ. හාමුදුරුවො හොඳින් දුව පරීක්‍ෂා කරලා බලලා කිව්වා ‘අපි උත්සාහ කරලා බලමු පන්සලේ නතර වෙන්න’ කියලා…’’

‘‘ප්‍රතිකාර කරන්න පටන් අරගෙන මාස තුනක්‌ වෙනවා. දැන් දුවට ගොඩක්‌ දුරට සනීපයි. හොඳට කතාබහ කරනවා. කෑම කනවා. ඇඳේ වාඩි වෙලා ඉන්නවා. දුව මේ මහත්තේලත් එක්‌ක කතා කරන්න…’’ පේමචන්ද්‍ර අම්මා එසේ කියමින් දිලානිගේ හිස පිරිමදින්නට විය. ගිලුණු හකු හැඩ කරමින් දිලානි සිනාසෙන්නීය. දිලානි හරි බරි ගැහෙමින් ඇඳේ වාඩි වීමට උත්සාහ කළ ද අපි ඇය වැළකුවෙමු. එහෙත් නිරෝගී බව සනාථ කිරීමට ඇය ඇඳ මත ඈදි ගත්තාය.

‘‘මම මැරිලා ඉපදුණා. අම්මලා මේ පන්සලට ගෙනාවේ මළකඳක්‌. ඒ කිසිම දෙයක්‌ මම දන්නෙ නෑ. පියවි සිහිය එනකොට මම හිටියේ කූඩාරම ඇතුළේ මේ ඇඳ උඩ. සිහිකල්පනාව ඇවිත් ටික දවසක්‌ යනකොට මට කතා කරන්න පුළුවන් වුණා. තව ටික දවසක්‌ යනකොට මගේ අතින්ම අල්ලගෙන කෑම කන්න, වතුර ටික බොන්න පුළුවන් වුණා. දැන් මට හොඳටම හොඳයි. තනියෙන් නැඟිටලා ඇඳේ ඉඳගන්නවා. කොණ්‌ඩය පීර ගන්නවා. මේ පින්බිම නොතිබෙන්න අද මම ජීවතුන් අතර නෑ. මගේ දරු දෙන්නට අම්මා කියන්න මට ජීවිතය දුන්න සත්පත්තිනි මෑණියන්ට බුදු බව අත්වෙන්න ඕනා. නායක ස්‌වාමීන් වහන්සේත් බුදු වෙන්න ඕනා. ඒ හාමුදුරුවන්ට තියෙන්නෙ බෝසත් ගතිගුණ. උදේ පාන්දර කූඩාරම් ගානේ ඇවිදලා ලෙඩ්ඩුන්ගේ සුවදුක්‌ බලනවා. ළඟ කවුරුවත් නැති රෝගීන්ට කවනවා, පොවනවා, සියලු කටයුතු කරනවා. මේ හාමුදුරුවන්ව හැදු වැඩූ දෙමවුපියන්ට මේ පින් බලෙන් නිවන් දකින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ ලෙඩේ හැදිලා කියලා දැනගත්ත දවසේ ඉඳලා මගේ ළඟින්ම හිටිය මගේ අම්මා මතු ආත්මයන්වලදී ද මගේම අම්මා වෙන්න ඕනා. අම්මා මේ කූඩාරමට වෙලා පුදුම දුකක්‌ විඳින්නෙ. හරියට කෑමක්‌ නෑ. පන්සලෙන් දෙන එළවළුයි බත් ටිකයි තමයි අම්මත් කන්නෙ. හරිම රසට, පිරිසිදුවට තුන්වේලටම අපිට කන්න දෙනවා. ඒ කරන කිසිම සත්කාරයකට රුපියලක්‌වත් අය කරන්නෙ නෑ. ලෙඩ හොඳ වෙලා යන මිනිස්‌සු හාමුදුරුවන්ට මොනවද නොදෙන්න හදන්නේ. ඒ කිසිම දෙයක්‌ හාමුදුරුවො ගන්නෙ නෑ. ඒ හැමෝටම හාමුදුරුවො කියන්නේ මේ ඉන්න රෝගීන්ට දාන වේලක්‌ දෙන්න. පුළුවන් නම් මේ රෝගීන්ට ඉන්න ගොඩනැඟිල්ලක්‌ හදලා දෙන්න. එච්චර තමයි. අර පිං කැටේට දාන්න. මේ පිං කැටේට දාන්න කියලා කියන්නෙ නෑ. මේ පන්සලේ පිං කැට නෑ. මේක පුදුම තැනක්‌. තව සතියකින් දෙකකින් මට ගෙදරට යන්න පුළුවන් වෙයි. ඒ ගියත් මට පුළුවන් හැම මොහොතකම මම මේ පන්සලට ඇවිත් රෝගීන්ට උපකාර කරනවා. මෙතැන ඉන්නකොට හිතට දැනෙන සැහැල්ලුව වෙන කොහේවත් නෑ. ඒක මේ පින්බිමේ ආශ්චර්යය. මට තේරෙන්නේ එච්චරයි…’’ හඬක්‌ නැතිව සිටි දිලානිගේ මුව මැෂිමක්‌ සේ ක්‍රියාත්මක විය. තවත් දිලානිව වෙහෙසට පත් කිරීමට නොසිතේ. එහෙයින් අපි ඇයට සමු දී ඉදිරියට පියමන් කළෙමු.

වාහල්කඩ ඉසිවර අරණ ගැන ‘දිවයින’ කරන හෙළිදරව්ත් සමඟ එම පින්බිමට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ විශාල වර්ධනයක්‌ පෙන්නුම් කෙරේ. එමෙන්ම වාහල්කඩ ඉසිවර අරණේ තොරතුරු විමසීමට දිනපතා අප කාර්යාලයට එන දුරකථන ඇමතුම් ප්‍රමාණය ද එමටය. හැකි සෑම අවස්‌ථාවකදීම ඒ ඇමතුම්වලට සම්බන්ධ වී තොරතුරු ලබාදීමට අපි කටයුතු කළෙමු. එහෙත් එම පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ලෙඩ දුක්‌ සුවපත් කරන මංගලාරාමාධිපතින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

දනට, පිනට කැමැති පින්වන්ත මිනිසුනේ වාහල්කඩ මංගලාරාමයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට නවාතැන් ගැනීමට ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට කවුරුන් හෝ මොන යම් සංවිධානයක්‌ ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පුණ්‍යකර්මයකි. ඒ බව අපි නැවත වතාවක්‌ මතක්‌ කර සිටිමු.

විශේෂ ස්‌තුතිය කැබිතිගොල්ලෑව සේනානායක මහතාට

——————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 6
(26.03.2017 – divaina.com)

බෙහෙත් අහුරු ගණන් බිබී මැරෙන්න හිටපු මට ජීවිතය දුන්නේ වාහල්කඩ ඉසිවර අරණ…

• පන්සලේ හාස්‌කම් ගැන කියන්නේ ගමේ අය
• ටිකට්‌ කපන් ගෙදර රැගෙන යන්න කී පිළිකා රෝගීයා විස්‌මිත ලෙස සුවපත් වූ හැටි…

හොරොව්පොතාන, වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර කරනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්යයේ බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතින් වහන්සේ සමඟ ඒ පින් බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ සයවැනි කොටසය.

පිළිකා රෝගයෙන් පීඩා විඳි දොඩම්ගස්‌ලන්දේ දිලානි ප්‍රතිකාර ලබමින් සිටි කූඩාරමෙන් එළියට පියමන් කළේ අපරිමිත ප්‍රීතියෙනි. ඥාතීන් ඇයව වාහල්කඩ ඉසිවර අරණට රැගෙන එන විට ජීවිතයේ අවසාන හුස්‌ම පොද අසීරුවෙන් රැකගෙන සිටි බරපතළ රෝගියෙකි. එහෙත් අද ඇය ගතින් සවිමත්ව, සිහිබුද්ධියෙන් කතාබහ කරති. වාහල්කඩ පින් බිමෙන් මේ ඇසෙන කතා තවමත් අපට ද විශ්මයකි.

හිරු මුදුන් වෙමින් තිබේ. ගහ කොළ අතරින් බේරෙන හිරු කිරණ ගත දහඩියෙන් නාවන්නේය. අපි සෙමෙන් පහළට පියමන් කරමින් සිටිමු. පින්වත තරුණ, තරුණියන් පිරිසක්‌ රෝගීන්ට දහවල් කෑම පිළිගන්වමින් සිටිති. නේවාසික රෝගීන් හත්අට සීයක්‌ සිටින වාහල්කඩ ඉසිවර අරණට දාන වේලක්‌ ලබාදීම ද ලේසි පහසු කටයුත්තක්‌ නොවේ. එහෙත් දැන් මේ පින් බිමට දාන වේලක්‌ ලබාදීමට දිනයක්‌ වෙන්කර ගැනීම ද ලේසි පහසු නැත. බෞද්ධ අබෞද්ධ පින් ඇති මිනිසුන් මේ රෝගීන්ට කෑම බීම ලබාදීමට කල් ඇතිව දින වෙන් කරගනිමින් සිටිති.

කූඩාරමක්‌ ඉදිරියේ අත සෝදමින් සිටි කාන්තාවක්‌ අසල අපි නතර වීමු. ඇය කෑම කා අහවර වූවා පමණි. අත පිරිසිදු කර කූඩාරම තුළට යැමටත් කලිsයෙන් අප ඇයව කතාබහට සම්බන්ධ කර ගත්තෙමු.

‘‘පත්තිනි මැණීයන්ට බුදු බව අත්වෙන්න දැන්නම් කෑම ටිකක්‌ කන්න පුළුවන් පුතේ…’’ ඇය මුව පිරිමදිමින් සිනාවක්‌ මතු කළාය. බැලු බැල්මට ඇයගේ ගතින් රෝගී බවක්‌ නොපෙනේ. එහෙත් කාලයක්‌ පිළිකා රෝගයකින් පීඩා විඳ අවසානයේ වාහල්කඩ ඉසිවර අරණට පැමිණ සිටි බව ඇය අභිමුවට යැමට පෙර නායක හාමුදුරුවන් අපව දැනුවත් කළහ.

ඇයගේ නම ඇන්. එම්. ඇන්ස්‌ටීන් පෙරේරාය. වයස අවුරුදු 73 කි. ගම් පළාත කළුවළ පාර, කොස්‌සිනන, ගණේමුල්ල ය. අප සමඟ දිගු කතාවකට ඇය අසුනක්‌ මත හරිබරි ගැසුණාය.

‘‘කාලයක ඉඳල මට ගැස්‌ට්‍රයිටීස්‌ තිබුණා. බෙහෙත් ගත්ත, ගත්තා හොඳ වුණේම නෑ. ඒ අතරතුරේ දියවැඩියාව, කොලෙස්‌ට්‍රොල්, ප්‍රෙෂර් තුනම ආවා. අන්තිමට උදේ හවස බෙහෙත් අහුරක්‌ බිව්වා. බෙහෙත් ටික බිව්වහම බඩ පිරෙනවා. ඔහොම ටික කාලයක්‌ යනකොට කෑම කනකොට හිර වෙන්න ගත්තා. අන්තිමේ කෑම කෑවේ වතුර කෝප්පයක්‌ ළඟින් තියාගෙන. දවසින්, දවස කෑම හිර වෙන එක වැඩි වුණා. පස්‌සේ මම රාගම රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක්‌ට පෙන්නුවා…’’

‘‘එදාම ඉස්‌පිරිතාලේ නතර වෙන්න කියලා උගුරට කැමරාවක්‌ දාලා පරීක්‍ෂා කරලා බැලුවා. ඒ පරීක්‍ෂණය කරපු ප්‍රධාන වෛද්‍යවරයා අපේ පවුලේ අයට කතා කරලා මගේ ගලනාලයේ පිළිකාවක්‌ වර්ධනය වෙනවා කියලා තිබුණා. ‘අම්මට පොඩි ලෙඩක්‌ තියෙන්නේ… බෙහෙත් ටිකක්‌ බොනකොට හොඳ වෙයි…’ කියිලා මාව සනසනවා මිසක්‌ මට ඒ කිසිම දෙයක්‌ කිව්වේ නෑ. ටික දවසක්‌ යනකොට වතුර උගුරත් හිරවෙන්න ගත්තා. නිතර, නිතර වමනය ගියා. පුදුම වේදනාවකින් දවස ගෙව්වේ. ‘මෙහෙම දුක්‌ විඳිනවට වඩා මැරෙනවා හොඳයි…’ කියලා හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඉතින් ගෙනාපු ආයුෂ ඉවර වෙනකම් මැරෙන්නේ නෑ. ජීවිතය නැති කරගැනීමත් පාපයක්‌. ඒ දේවල් ගැන කල්පනා කරලා හිත හදාගෙන ජීවත් වෙනකොට තමයි මේ පන්සල ගැන දැන ගන්න ලැබුණේ.’’

‘‘මේ පන්සල බොහෝම හාස්‌කම් තියෙන තැනක්‌ කියලා අපිට කීවේ ගමේ කෙනෙක්‌. එයාගේ ඥාති කෙනෙකුට පිළිකාවක්‌ තිබිලා මේ පන්සලෙන් බෙහෙත් අරගෙන හොඳටම හොඳ වෙලා තිබුණා. ඒ කතාව ඇහුව මගේ හිතට පුදුම සැනසීමක්‌ දැනුණේ. ඒ අයගෙන් මග විස්‌තර අහගෙන අපි මේ පන්සලට ආවා. හාමුදුරුවන්ට වැඳලා බුලත් කොළ නවය තිබ්බා විතරයි පිළිකාව තියෙන තැන, හැදුන කාලසීමාව, ඇඟේ වෙනත් ලෙඩ. මම හිතන පතන දේවල් බලන් හිටියා වගේ සියලු විස්‌තර කිව්වා. මම පුදුම වෙලා අහගෙන හිටියා. ඒ මොහොතේ මට හිතුණා ‘මගේ ලෙඩේ මේ හාමුදුරුවන්ට හොඳ කරන්න බැරි නම් ජීවිතේට හොඳ වෙන්නේ නෑ’ කියලා. ඒ සේරම විස්‌තර කියලා ‘ඇඟේ තියෙන ලෙඩ සේරම සනීප කරන්න පුළුවන්. මෙතැන නතර වෙලා බෙහෙත් පටන් ගන්න කියලා හාමුදුරුවෝ මට කිව්වා. අපි නතර වෙන්න බලාගෙනම තමයි ගියේ. එදාම අපි කූඩාරමක්‌ අටවාගෙන මෙහෙ නතර වුණා. බෙහෙත් කරන්න පටන් අරගෙන තාම වැඩි කාලයක්‌ නෑ. ඒත් දැන් අර තිබුණු අපහසුතා මොනවත් නෑ. දැන් හොඳට කන්න පුළුවන්. වතුර ටික බොන්න පුළුවන්. හිර වෙන ගතිය නෑ. තව ටික දවසක්‌ බෙහෙත් කරලා ගිහිල්ලා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ කරලා බලනවා…’’

‘‘අපේ පරම්පරාවම ක්‍රිස්‌තියානි ආගමේ. ඒත් මේ පන්සලේ අනුහස්‌ දැකලා දැන් මම පුදුමයට පත් වෙලා ඉන්නේ. හැමදාම බෝධි පූජාවට සම්මාදම් වෙනවා. බුදුන් වඳිනවා. චෛත්‍යය වන්දනා කරනවා. ඒ දේවල් කරනකොට හිතට පුදුම සහනයක්‌ දැනෙනවා. ඒක විස්‌තර කරන්න මට තේරෙන්නේ නෑ…’’

ඇයගේ ආගම වෙනස්‌ය. එහෙත් මේ පින් බිමේදී ජාති, ආගම් බේද නැත. සියලු දෙනාම එක සමානය. බෞද්ධ ප්‍රතිපදාවේ ආශ්චර්යය දැක සිත් පහන් කරගෙන සිටින පෙරේරා අම්මාගේ කූඩාරමෙන් නික්‌ම ගිය අපි අසල්වැසි තවත් කූඩාරමක්‌ ඉදිරියේ නතර වීමු. එම කූඩාරම ඉදිරිපිට හැඩකාර තරුණියක්‌ අසුනකට බර දී සිටින්නීය. මොහොතකින් කූඩාරම තුළ සිටි තවත් කාන්තාවක්‌ අප අසලට පැමිණියාය. දෙදෙනාගෙන් කිසිවකුට අසනීප ගතියක්‌ නොපනේ.

‘‘බෙහෙත් ගන්නෙ කාටද…’’ අපි වැඩිහිටි කාන්තාවට කතා කළෙමු.
‘‘මේ මගේ දුව. වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වෙලා තියෙන්නෙ දුවට පිළිකාවක්‌ කියලා…’’ ඇය එසේ කියමින් අපට අසුන් ගැනීමට පුටු දෙකක්‌ පිළියෙල කළාය.

‘‘ගම් පළාත කොහේද…?’’
‘‘මැදවච්චිය, රඹෑව ගිනිකටුවැව…’’

‘‘දුවගේ නම මොකක්‌ද…?’’ කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් අපි ඇයට කතා කළෙමු.
‘‘ප්‍රසාදිනී…’’ ඇය කතා කිරීමට ප්‍රසාදයෙන් පිළිතුරු දුන්නාය.

‘‘තාම ඉගෙනගන්නවද…?’’
‘‘ඔව්. මම සාමාන්‍ය පෙළ කළේ 2015 අවුරුද්දේ. වැඩ අටයි, සම්මාන 7 කින් විභාගය පාස්‌ වුණා. ඒත් මගේ අවාසනාවට උසස්‌ පෙළ පන්තියට ඇතුළත් වෙන්න කලින් අසනීප වුණා…’’ ඇයගේ දෙනෙත් කඳුළින් පිරිණි. එහෙත් ඇය දිගටම කතා කළාය.

‘‘එක පාරටම දකුණු කකුළ ඉදිමිලා ඇවිදින්න බැරිව ගියා. අනුරාධපුර ඉස්‌පිරිතාලෙන් මාස තුනක්‌ විතර ප්‍රතිකාර කරගෙන යන අතරතුර බෙල්ලේ ගෙඩියක්‌ ආවා. ඇඟේ කිහිප තැනකම ගැටිති මතු වුණා. වෛද්‍යවරු සී. ටී. ස්‌කෑන් එකක්‌ කරලා බලලා ‘ඔයාට පිළිකාවක්‌ තියෙනවා… මාස 6 ක්‌ විතර බෙහෙත් විදිනකොට හොඳ වෙයි’ කියලා කිව්වා. පළමු බෙහෙත විද්ද ගමන් මගේ සේරම කොණ්‌ඩය ගියා. දිගට තිබුණු කොණ්‌ඩය හැලිලා ගියාට පස්‌සෙ මට පුදුම වේදනාවක්‌ ඇති වුණේ. තොළ කට වේලිලා දිව නැති වුණා වගේ මට දැනුණා. මුළු ඇඟම සුදුමෑලි වුණා. මගේ ඇඟ ඇතුළේ වෙන දේ මට කියාගන්න බැරිව ගියා. මට හිතුණේ මගේ ජීවිතය නැති වී ගෙන එනවා කියලයි. බෙහෙත් විදලා මාස හයකට පස්‌සේ නැවත ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරලා බලලා ඔයාගේ බඩෙත් ගෙඩි තියෙනවා. නැවත බෙහෙත් විදින්න ඕනෑ’ කියලා වෛද්‍යවරු කිව්වා.’’

’’ ‘අනේ… ඩොක්‌ටර් මැරුණත් කමක්‌ නෑ. බෙහෙත් නම් විදින්න බෑ. මේ විඳින දුක හොඳටම ඇති…’ කියලා වෛද්‍යවරු ඉදිරියේ මම ඇඬුවා…’’ ප්‍රසාදනී එසේ කියන විට අසල සිටි මවගේ දෙකොපුල් කඳුළින් තෙත් විය. කඳුළු පිසදා ගත් ප්‍රසාදනීගේ මව ඉකිබිඳිමින් කතා කළාය.

‘‘ ‘දුව හොඳ කරන්න බෑ ටිකට්‌ කපාගෙන අරගෙන යන්න’ කියලා දොස්‌තර මහත්වරු කිව්වා. දොස්‌තරවරු එහෙම කියනකොට අපි මොනව කරන්නද ගෙදර ගෙනත් දුවව හොඳට බලා ගත්තා. එහෙම ඉන්නකොට තමයි මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. මෙතැනට ඇවිත් දැන් මාස 3 ක්‌ වෙනවා. දුවට දැන් ගොඩක්‌ හොඳයි. ඇඟේ තිබුණු ගෙඩි වේලිලා ගියා. දැන් කොණ්‌ඩෙත් ඇදෙනවා…’’ ඇය ප්‍රසාදනීගේ කොණ්‌ඩය පිරිමදින්නීය. දෙදෙනාම කඳුළු මතින් සිනාසෙන්නීය.

‘‘දැන් මට කකුලේ ඉදිමුමත් නෑ. තේරෙන්න ඇඟේ කිසිම ලෙඩක්‌ නෑ. ගෙදර යන්න පුළුවන්. ඒත් නායක හාමුදුරුවෝ කියනවා තවම ගෙදර යන්න අවසර දීලා නෑ කියලා. පත්තිනි මෑණියෝ මට නැවත ජීවිතය දුන්නා. තව ටික දවසක්‌ මෙතැන ඉන්න වෙයි. ඒ ටික දවසත් ඉඳලා ගෙදර ගිහින් නැවත මම උසස්‌ පෙළ විභාගයට සූදානම් වෙනවා. අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගන්නේ නෑ. මම ජීවත් වෙලා ඉන්න තුරාවට පත්තිනි මෑණියන්ගෙයි, නායක හාමුදුරුවන්ගෙයි පින්තූර තියාගෙන උදේ හවස වැඳුම් පිදුම් කරනවා. මේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්න ඕනෑ. හාමුදුරුවෝ බෙහෙත් නොකරන්න මේ වෙනකොට මම ජීවතුන් අතර නෑ…’’ වාහල්කඩ ඉසිවර අරණ ගැන හදවතේ පිරුණු භක්‌තිය ගැන ප්‍රසාදනීගේ පිපුණු මුහුණේ ඇඳී තිබේ. වචනවල ගැබ් වී තිබේ. වාහල්කඩ ඉසිවර අරණින් ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටින සියලු දෙනා පින් දෙන අයුරින් ප්‍රසාදනී සහ ඇයගේ මව ද දොහොත් මුදුන් තබා පින් දුන්නාහ. ඒ වාහල්කඩ පින්බිමෙන් නිරන්තරයෙන් ඇසෙන සාදුකාර හඬය.

වාහල්කඩ ඉසිවර අරණ ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ලෙඩ දුක්‌ සුවපත් කරන මංගලාරාමාධිපතින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය හාරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථය මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

දනට, පිනට කැමැති පින්වන්ත මිනිසුනේ වාහල්කඩ මංගලාරාමයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට නවාතැන් ගැනීමට ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට කවුරුන් හෝ මොන යම් සංවිධානයක්‌ හෝ ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පුණ්‍යකර්මයක්‌ බව අපි නැවත වතාවක්‌ මතක්‌ කර සිටිමු.

මතු සම්බන්ධයි…

විශේෂ ස්‌තුතිය කැබිතිගොල්ලෑව සේනානායක මහතාට.

————————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 7
(02.04.2017 – divaina.com)

සැත්කම පැත්තකට දමා ජීවිතය අතහැර මරණයට අතවනමින් සිටි පිළිකා රෝගීයා සුව කළ අරුමය…

• කූඩාරම් අටවගෙන දරුණු රෝගවලින් පීඩා විඳ විඳ හිටිය අය වාහල්කඩින් යන්නේ පිං දිදී…
• මේ වන විට වාහල්කඩ ඉසිවර අරණ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිහින්…
• මගේ මුළු බඩේම පිළිකාව පැතිරිලා තිබිලා තිබුණේ…

හොරොව්පොතන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපතීන් වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ හත්වැනි කොටස ය.

වෛද්‍යවරු ජීවත් කරවන්න නොහැකි යෑයි කියූ රඹෑව ගිනිකටුවැව ප්‍රසාදනීට වාහල්කඩ ඉසිවර අරණේදී ජීවිතය ලැබුණු හැටි පසුගිය සතියේදී අපි ඔබට කීවෙමු. අතරමඟ නතර වූ උසස්‌ පෙළ කඩ ඉම පසු කර ජීවිතය ජය ගන්නා හැටි ප්‍රසාදනී ජයග්‍රාහීව කතා කළ හැටි දැනුදු මට මැවී පෙනේ. ඇයට අප සමඟ කියන්නට තව බොහෝ දේ ශේෂව තිබූ බව දැනිණි. එහෙත් ඇය ප්‍රතිකාර ලබන කූඩාරම ඉදිරිපිට අපි ඔවුන් සමඟ කතාබහ කරමින් සිටින දිහා ඈත සිට වියපත් පියෙක්‌ බලා සිටියි. ඔහු ද දෑස්‌ දල්වා බලා සිටින්නේ අප සමඟ කතාබහ කිරීමට කැමැත්තෙනි. එහෙයින් අපි ප්‍රසාදනීලාගෙන් සමුගෙන පෙරමඟ බලා සිටි පුද්ගලයා අසලට ගියෙමු.

හු ටී. ඩී. දයානන්දය. අම්පාර ග්‍රාම සේවා අංක 04 1/8 නිවසේ පදිංචි ගෘහ මූලිකයාය. වයස අවුරුදු 57 කි. එක්‌දරු පියෙකි. ගල්ඔය වැවිලි සමාගමේ රියෑදුරෙකු ලෙස සේවය කරගෙන යන අතරතුර ඔහු අසනීප වී ඇත.

‘‘කාලයක්‌ කැස්‌ස හොඳ වෙන්නෙම නැතුව තිබුණා. සෙම ගතියකුත් තිබුණා. ඒක ටික කාලයක්‌ යනකොට හතියට ආවා. ඩිස්‌පැන්සරිවලින් බෙහෙත් ගත්තා අඩු වුණේම නෑ. පස්‌සේ අපි අම්පාර ජාතික රෝහලට ඇතුළත් වුණා. වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා පෙනහලුවල පිළිකාවක්‌ තියෙනවා කියලා කිව්වා. සියලු ජීවිත බලාපොරොත්තු අතහැර ගත්තා. ඒත් මැරෙනකම් සතුටින් ජීවත් වෙනවා කියලා හිතාගෙන වෛද්‍යවරු කිව්ව විදිහට බෙහෙත් පාවිච්චි කළා. එක දිගට මාස හයක්‌ විතර වෛද්‍ය සායනවලට සහභාගි වෙලා ප්‍රතිකාර, වෛද්‍ය උපදෙස්‌ ලබා ගත්තා. කිසිම සුවයක්‌ නැති තැන කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. ලොකු ගාණක්‌ වියදම් වුණා. ලෙඩේ හොඳ වෙනවා නම් සල්ලි හම්බ කරන්න බැරි යෑ කියලා හිත හදාගෙන බෙහෙත් ගත්තා. ඒත් අන්තිමේ ඒ රෝහලේ වෛද්‍යවරු වැලිසර ළය රෝහලට මාරු කරලා හැරියා.

ළය රෝහලේදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා ඔපරේෂන් කරන්න ඕනා කියලා කිව්වා. ඒත් මට ජීවත් වෙන්න පුළුවන් මාස හයක්‌ වගේ කාලයක්‌ කියලා වෛද්‍යවරු මගේ පවුලේ අයට කියලා තියෙනවා. ඔපරේෂන් කරපු පිළිකා රෝගීන් දුක්‌විඳින හැටි දැක්‌කම මට ඔපරේෂන් කරන්න ඕන නෑ කියලා හිතුණා. ඉන්න කාලේ දුක්‌විඳින්නේ නැතුව ඉඳලා මැරිලා යනවා කියලා හිත හදාගෙන ඔපරේෂන් කරන්න බෑ කියලා වෛද්‍යවරුන්ට කිව්වා. වෛද්‍යවරුත් බල කළේ නෑ. පස්‌සෙ මම බෙහෙත් අරගෙන ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. ඒ ඇවිත් ඉන්නකොට තමයි යුද හමුදාවේ මල්ලි කෙනෙක්‌ මේ පන්සල ගැන අපිට කිව්වේ. ඒ මල්ලි දෙතුන් පාරක්‌ කියනකොට මම පන්සලට ආවා. 2016 අවුරුද්දේ ජූලි මාසේ තමයි අපි පන්සලට ඇවිත් බුලත් තියලා හාමුදුරුවො එක්‌ක කතා කළේ.

බුලත් කොළ නමය අතට ගත්ත ගමන් හාමුදුරුවො සියලු විස්‌තර කියලා ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා ස්‌ථිරවම කිව්වා. ඒ වචනවලට මගේ හිතේ ලොකු පැහැදීමක්‌ ඇති වුණා. එදාම අපි කූඩාරම අටවගෙන පන්සලේ නතර වුණා. එක දිගට මාස හතක්‌ විතර ප්‍රතිකාර ගත්තා. මේ මෑතක දවසක මඩකලපුව රජයේ රෝහලට ගිහිල්ලා සී.ටී. ස්‌කෑන් එකක්‌ කරලා බැලුවා. ‘ඔයාගේ පෙනහලුවල කිසිම රෝගයක්‌ නෑ…’ පරීක්‍ෂණය කරපු වෛද්‍යවරයා එහෙම කියනකොට මට ඇඬුණා. දුකට නෙමෙයි, සතුටට. පස්‌සෙ මම සම්පූර්ණ සිද්ධිය වෛද්‍යවරයාට විස්‌තර කළා. මගේ කතාව අහලා ඒ දොස්‌තර මහත්තයාත් පුදුම වුණා.

ඉස්‌සර තිබුණු ඇඟේ අමාරු දැන් මොනවත් නෑ. හිතටත් හරිම සැහැල්ලුයි. නැවතත් මම රියෑදුරු රස්‌සාව පටන් ගන්නවා. තව ටික කාලයක්‌ හම්බ කරන්න පුළුවන්. මැරෙන්න ගිය මම ජීවිතය අලුතින්ම පටන් ගත්තා. මේ වගේ ප්‍රාතිහාර්යයක්‌ පාන පන්සලක්‌ තවත් මේ ලෝකෙ නැතුව ඇති. අපේ රටේ වාසනාවට පත්තිනි මෑණියන් දීපු බෙහෙත් වරමක්‌. මේ රටට ලැබිලා තියෙන වටිනා අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. නිස්‌කාරණේ මැරෙන්න ඕන නෑ. මොනයම් හරි ලෙඩක්‌ තියෙනවා නම් මේ හාමුදුරුවන් බැහැදැකලා ලෙඩ සුවපත් කරගන්න පුළුවන්ද කියලා අහලා බලලා ප්‍රතිකාර ගන්න කියලා තමයි රටේ සියලු රෝගීන්ට කියන්නේ…’’

දයානන්ද කියන කතාව සැබෑය. සති හයක්‌ පුරාවට අපි කියන්නේ ද ඒ කතාවමය. අපේ මඟපෙන්වීම අනුව ප්‍රතිකාර ලබාගැනීමට ගිය රෝගීන් වාහල්කඩ පින්බිමේ විශාල පිරිසකි. දැන්, දැන් වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ලබන රෝගීන් බහුතරය රෝගය ගැන මෙන්ම ගුණ, අගුණ පැවසීමට මැලි නොවෙති. විහාර භූමියේ රෝගීන්ගේ සුව දුක්‌ විමසන අපට ඒ බව හොඳින් පැහැදිලි වේ.

සුන්දර සිනාවකින් මුව සරසාගෙන අප ඉදිරියට පැමිණෙන ඇයට රෝගී බවක්‌ නම් නොපෙනේ. කාර්යශූර ඒ අම්මාගේ කතාව ද සිත් ගන්නා සුලුය.

‘‘මම මේ පන්සලට ආවේ ‘දිවයින’ පත්තරෙන් දැකලා. දිවයින පත්තරේට පින්සිද්ධ වෙන්න දැන් මගේ ලෙඩේ යහපත් අතට පෙරළීගෙන එනවා කියලා මට තේරෙනවා…’’ ඒ කතාව අසා මගේ සිත සතුටින් පිරිණි.

ඇය ආර්. සෙලින් ප්‍රනාන්දුය. වයස අවුරුදු පනස්‌ අටකි. තිදරු මවකි. උපතින්ම කතෝලික ආගම වැළඳගත් ඇය වෙන්නප්පුවේ පදිංචිකාරියකි.

‘‘මම 2004 අවුරුද්දේ ඉඳලා පිළිකාවකින් දුක්‌වින්දා. මුලින්ම බඩේ පැත්තක්‌ රිදෙන්න පටන් ගත්තා. රජයේ රෝහලකට ගිහිල්ලා ඒ බව කිව්වා. වෛද්‍යවරයෙක්‌ පරීක්‍ෂා කරලා බලලා ගැස්‌ට්‍රයිටිස්‌ කියලා ප්‍රතිකාර කළා. ඒ බෙහෙත් බොන අතරේ මුත්‍රා එක්‌ක ලේ යන්න පටන් ගත්තා. පස්‌සෙ රාගම රෝහලට ඇතුළත් වුණා. පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා ගර්භාෂයේ ගෙඩියක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා.

‘බය වෙන්න දෙයක්‌ නෑ… ඔපරේෂන් එකක්‌ කරලා ගෙඩිය අරන් දැම්මට පස්‌සෙ සනීප වෙයි…’ කියලා වෛද්‍යවරු මගේ හිත ධෛර්යමත් කළා. ඒ එක්‌කම වෛද්‍යවරු මාව ඔපරේෂන් එකට ගත්තා. මගේ ගර්භාෂයේ කිලෝ එකයි ග්‍රෑම් 10 ක ගෙඩියක්‌ තිබිලා ඉවත් කළා. ඒ වෙනකොට ගෙඩිය උඩුදුවන්න පටන් ගෙන. ඊට පස්‌සේ වෛද්‍යවරු කිව්වා පිළිකා සෛල වර්ධනය වී ගෙන එනවා. බෙහෙත් විඳින්න වෙනවා කියලා. බෙහෙත් විදින්න පටන් ගත්තා. බෙහෙත් හයක්‌ විදලා ඉවර වෙනකොට මට හුස්‌ම වැටෙනවා විතරයි. සිරුර සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. ඒ අතරතුරේ සායනවලදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා බලලා ආයෙමත් ගැටිත්තක්‌ තියෙනවා කියලා ඔපරේෂන් කළා. බෙහෙත් විදින්නත් ඕන කියලා වෛද්‍යවරු කිව්වා. මම ඒකට කැමැති වුණේ නෑ… ’’

‘‘2011 අවුරුද්දේ ආයෙමත් බඩේ වේදනාව වැඩි වුණා. තුන් වැනි වරටත් ඔපරේෂන් කළා. මීට වඩා හොඳයි මැරුණා නම් කියලා හිතුණු වාර අනන්තයි. මහත්තයාට වැඳලා කිව්වා, ආයෙත් මාව ඉස්‌පිරිතාලවලට ගෙනියන්න එපා කියලා. එහෙම කියලා සායනවලට යන්නෙ නැතුව ගෙදර හිටියා. බඩේ වේදනාව වැඩි වුණා. කෑම කන්න බැරිව ගියා. බඩ පුරවා දැම්මා, මුත්‍රා යැම නතර වුණා. පෞද්ගලික රෝහලකට ගිහින් ස්‌කෑන් කරලා බැලුවහම බඩ පුරාම පිළිකාව පැතිරිලා ආමාශයටත් ළං වෙලා දැන් ඉතිං කරන්න දෙයක්‌ නෑ කියලා වෛද්‍යවරු කිව්වා. ගෙදර එක්‌කගෙන ගිහිං හොඳට බලාගන්න කියලා වෛද්‍යවරු මහත්තයට කියලා තිබුණා. මුත්‍රා යන්න බටයක්‌ දාගෙන ගෙදර ආවේ අවසාන හුස්‌ම පොද ගෙදරදීම පිට කරන්න හිතාගෙන. එහෙම ඉන්නකොට තමයි, පහුගිය මාර්තු 08 වැනිදා දිවයින පත්තරේ මේ පන්සල ගැන පළ කරලා තිබුණු ලිපිය දැක්‌කේ. ඊට පහුවෙනිදාම මගේ මහත්තයා මාව මේ පන්සලට අරගෙන ආවා. ඒ එනකොට සතියකටත් වැඩි කාලයක ඉඳලා වතුර ටිකක්‌වත් නෑ. ඇවිදගන්න බෑ. කතා කරන්න බෑ. යන්තමට හුස්‌ම වැටෙනවා විතරයි. මාව හාමුදුරුවො ළඟට අරගෙන ගිය ගමන්ම බොන්න පිරිත් පැන් ටිකක්‌ දුන්නා. ඒක බිව්ව විතරයි මට බඩගින්නක්‌ ආවා. ඒ එක්‌කම මම කතා කරලා කිව්වා බඩගිනියි කියලා…’’

‘‘මහත්තයා මාරි බිස්‌කට්‌ තුනක්‌ දුන්නා. පැයකට විතර පස්‌සෙ ඉදිආප්ප තුනක්‌ කෑවා. දවල් වෙනකොට මට හොඳටම බඩගිනි ආවා. ඒ වෙනකොට පන්සලේ දානය දෙනවා. මහත්තයා බත් පිඟානක්‌ බෙදාගෙන මට කැව්වා. මම බත් පිඟානම කෑවා. මහත්තයා පුදුම වෙලා මා දිහා බලාගෙන හිටියා. එදාම හවස්‌ වෙනකොට ඇවිදින්න බැරිව හිටිය මම මහත්තයාව අල්ලගෙන බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැන්දා. බෝධිය ළඟදි මම නැවත ඉපදුණා කියලා මට හිතුණා. දැන් මගේ ඇඟට තියෙන සනීපය වචනවලින් පැහැදිලි කරන්න බෑ. මේ පින්බිමේ පෑගෙන හැම වැලි කැටයක්‌ම ඖෂධයක්‌. මේක පුදුම ආශ්චර්යයක්‌. මගේ ලෙඩ හොඳ වෙන්නේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ. ඒත් මට දැන් සනීපයි…’’ සෙලින් අම්මාගේ මුවගින් මල් විසිරෙන්නීය. ඇය සමඟ වාහල්කඩ පින්බිමේ කූඩාරම්ගතව සිටින සැමියා අදට ද පින්බිම ගැන විශ්මයෙන් පසු වන්නේය. ඔවුන් පමණක්‌ නොව මේ කතා අහන, දකින සියලු දෙනා තුෂ්ණිම්භූතව සිටින්නාහ. මේ කලාතුරකින් ලැබෙන දේව වරමක්‌ කියා පමණක්‌ සිතේ තබාගැනීම ප්‍රමාණවත්ය.

වාහල්කඩ ඉසිවර අරණ ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ලෙඩ දුක්‌ සුවපත් කරන මංගලාරාමාධිපති හිමියන් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

එමෙන්ම ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විවිධ රෝගීන්ගෙන් මංගලාරාම පූජා භූමිය පිරී ගොස්‌ය. එහෙත් එතැනට යන ඕනෑම රෝගියකුට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් කෙසේ හෝ සැලසේ. එහෙත් ඉදිරියට පැමිණෙන වර්ෂා කාලයේදී රෝගීන් අන්ත අසරණ වනු නියතය. පින් ඇති උත්තම මිනිසුනේ මේ එක අසරණ රෝගියකුට හෝ නොතෙමී සිටීමට සෙවණක්‌ ලබාදීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයකි. එය ඔබට කළ හැකිය. යුතුකමක්‌ සේ සලකා එම පින්කමට දායක වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

– තරංග රත්නවීර , කැබිතිගොල්ලෑව සේනානායක

————————————-

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 8
(23.04.2017 – divaina.com)

සිහිකල්පනාව නැතිව සිටි රෝගියකුට හොඳ සිහිය ලද අරුමය…

• හිටි ගමන් කකුල් දෙකම පණ නැතිව ගියා
• දැන් මට කකුල් හොලවන්න පුළුවන්…
• මහත්තයට හිටියට වඩා දැන් ගොඩක්‌ හොඳයි…

රොව්පොතන වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබා ගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රාතිකාර කරනු ඇත. සත් පත්තනි මෑණියන්ගේ පාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්න එම කතා මාලාවේ අටවැනි කොටසය.

වාහල්කඩ ඉසිවර අරණේදී අපට හමු වූ ඉන්දිකා අංජු ජයරත්න දෙපා වාරු නැති රෝද පුටුවකට සින්න වී සිටින කාන්තාවකි. අලව්ව බෝයවලාන ප්‍රදේශයේ ජීවත් වන අංජුට වයස අවුරුදු තිස්‌පහකි. එක්‌දරු මවකි. ඇය සේවය කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරිණියක්‌ ලෙසය. එහෙත් දැන් ඇයට රැකියාවට යැමට දෙපාවාරු නැත. වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇයට පියයුරු පිළිකාවක්‌ බවය.

රෝද පුටුවට බර දී සිටින ඉන්දිකා අප දෙසට මදහස පා නිසොල්මන්ව සිටින්නීය. ඉන්දිකාගේ සෙවනැල්ල මෙන් පසු පස වැටී සිටින ඇයගේ මව නාලනී සුනේත්‍රා අප සමඟ කතා කරන්නීය. නාලනීට වයස අවුරුදු 62 කි. තම දුව ජීවත් කරවීමට නාලනී නොගත් උත්සාහයක නැත. මේ නාලනී ඉන්දිකාගේ රෝගී තත්ත්වය ගැන අපට කියන කතාවය.

“දුවට දරුවා ලැබිලා මාස හතරහමාරක්‌ විතර යනකොට අත යටින් කැක්‌කුමක්‌ එනවා කියලා කිව්වා. දොස්‌තරවරු කිහිප දෙනෙකුගෙන් බෙහෙත් ගත්තා. ඒත් වේදනාව අඩු වුණේ නෑ. පස්‌සේ ඉස්‌පිරිතාලෙට ගිහිල්ලා ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා. ඒ පරීක්‍ෂණයෙන් තමයි දුවට පිළිකාවක්‌ කියලා හඳුන ගත්තේ. ඒත් පරීක්‍ෂණය කරපු වෛද්‍යවරයා කිව්වා පිළිකාව පැතිරිලා නෑ කියලා. බෙහෙත් තුනක්‌ විඳලා ඔපරේෂන් එකක්‌ කළා. ඊට පස්‌සේ දුව දරුවගේ වැඩ කටයුතු කරගෙන සුපුරුදු විදිහට රස්‌සාව කරගෙන හිටියා…”

“ඔපරේෂන් එක කරලා අවුරුදු තුනකට විතර පස්‌සේ දුවට කොන්දේ වේදනාවක්‌ ආවා. සිංහල බෙහෙත් කළා. ටික දවසක්‌ යනකොට කකුල් දෙක පණ නැතිව ඇවිඳගන්න බැරිව ගියා. පස්‌සේ අපි රත්නපුරේ රෝහලට අරගෙන ගියා. වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලලා කිව්වා ‘පිළිකාව ඇඟ හැම තැනම පැතිරිලා. ඔපරේෂන් කරන්න, බෙහෙත් විඳින්න, කරන්ට්‌ අල්ලන්න බෑ. අවදානම් තත්ත්වයකයි ඉන්නේ. දුවව ගෙදර ගෙනිහින් සතුටින් තියන්න කියලා. පස්‌සේ අපි දුව ගෙදර ගෙනිහින් හොඳට බලා ගත්තා. දුව සම්බන්ධ කරගෙන පින්දහම් කළා. දුව සතුටින් තියන්න නොකරපු දෙයක්‌ නෑ…” සුනේත්‍රාගේ වචන ගිලිනි. ඉකිබිඳුම වේගවත් විය. අංජුගේ දෑස්‌ ද කඳුළුවලින් පිරී තිබෙන අයුරු පෙනේ. එහෙත් ඇය කඳුළු සඟවාගෙන අප අතර පැවති නිහැඬියාව බිඳිමින් කතා කළාය.

“ඉස්‌පිරිතාලෙන් ගෙදර එද්දී කන්න, බොන්න බෑ. සිහිකල්පනාව අඩුයි. එහාට මෙහාට ගියේ රෝද පුටුවෙන්. එහෙම ඉන්නකොට තමයි මේ පන්සල ගැන දැනගන්න ලැබුණේ. පන්සලට එන්න දින දෙකකට පෙර රෑ නිදාගෙන ඉන්නකොට පත්තිනි මෑණියන් ඇවිත් සියඹලා ගහකින් සියඹලා කරලක්‌ කඩලා මට කන්න දෙනවා හීනෙන් දැක්‌කා. මම ඒ සියඹලා කරලම කෑවා. මේ පන්සලේ හැම තැනම සියඹලා ගස්‌. කරල් පිරිලා දැන් මම කාට, කාට හරි කියලා සියඹලා කඩාගෙන කනවා. ලෙඩ වෙන්න කලිනුත් මම පත්තිනි මෑණියන් ඇදහුවා. පත්තිනි මෑණියන් කෙරෙහි ලොකු විශ්වාසයක්‌ තිබුණා. ඒත් මේ පන්සලේ හාමුදුරුවෝ මාව පරීක්‍ෂා කරලා බලලා කිව්වා මම ගොඩක්‌ දුර්වල වෙලා ඉන්නේ. සනීප කරන්න උත්සාහ කරලා බලමු කියලා. කපුමහත්වරු නම් මාව තියාගන්න කැමත්තක්‌ දැක්‌කුවේ නෑ…”

“හාමුදුරුවන් මට බෙහෙත් කරන්න පටන් ගත්තා. දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් මට කන්න, බොන්න පුළුවන්. හොඳට සිහිකල්පනාව තියෙනවා. දැන් කිසිම වේදනාවක්‌ නෑ. ඉස්‌සර ඇඟට දැනුන අපහසුතා මොනවත් නෑ. සියලු බලාපොරොත්තු අතහැරලා මතකවස්‌ත්‍ර පූජා කරලා හිටිය මට පත්තිනි මෑණියන් ජීවත් වෙන්න වරම් දුන්නා. පත්තිනි මෑණියන්ට බුදු බව අත්වෙන්න ඕනෑ. මෛත්‍රි කරුණාවෙන් අප දිහා බලමින් බේත්හේත් කරන නායක හාමුදුරුවන් නිවන් දකින්න ඕනෑ. අනේ මගේ දරුවට අම්මා කියන්නට ජීවත්වීමට ලැබීම මගෙත් පූරුවේ පිනක්‌. මට කියන්න තියෙන්නේ එච්චරයි…” අංජුගේ සතුට මුහුණ පුරා ඇඳී තිබේ. නාලනීගේ සතුට ඉහ වහා ගොස්‌ය. එහෙත් පූර්ණ සුවයක්‌ ලැබීමට අංජුට තව ටික දවසක්‌ මේ පින්බිමේ රැඳෙන්නට වේවි. එසේ සිතමින් අංජුලා ලැගුම් ගෙන සිටින පුංචි කූඩාරමෙන් අපි සමුගෙන බොරළු ඉහිරුණු මගෙහි ඉදිරියට පියවර මැන්නෙමු.

පන්සල් භූමිය පුරා අතුරු සිදුරු නොමැතිව කූඩාරම්ය. රෝගීන් මෙන්ම ඔවුන්ගේ භාරකරුවන්ගෙන් පූජා භූමිය පිරී ගොස්‌ය. විවිධාකාර රෝගීන්ය. ඔවුන් අතරින් තවත් රෝද පුටුවක ආධාරයෙන් ඇවිද යන වියපත් පියෙක්‌ අසළ අපි නතර වීමු. ඔහු ඩබ්ලිව්. ප්‍රේමදාස බොතේජුය. අතුරුගිරිය පෝරේගම පදිංචි ඔහුට වයස අවුරුදු 62 කි. වෘත්තියෙන් පෙදරේරුවෙකි. දරුවන් නැති ප්‍රේමදාසගේ දුක සැප බෙදාහදා ගැනීමට සිටින්නේ ආදරණිය බිරිඳ පමණි. මේ මොහොතේ ද ප්‍රේමදාසගේ අත්වාරුව වී සිටින්නේ ඔහුගේ බිරිඳ සරෝජනී පෙරේරාය. තම ස්‌වාමියාගේ රෝගී තත්ත්වය ගැන අපට කරුණු පැහැදිළි කළේ ද සරෝජනීය. මේ ඇය කියන කතාවය.

“අපිට දරුවො නෑ. මහත්තයා බිල්ඩින් කොන්ත්‍රාත් අරගෙන වැඩ කළා. පහුගිය දවසක බිල්ඩින් එකක වැඩ කරන අතරේ දවාලට කෑම කාලා ටිකක්‌ ඇලවෙලා ඉඳලා නැඟිටිනකොට කලන්තෙ දාලා වැටිලා. සිමෙන්ති පොළොවේ හිස වැදිලා හිස්‌ කබල බරපතළ විදිහට තුවාල වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා. දැඩිසත්කාර ඒකකයේ මාස තුනක්‌ ප්‍රතිකාර ගත්තා. පලුදු වෙච්ච හිස්‌ කබල ඉවත් කරලා සමෙන් මොළය ආවරණය වන විදිහට ලොකු ඔපරේෂන් එකකුත් කළා. ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට පිංසිද්ධ වෙන්න තමයි මහත්තයා අද මෙහෙම ජීවත් වෙන්නේ. යුහුසුලුව හොඳට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා…”

“කොළඹ මහ රෝහලෙන් ටිකට්‌ කපාගෙන ගෙදර ගෙනැවිත් ගොඩ වෙදකම් කළා. එහෙම ඉන්නකොට දකුණු අතයි, දකුණු කකුලයි පණ නැතිව ගියා. මහත්තයට කිසිම දෙයක්‌ කර ගන්න බැරිව ගියා. මුළු ජීවිතයම ඇඳට සීමා වුණා. දවසක්‌ මම කඩේට යනකොට අපේ ගමේ ඇවිදින්න බැරිව හිටිය කෙනෙක්‌ පාරේ ඇවිඳගෙන යනවා දැක්‌කා. පස්‌සේ මම එයත් එක්‌ක කතා කරලා බලනකොට මේ පන්සලේ නතර වෙලා බෙහෙත් කරලා තමයි ඇවිඳින්න පුළුවන් වෙලා තිබුණේ. එයාගෙන් විස්‌තර අහගෙන අපි මේ පන්සලට ආවා. මාර්තු 8 වැනිදා තමයි පන්සලට ආවේ. එදා ඉඳලා ප්‍රතිකාර කරනවා. දැන් මහත්තයාගේ ලොකු වෙනසක්‌ තියෙනවා. අතපය උස්‌සන්නේ නැතිව හිටිය මහත්තයා අත උස්‌සනවා. කකුල හොලවනවා…” සරෝජනී එසේ කියමින් රෝද පුටුවේ වාඩි වී සිටි ප්‍රේමදාසගේ හිස පිරිමදින්නීය. ප්‍රේමදාසගේ දෙනෙත් සරෝජනීගේ දෙනෙත්හි පැටලිණි. ආදරය උතුරා යන දෙනෙත් දිහා මොහොතක්‌ අපි බලා හිඳිමු.

“මේ කෙටි කාලයට මේ වගේ සුවයක්‌ තියෙනකොට තව ටික දවසක්‌ මෙහෙම ප්‍රතිකාර ගන්නකොට මගේ මහත්තයා නැඟිටලා ඇවිදගෙන යයි කියලා මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා. ඒක මට දැනෙනවා. මගේ මහත්තයට ඇවිදගන්න පුළුවන් වුණොත් මට ඒ හොඳටම ඇති. මේ පන්සලේ බෝගහ යට ඉන්නකොට හිතට පුදුම සැහැල්ලුවක්‌ දැනෙනවා කියලා මහත්තයා ගොඩක්‌ වෙලාවට බෝගහ යට ඉන්නේ. ඒක නම් සහතික ඇත්ත. බෝගහ යට, චෛත්‍යය ළඟ වාඩි වෙලා ඉන්නකොට හිතේ තියෙන සියලු ප්‍රශ්න අමතක වෙනවා. පුදුමකාර සැහැල්ලුවක්‌ දැනෙනවා. ඒ වගේම මෙතැන නතර වෙලා ඉන්න රෝගීන් සුවපත් කරන්න නායක හාමුදුරුවෝ පුදුම විදිහට මහන්සි වෙනවා. හාමුදුරුවන් මේ කරගන්නා වූ පින් මහිමයෙන් නිවන් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා…”

වහල්කඩ පින්බිමේදී දෙසවන රැඳෙන්නේ හිත නිවෙන කතාමය. එහෙත් දැන් දැන් මේ පින්බිමෙන් ඉඳහිට නොහොබිනා ක්‍රියාකරකම් ගැන ද නොඇසෙනවා නොවේ. ජංගම දුරකථන, මුදල් පසුම්බි අන්තරස්‌දාන වන අවස්‌ථා තිබේ. හොරු, කොල්ලකරුවන් නැති තැනක්‌ නැත. පොලිස්‌ ආරක්‍ෂාවක්‌ නැති මේ පින්බිමේදී බඩු භාණ්‌ඩ පරිස්‌සම් කරගැනීම තමන්ගේම වගකීමකි.

එමෙන්ම වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැලකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසීමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය.

මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ලෙඩ දුක්‌ සුවපත් කරන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

තරංග රත්නවීර
කැබිතිගොල්ලෑව සේනානායක

————————————-

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 9
(30.04.2017 – divaina.com)

බුලත් අත තියපු ගමන් මගේ ලෙඩ සේරම කිව්වා… හරියට ස්‌කෑන් කළා වගේ…

• මම ඉසිවර අසපුවට ගියේ ‘දිවයින’ පත්තරේ බලලා
• ‘දිවයින’ පුවත්පතට හැමෝගෙන්ම ප්‍රශංසා
• සියලු වෙදකම් කරන්නේ ආගමික වත් පිළිවෙත් එක්‌ක
• ඉසිවර පින්බිමේ විශ්ව ශක්‌තියක්‌ ක්‍රියාත්මක වෙනවා

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමක රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගාණේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්න එම කතා මාලාවේ නව වැනි කොටසය.

වාහල්කඩ ඉසිවර අරණේදී විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් අපට හමු වන බව සැබෑය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිඥවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, වෛද්‍යවරු, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළු එකී, නොකී විවිධ පුද්ගලයන් එම පින්බිමේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් අතර සිටින හේමපාල චන්ද්‍රසේන ද සිල්වා මහතා විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයෙකි. ඔහු පදිංචි වී සිටින්නේ මොරටුව ලුනාව ප්‍රදේශයේය.

හේමපාල මහතා ද කාලයක්‌ පිළිකාවකින් පීඩා විඳ පසුව වාහල්කඩ පින්බිමේ දින විසි එකක්‌ කූඩාරම්ගතව සිට ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටින්නේය. දැන් ඔහු විවේකයක්‌ ලැබෙන බොහෝ දිනවල වාහල්කඩ මංගලාරාමයට පැමිණ විහාරාධිපති වහන්සේගේ මෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ විමසා බැලීම පුරුද්දක්‌ කරගෙන සිටින්නේය. මේ මොහොතේ ද හේමපාල මහතා පැමිණ තිබෙන්නේ එකී සත්පුරුෂ යුතුකම ඉටු කිරීම සඳහාය. විහාර භූමියේදී එකිනෙකට හමු වී දැන හඳුනගත් හේමපාල මහතා ලෙන්ගතුව අපව පිළිගෙන පීඩා විඳි රෝගී තත්ත්වය ගැන මෙන්ම වහල්කඩ පින්බිමේ හාස්‌කම් ගැන ද හරවත් ලෙස කරුණු පැහැදිලි කළේය. මේ විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයා අපට කියූ කතාවය.

“මම අවුරුදු හතළිහක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සේවය කළේ. දැන් මම විශ්‍රාමිකයි. මට වයස අවුරුදු 73 ක්‌ වෙනවා. අවුරුදු පහළොවක විතර කාලයක ඉඳලා දියවැඩියාවට බෙහෙත් බොනවා. අවුරුදු එකහමාරක විතර උඩදි හිටි හැටියේ මගේ ඇඟේ බර අඩු වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරු කිහිපදෙනෙක්‌ ළඟටම ගියා. ඒ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ දියවැඩියාවට බෙහෙත් බොන නිසා බර අඩු වෙනවා ඇති කියලා. දවසින් දවස බර අඩු වෙනකොට පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ පොලිස්‌ රෝහලට ඇතුළත් වුණා. එතැනදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සීටී ස්‌කෑන් එකක්‌ කළා. එම පරීක්‍ෂණයෙන් නිගමනය වුණේ මගේ අක්‌මාවේ ‘හෙපටෝ සෙලියුලර් කාසිනෝමා’ කියන පිළිකා තත්ත්වය සහ එයින් ඇති වෙච්ච සිරෝසීස්‌ රෝගී තත්ත්වයක්‌ තියෙනවා කියලා. කඩිනමින් ශල්‍යකර්මයක්‌ කරන්න වෙනවා කියලා ඒ වෛද්‍යවරු අපිට කිව්වා. පස්‌සේ මගේ ඥාති දරුවකුගේ උදව් ඇතිව මහරගම පිළිකා රෝහලට ගියා. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක්‌ මගින් මාව පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෛද්‍යවරු මට කිව්වා පිළිකාව තියෙන තැන අනුව ශල්‍යකර්මයක්‌ කරන්න අපහසුයි. කිමෝ තෙරපි කරන්න ඕනා කියලා, ඒ සම්බන්ධයෙන් විශේෂඥම වෛද්‍යවරයා ළඟට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා මට කිව්වා ‘කිමෝ තෙරපි දෙන්න බෑ. එච්චර දුර ගමන් කරන්නේ නෑ’ කියලා. පස්‌සේ ඒ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයකුට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයත් පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා ‘ඔපරේෂන් එකක්‌ කරන්න පුළුවන්. ඒත් පනහට 50 තමයි විශ්වාසයක්‌ තියන්න පුලුවන් කියලා…’

“මගේ එක ඥාති දුවක්‌ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක්‌. එයාගේ මහත්තයා පොලිස්‌ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඒ හැම කෙනාම මට උපරිමයෙන් උදව් උපකාර කළා. පහුගිය මාර්තු 07 වැනිදාට ශල්‍යකර්මයක්‌ සිදු කරන්න දින යෙදුනා. මගේ වයසත් එක්‌ක ශල්‍යකර්මයකට යැම විශාල අවදානමක්‌. මම දෙලොවක අතරමං වුණා. නැවත මම මාර්තු 04 වැනිදා පොලිස්‌ රෝහලට ඇතුළත් වෙලා අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළා. ඔය අතරේ මම ‘දිවයින’ පත්තරේ පළ කරන ‘ලෙඩ සුව කරන වහල්කඩ ඉසිවර අරණ’ කියන ලිපි පෙළ කියවලා ලිපි එකතු කරගෙනත් තිබුණා. පස්‌සෙ මට හිතුනා ‘මගේ ලෙඩේටත් බෙහෙත් තියෙන්නෙ මේ පින්බිමේ තමයි… කල් නොයා පන්සලට යන්න ඕනා කියලා…’ එහෙම හිතාගෙන මාර්තු මාසෙ 06 වැනිදා මම පන්සලට ඇවිත් ස්‌වාමීන් වහන්සේට බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවා. අපේ ස්‌වාමීන් වහන්සේ ස්‌කෑන් කරලා වගේ මගෙ ඇගේ තියෙන සම්පූර්ණ ලෙඩ ගැන කිව්වා. ඒ හැම ලෙඩක්‌ම සුවපත් කරන්න පුළුවන් පන්සලේ නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් කිව්වා. මම පන්සලට ගියේම නතර වෙන්න බලාගෙන අවශ්‍ය අඩුම කුඩුමත් අරගෙනයි. එදාම පන්සල් භූමියේ කූඩාරමක්‌ අටවගෙන නතර වෙලා වෙදකම් පටන් ගත්තා…”

“සියලු වෙද, හෙදකම් කරන්නේ ආගමික වත් පිළිවෙත් එක්‌ක. පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. පත්තිනි මෑණියන් කියන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන උත්තමාවියක්‌. ඒ වගේම ප්‍රතිකාර කරන ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයෙක්‌. ඒ පින්බිමේදී කෙරෙන වෙදකම ගැන මම ලොකු විශ්වාසයක්‌ තැබුවා. සෑම දිනකම හවසට ස්‌වාමීන් වහන්සේ බෝධි පූජා පවත්වනවා. සෙනසුරාදා රාත්‍රියට දෙහි කපනවා. මම ඒ කිසිම දෙයක්‌ මගහැරියේ නෑ. දෙන බෙහෙත් ටික නියම වේලාවට මාත්‍රාවට පාවිච්චි කළා. උම්බලකඩ කෑල්ලක්‌වත් කැවෙන්නෙ නැති විදිහට පිළිවෙත් රැක්‌කා. ඒ සියලු දේ කළේ ස්‌වාමීන් වහන්සේට ගෞරවනීය විදිහට. සතියක්‌, දෙකක්‌ ප්‍රතිකාර ගන්නකොට මගේ ඇඟේ ඇතුළේ වෙනස්‌කම් වෙනවා මට දැනුනා. ඒ වගේම මගේ ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙන බවත් මට දැනුනා. දවස්‌ 21 ප්‍රතිකාර අරගෙන කොළඹ ඇවිත් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිහින් එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා. පිළිකාව තිබුණු තැනක්‌වත් නෑ…”

“වාහල්කඩ පුණ්‍ය භූමියේ විශේෂ විශ්ව ශක්‌තියක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ පින්බිමේදී කෙරෙන බෝධි පූජා, චෛත්‍ය වන්දනා තුළදී පුදුමාකාර මානසික සුවයක්‌ ලැබෙනවා. රෝග සුව වීමට ඒ මානසික සුවය විශාල පිටිවහලක්‌ වෙනවා. ඒ වගේම කිසිම රෝගියකුගේ රුපියලක්‌වත් අය කරන්නේ නෑ. ප්‍රතිකාර ගත්ත දවස්‌ විසි එකට මට බෙහෙත්වලට වියදම් වුණේ රුපියල් අටදාහකටත් අඩු මුදලක්‌. වෛද්‍යවරයෙක්‌ චැනල් කරලා පරීක්‍ෂණයක්‌ කරන්නත් ඒ ගාන මදි. තුන්වේලටම පන්සල ගානේ කෑම ටික දෙනවා. ශත පහක්‌වත් ගන්නේ නෑ…”

“නායක ස්‌වාමීන් වහන්සේගේ කරුණාමහිමය ගැන කතා කරන්න ගියොත් ඉවරයක්‌ නෑ. උන්වහන්සේ අප තථාගත සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිටි ජීවක වෙදැදුරාණන් වහන්සේ. නැතහොත් ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රයේ පියාණන් වූ චරකසංහිතාව සංග්‍රහගත කළ ධන්වන්තරී සෘෂිවරයාණෝය. එසේ නැතහොත් සශ්‍රැත සංහිතාව කළ ආත්‍රේය මුණිවරයාණන්. උන්වහන්සේට තව සියවසක්‌ ජනතා සුවසෙත සහ ලෝවැඩ පිණිස ඒ පින්බිමේ වැඩ වාසය කිරීමට දීර්ඝායුෂ, සුවසෙත ප්‍රාර්තනා කරනවා. ඒ වගේම දහස්‌ සංඛ්‍යාත රෝගීන්ට කරුණාව දක්‌වමින් ජීවිත දානය දෙන උතුම් වූ ශ්‍රී සිද්ධ සත්පත්තිනි මෑණියන් වහන්සේ පතන ලොව්තුරා බුද්ධත්වයට නුදුරු අනාගතයේදීම පැමිණේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා…”

“මම ජීවිතේට සිගරැට්‌ බීලා නෑ. මත්පැන්වලට ගිජු වෙලා නෑ. මස්‌ මාංශ කන්නේ නෑ. ඒත් මගේ අක්‌මාවේ ඇල්කොහොල් තිබුණා. සිරෝසීස්‌ හැදෙන්න මත්පැන් බොන්නම ඕනා නෑ. කර්ම ඵලය අනුව ලෙඩ දුක්‌ හැදෙන එක නතර කරන්න බෑ. අපි පෙර ආත්මවල පින් රැස්‌ කරගෙන තිබුණොත් දේව හාස්‌කමකින් හරි ඒ ලෙඩ සුවපත් වෙනවා. මැරෙන්න වැටිලා වාහල්කඩ පින්බිමට උස්‌සගෙන එන රෝගීන්ව ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ සුවපත් කරලා දෙපයින් ඇවිඳගෙන යනවා මම දැකලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ ඔබත් දරුණු රෝගයකින් පීඩා විඳිනවා නම් වාහල්කඩ පින්බිමට ඇවිත් ප්‍රතිකාර ලබාගන්න. ඒ වගේම වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ගන්න රෝගීන්ට ඇති වන සාමාන්‍ය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට බටහිර වෛද්‍යවරුන්ගේ සේවා පහසුකම් ලබා දෙනවා නම් එයත් උතුම් සත්ක්‍රියාවක්‌ වෙනවා…” පොලිස්‌ අධිකාරිවරයාගේ දීර්ඝ දේශනය අවසානය. ඔහුගේ කතාවෙන් සමාජයේ රෝගී ජනතාවට ගත හැකි පාඩම් බොහෝය.

රටේ රෝගී ජනතාවට සුව සෙත ලබා දෙන වාහල්කඩ පින්බිම ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුය. දිනපතා මිනිසුන් දහස්‌ ගණනක්‌ රැඳෙන මේ ස්‌ථානයට ස්‌ථිර පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදීම රජයේ යුතුකමකි. එමෙන්ම මේ විෂම සමාජයේදී ජනතාවට සුවසෙත සලසන වාහල්කඩ ස්‌වාමීන් වහන්සේට ජීවිත අවදානමක්‌ නැතුවාම නොවේ. එය දිනෙන් දින වැඩි වීමක්‌ විනා අඩු වීමක්‌ නැත. එහෙයින් නායක ස්‌වාමීන් වහන්සේගේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි. යහමින් ඇති හැකි අය මෙන්ම රජය ද බොල් වැඩ සඳහා නාස්‌තිකරන මුදල් යොදවමින් මේ පින්බිමේ සිටින රෝගීන්ගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා යම් විධිමත් පහසුකම් සැපයීමට දායකවන්නේ නම් එය ඔබ විසින් එලොවටත් මොලොවටත් කරගන්නා යහපත් ආයෝජනයකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගය කැඩී බිඳී ගොස්‌ අති දුෂ්කරය. රෝගියෙක්‌ ගෙන යැම කෙසේ වෙතත් නිරෝගීමත් කෙනෙකුට ද වාහනයක හෝ ගමන් කිරීමට අසීරුය. ඒ තරමටම මග වළ, ගොඩැලි සහිතය. දහස්‌ සංඛ්‍යාත රෝගී ජනතාව යන, එන ඒ මාර්ගයට තාර එලා විධිමත් ලෙස සකස්‌ කිරීම ද රජයේ වගකීමකි. රාජ්‍ය නොවන සංවිධානයක්‌, ආයතනයක්‌ හෝ එම සත්ක්‍රියාවට පෙරමුණ ගන්නේ නම් එය ද උත්තුංග සමාජ සත්කාරයකි. අපේ යුතුකම අපි කළෙමු. ඔබේ යුතුකම වෙන තෙක්‌ අපි බලා සිටිමු.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය :

• රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි.
• එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි.
• එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය.
• උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය.
• ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැදි සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැලකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි.
• එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි.
• එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි.
• පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය.

එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති ස්‌වාමින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැලකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

– තරංග රත්නවීර

—————————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 10
(21.05.2017 – divaina.com)

සුව කළ නොහැකි මාරාන්තික රෝග වාහල්කඩ ඉසිවර අරණේදී සමනය වෙයි

• ඉස්‌පිරිතාලෙන් කිව්වා හොඳ කරන්න බෑ කියලා. පස්‌සෙ මම දිවයින පත්තරෙන් දැකලා මේ පන්සලට එක්‌කරගෙන ආවා…
• මේ දිනවල රෝගීන් දෙදහසකට ආසන්නයි. පානීය ජල ගැටලුව උග්‍රයි. විසඳුමක්‌ අත්‍යවශ්‍යයි…

කැබිතිගොල්ලෑව, වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතා වගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකුගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානෙ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දහවැනි කොටස ය.

නේෂ් මිලින්ද ජීවිත බලාපොරොත්තු රහිත හිස්‌ තරුණයකු ලෙස වාහල්කඩ ඉසිවර අරණට පැමිණි රෝගියෙකි. තිස්‌දෙහැවිරිදි මිලින්ද වසර දහයකට වැඩි කාලයක සිට බරපතල රෝගී තත්ත්වයකින් පීඩා විඳ තිබේ. ඔහුගේ රෝගය හඳුනාගෙන සුවපත් කිරීමට වෛද්‍යවරු උපරිමයෙන් මහන්සි වී ඇත. එහෙත් ඔහුගේ රෝගී තත්ත්වය සුවපත් වී නැත. පසුව ඔහු වාහල්කඩ මංගලාරාමයට පැමිණ වෙදකම් ලබාගෙන දැන් සුවපත් වී සිටියි. මේ තම රෝගී තත්ත්වය සුවපත් වූ හැටි මිලින්ද කියන කතාවය.

‘‘මගේ ගම බිබිල වෑගම. මට ස්‌ථිර රැකියාවක්‌ නෑ. කුලියට ත්‍රිරෝද රථයක්‌ හයර් කරලා දවසේ ගතමනාව හොයාගත්තා. මට වයස අවුරුදු 22 දී දිවේ බිබිලි කිහිපයක්‌ මතු වුණා. ඒ එක්‌කම දිව කහ පාට වෙන්න ගත්තා. කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා ගැස්‌ට්‍රයිටිස්‌ කියලා බෙහෙත් දුන්නා. මාස දෙකක්‌ විතර බෙහෙත් පාවිච්චි කරනකොට මළ එක්‌ක ලේ යන්න පටන් ගත්තා. දවසක්‌ දෙකක්‌ යනකොට මුළු ඇඟම කහ පාට වුණා. ඇඟට අමුතුම තෙහෙට්‌ට්‌ටුවක්‌ දැනුණා. පස්‌සෙ මහියංගනය නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා. ඒ පරීක්‍ෂණය කරපු වෛද්‍යවරයාත් ගැස්‌ට්‍රයිටිස්‌ කියලා බෙහෙත් දුන්නා. ඒත් ඇඟට දැනෙන වේදනාකාරී බව, ලේ යන එක නතර වුණේ නෑ. පස්‌සෙ බදුල්ල මහ රෝහලට ඇතුළත් වුණා. එතැනදී රුධිර පරීක්‍ෂණයක්‌ කරලා දියතලාව රෝහලට මාරු කර යෑව්වා.

දියතලාව රෝහලේදී මගේ බඩවැළෙන් කෑල්ලක්‌ අරගෙන වැඩිදුර පරීක්‍ෂණයක්‌ සඳහා මහනුවර රෝහලට යෑව්වා. ‘රිපෝට්‌ එක එන්න මාස දෙකක්‌ යනවා… එතකම් ප්‍රතිකාර ගන්න’ කියලා වෛද්‍යවරු උපදෙස්‌ දුන්නා. ඒ වෙනකොට දිනකට දහදොළොස්‌ වතාවක්‌ අසාමාන්‍ය ලෙස බඩඑළිය ගියා. ඒ හැම අවස්‌ථාවකම ලේ වහනය වුණා. කායික වශයෙන් බින්දුවටම වැටුණා. රිපෝට්‌ එක එනකල් ඉන්න බැරි තැන මම මහනුවර රෝහලට ඇතුළත් වුණා. ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා ඒත් ලෙඩේ අඩු වුණේ නෑ. අවුරුදු නවයක්‌ විතර දිනකට දහදොළොස්‌ වතාවක්‌ අශූචි එක්‌ක ලේ ගියා. ඇඟට දැනුණු වේදනාව කියන්න වචන නෑ. කුලී වැඩක්‌වත් කරන්න ඇඟට ශක්‌තියක්‌ තිබුණේ නෑ. නොවිඳිනා දුක්‌ වින්දා. මැරි, මැරි ඉපදුණා. ජීවත්වීම තිත්ත වෙලයි හිටියේ. දවසක්‌ මගේ ඥාති සහෝදරයෙක්‌ ‘දිවයින’ පත්තරය බලලා මේ පන්සල ගැන මට ඇවිත් කිව්වා. පස්‌සෙ මමත් දිවයින පත්තරේ පන්සල ගැන පළ කරලා තිබුණු ලිපිය කියෙව්වා. ඒ ලිපිය කියවලා ඉවර වෙනකොට මගේ හිතට ලොකු සහනයක්‌ දැනුණා. ඊට දවස්‌ දෙකකට පස්‌සෙ අපි මේ පන්සලට ඇවිත් නායක ස්‌වාමීන් වහන්සේට බුලත් නවයක්‌ තිබ්බා. ස්‌වාමීන් වහන්සේ බුලත් නවයෙන් එක කොළයක්‌ අරගෙන ‘තමාට අධික ලේ වහනයක්‌ තියෙනවා නේද…’ කියලා මගෙන් ඇහුවා. ඊට පෙර මා එක්‌ක වචනයක්‌වත් කතා කරලා නොතිබුණු ස්‌වාමීන් වහන්සේ ලේ වහනය ගැන කොහොමද දන්නේ කියලා මට පුදුම හිතුණා. ස්‌වාමීන් වහන්සේ ඉදිරියේ මම නිරුත්තර වුණා. එක එල්ලේ ස්‌වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා ‘ඔව්…’ මගේ කටින් වචනය පැන්නා. ස්‌වාමීන් වාහන්සේ පිරිත් පැන් කෙණ්‌ඩිය අතට ගෙන මට පැන් ටිකක්‌ බොන්න දුන්නා.

‘අසනීපය සුව කරන්න පුළුවන්. වත්පිළිවෙත් ආරක්‍ෂා කරගෙන විහාරස්‌ථානයේ නතර වෙන්න…’ කියලා ස්‌වාමීන් වහන්සේ උපදෙස්‌ දුන්නා. එදාම මම කූඩාරමක්‌ හදාගෙන පන්සලේ නතර වුණා. ප්‍රතිකාර පටන් ගත්තා. එක දිගට දවස්‌ හතක්‌ බෝධි පූජාවට සහභාගි වුණා. ඒ අතර දෙහි කැපීම් කළා. ස්‌වාමීන් වහන්සේ කියන විදිහට නියම මාත්‍රාවට බෙහෙත් පාවිච්චි කළා. සතියක්‌ විතර යනකොට ලේ යන එක 50% කින් විතර අඩු වුණා. දින 21 ක සම්පූර්ණ වෙන්න කලින් ලේ වහනය වෙන එක මුළුමනින්ම නතර වුණා. අවුරුදු 10 ක්‌ විතර එක දිගට ලේ ගිය එක නතර වෙච්ච විදිහ මට හිතා ගන්නවත් බෑ. ලේ යන එක නතර කරන්න වෛද්‍යවරුත් උපරිම උත්සාහ කළා. බටහිර වෛද්‍ය විද්‍යාවේ මගේ ලෙඩේට බෙහෙත් තිබුණේ නෑ. ඒත් දින පහළොවකින් මගේ ලෙඩේ සම්පූර්ණයෙන් සුවපත් කරන්න අපේ මේ නායක හාමුදුරුවන්ට පුළුවන් වුණා. මේ පින්බිමේ සිදු වෙන ප්‍රතිහාර්ය වචනවලින් පැහැදිළි කරන්න බෑ.

ඉස්‌සර මම ගෙයින් දොට්‌ට බහින්න හරිම බයයි. හිටි හැටියේ බඩඑළිය යනවා. මට නොදැනී ඇඳුමේ ලේ ගෑවෙන අවස්‌ථා තිබුණා. දැන් මට සමාජයේ ඕනෑම තැනකට යන්න, එන්න පුළුවන්. ජීවිතය නැවත ලැබිලා තියෙනවා. පත්තිනි මෑණියන්ට බුදු බව අත්වෙන්න මට නිරෝගීව ඉන්න වාසනාව ලැබුණා. මේ ස්‌වාමීන් වහන්සේ බෙහෙත් කරන්න මාව භාරනොගන්න මම මේ වෙනකොට ජීවතුන් අතරත් නැති වෙන්න තිබුණා. තව, තවත් අසරණ රෝගීන් සුවපත් කරන්න නායක ස්‌වාමීන් වහන්සේට චිරාත් කාලයක්‌ වැඩ වාසය කරන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බින්බිමේ සුවපත් වෙච්ච රෝගීන්ගේ විස්‌තර රටට කියන ‘දිවයින’ පත්තරේටත් මේ පින් අනුමෝදං වෙන්න ඕනා…’’

දැන් මිලින්දගේ දෙනෙත් රතු වී තිබෙන්නේ ඇඟට දැනෙන වේදනාවට නොවේ. සිතට දැනෙන සතුටටය. මිලින්දගේ ප්‍රීතිමත් මුහුණ අමුතුම ආලෝකයකින් දීප්තිමත් වෙමින් තිබිණි. අප සමඟ තව බොහෝ දේ කතා කිරීමට ඔහු කැමතිය. එහෙත් ඒ වන විටත් අපේ දෙනෙත් පුංචි දරුවන් දෙදෙනකු අසල නතර වී තිබිණි. එහෙයින් අපි මිලින්දට සමු දී පුංචි දරුවන් අසලට ගියෙමු.

තැඹිලි ගසක සෙවන යට පිහිටි පුංචි කූඩාරම ඔවුන්ගේ නවාතැන්පළයි. ඔවුන්ගේ ආරක්‍ෂාවට මවු පිය දෙපළම සිටිති. තරුණ යුවළකි. එහෙත් මොකක්‌දෝ අසරණකමකින් ඔවුන් පීඩා විඳින බව ඒ මුහුණුවල ඇඳී තිබේ. දැන් අපි ඔවුන් සමඟ ඒ ගැන කතා බහ කිරීමට කූඩාරම ඉදිරිපිට තිබූ අසුනට බර දුන්නෙමු. කෙටි හඳුනාගැනීමකින් පසු දරුවන්ගේ තාත්තා කතාව පටන් ගත්තේය.

‘‘අපි පදිංචි වෙලා ඉන්නේ තඹුත්තේගම දඹුලුපුර. අසනීප වෙලා ඉන්නේ මගේ බිරිඳ ඉංසකා ජීවන්ති. මුලින්ම වම් උරහිසේ වේදනාවක්‌ ආවා. අත උස්‌සන්න, පහත් කරන්න බෑ කියලා කෑගැහුවා. තඹුත්තේගම රෝහලට අරගෙන ගියා. බිරිඳව පරීක්‍ෂා කරපු වෛද්‍යවරයාගේ නිගමනය වුණේ උරහිස ඇදිලා, පැනලා තියෙන්නෙ කියලයි. ඒත් උරහිසක්‌ ඇඳිලා පනින්න තරම් බිරිඳ කිසිම දවසක වැටිලා, අනතුරක්‌ සිදු වෙලා තිබුණේ නෑ. රෝහලෙන් උරහිස බැන්ඩේඡ් කළා. ඒත් වේදනාව අඩු වුණේම නෑ. ඉස්‌පිරිතාලෙන් ටිකට්‌ කැපුවා. වේදනාව අඩු නොවෙන තැන අනුරාධපුර රෝහලේ නතර කළා. ඒ ඉස්‌පිරිතාලේ මාසයක්‌ විතර නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ අතරතුර පරීක්‍ෂණ කිහිපයක්‌ම කළා. ඒ පරීක්‍ෂණවලින් තහවුරු වුණේ බිරිඳට ආතරයිටීස්‌ රෝගී තත්ත්වය වැළඳිලා කියලා. බිරිඳගේ අක්‌මාවේ තෙල් තට්‌ටුවක්‌ මිදිලා එයින් නිපදවන එන්සයිම වැඩිවීමත් එක්‌ක ආතරයිටීස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී ලොකු අවධානමක්‌ තියෙනවා කියලත් වෛද්‍යවරු මට පැහැදිළි කරලා දුන්නා. ‘කරන්න දෙයක්‌ නෑ. කෑම පාලනය කරගෙන හොඳින් ලෙඩා බලාගෙන එයාව සතුටින් තියන්න’ කියලා වෛද්‍යවරු මට උපදෙස්‌ දුන්නා. වෛද්‍යවරයා කියන විදිහට වෙන්න යන්නෙ මොකක්‌ද කියලා මට තේරුණා…” දරුවන් තුරුලු කරගෙන සිටි ඉසංකාගේ දෑසින් හැළෙන කඳුළුවලින් ඔහුගේ උරමඩල තෙත් විය. එහෙත් හේ කඳුළු පිසලෑමට වෑයම් නොකරයි. ඔහු දිගටම කතා කරගෙන යන්නේය.

වෛද්‍යවරයා එහෙම කිව්වම මම අන්ත අසරණ වුණා. ඒත් අඬලා දොඩලා තේරුමක්‌ නැති බව අවබෝධ කරගෙන මම බිරිඳගේ ටිකට්‌ කපාගෙන ගෙදර එක්‌කරගෙන ආවා. එහෙම ඇවිත් ඉන්නකොට තමයි ‘දිවයින’ පත්තරේ මේ පන්සල ගැන පළ වෙන ලිපියක්‌ දැක්‌කේ. ඊළඟ සතියෙත් මම දිවයින පත්තරය අරගෙන බැලුවා. ඒ වෙනකොට අපිට ඉතිරි වෙලත් තිබුණේ දෙවියන්ගේ පිහිට පමණයි. දෙපාරක්‌ හිතන්නේ නැතිව මම බිරිඳව එක්‌කරගෙන පන්සලට ආවා. ඒ එනකොට බිරිඳට ඇවිදින්න බෑ. වම් අත උස්‌සන්න කරන්න බෑ. වේදනාවෙන් කෑගගහා හිටියේ. නායක හාමුදුරුවන්ට බුලත් අත තියපු ගමන් ඉංසකාගේ ඇඟේ තියෙන ලෙඩ ටික සේරම ස්‌වාමීන් වහන්සේ ස්‌කෑන් කළා වගේ කිව්වා. ඒ වචන ටික අපිට ලොකු මානසික සුවයක්‌ වුණා.

මේ කූඩාරම හදාගෙන පන්සලේ නතර වෙලා බෙහෙත් කරන්න පටන් ගත්තා. දවස්‌ අටක්‌ විතර යනකොට බිරිඳ කාගේවත් අත්උදව්වක්‌ නැතිව නැඟිටලා ඇවිදගෙන ගියා. උස්‌, පහත් කරන්න බැරිව හිටිය අත හොඳට එහා, මෙහා කළා. දින 21 කට පස්‌සේ කැබිතිගොල්ලෑවේ පෞද්ගලික රෝහලකට ගිහින් අක්‌මාවේ තෙල් තත්ත්වය පරීක්‍ෂා කරලා බැලුවා. පන්සලට එන විට AST 143 , ALT 202 තිබුණු එක AST 13 , ALT 10 ට අඩු වෙලා තිබුණා. මට පුදුම සතුටක්‌ ඇති වුණේ. මගේ දරුවො තුන්දෙනාට නැති වෙන්න ගිය අම්මට පත්තිනි මෑණියන් ජීවත් වෙන්න වරම් දුන්නා. අද අපි හිනා වෙලා ඉන්නේ නායක ස්‌වාමීන් වහන්සේට පින්සිද්ධ වෙන්න. එහෙම නැති වුණා නම් මේ දරුවො තුන්දෙනාගේ මුහුණු බලාගෙන ජීවිත කාලයම මට කඳුළු බොන්න වෙනවා…’’

මවට තුරුලු වී සිටින දරුවන් දෙස අපි බලා සිටිමු. මේ පුංචි උන්ට මව අහිමිවූවා නම් ඇති වන තත්ත්වය ගැන මගේ හිතේ චිත්ත රූප මැවිනි. එහෙත් ඒ භයංකර චිත්‍රයක්‌ම පමණි. ඉසංකා දැන් සම්පූර්ණයෙන්ම සුවපත් වී සිටිති. තව දින කිහිපයකින් මේ පුංචි පවුල සතුටින් ගම් ප්‍රදේශයට පිටත්ව යනු නියතය. අපි ඉසංකාගේ කූඩාරමෙන් නික්‌ම මගට වැටුණෙමු.

ඇස නතර වන සෑම තැන්හිම අසරණ මුහුණුය. මේ වන විට වාහල්කඩ පින්බිම අතුරු සිදුරු නොමැතිව මිනිසුන්ගෙන් පිරී පවතී. මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි නේවාසික රෝගීන් පමණක්‌ දෙදහසකට ආසන්නය. ඒ සියලු රෝගීන්ට කෑමවලින් අඩුවක්‌ නැත. දාන මාන දීමට මංගලාරාම පින්බිමට ඇදී එන පින්වතුන් එමටය. එහෙත් අවශ්‍ය ප්‍රමාණයට පානීය ජලය නොමැති බැවින් නේවාසික රෝගීන් බරපතළ ලෙස පීඩා විඳිති. මේ අසරණ රෝගීන්ගේ පිපාසය නිවා දැමීමට ඔබට යම් දෙයක්‌ කළ හැකිය. ප්‍රමාද නොවන්න, එය එලොවටත් මෙලොවටත් කර ගන්නා මහඟු පින්කමකි. එමෙන්ම වාහල්කඩ පින්බිමේ පානීය ජල අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලබාදීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

– තරංග රත්නවීර , කැබිතිගොල්ලෑවේ සේනානායක

—————————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 11

(28.05.2017 – divaina.com)

නරක්‌ වූ වකුගඩුව සතියෙන් සුව වූ අරුමය…

• වකුගඩු බද්ධ කරපු මිනිස්‌සු දුක්‌විඳින හැටි දැක්‌කම මට ජීවිතේ එපා වුණා… ‘දිවයින’ පත්තරේ යන ලිපිය දැකලා තමයි පන්සලට ආවේ…

• අපේ පරම්පරාවේ කාටවත් වකුගඩු රෝගය නෑ. ඒත් දුවට ජාන වකුගඩු රෝගය…

කැබිතිගොල්ලෑව, වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ එකොළොස්‌ වැනි කොටසයි.

අපි බෝ ගස යට සිට පූජා භූමිය වටා දෑස්‌ පා කළෙමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඒ අසල විවිධ ආබාධ සහිත රෝගීන්ය. දැන් වාහල්කඩ මංගලාරාම පූජා භූමිය සුවසහන ගම්මානයකි. එගම්වාසීන්ට අඩුම, කුඩුම ගැනීමට තැන, තැන වෙළෙඳසල්ය. බෙහෙත් ඖෂධ ගැනීමට බෙහෙත් බඩු කඩයකි. ඒ ගම්මානය තුළ උස්‌, මිටි බේද නැත. තරාතිරම කෙබඳු වුවද සියලු දෙනාම එක හා සමානය. අතිශය සරල සහ අල්පේච්ඡ ජීවිත ගත කරන ඒ ගම්වාසීන්ට කප්පරක්‌ බලාපොරොත්තු නැත. සියලු දෙනාට ඇත්තේ එකම බලාපොරොත්තුවකි. ඒ ලෙඩ සුවපත් වීම පමණි.

”අන්න අර කූඩාරමේ ඉන්න රෝගියා එක්‌ක ටිකක්‌ කතා කරන්න…” නායක ස්‌වාමීන් වහන්සේගේ හඬත් සමඟ මගේ දැහැන බිඳිණි.

මොහොතකින් අපි උන්වහන්සේ පෙන්නූ කූඩාරම අසලට ගියෙමු. ඒ තුළ සිට අප ඉදිරියේ පෙනී සිටියේ තරුණ කාන්තාවකි. වයස අවුරුදු 25 කි. ඇයගේ නම සිලානි කෞශල්‍යා නවරත්නයි. කාලයක සිට වකුගඩු රෝගයකින් පීඩා විඳි ඇය මංගලාරාමයට පැමිණ සිටියේ මහනුවර හේවාහැට ප්‍රදේශයේ සිටය.

”අපි මේ පන්සලට ආවේ මාර්තු මාසෙ 23 වැනිදා. මගේ තනියට ඉන්නේ අම්මා…” සිලානිගේ අසරණ දෙනෙත් මව දෙසට ඉඟිලිණි. අප අතර නිහඬතාවකි.

වකුගඩු රෝගයක්‌ කියලා දැන ගත්තේ කොහොමද…? අපි ඇයගේ ගොළුවතට කතා කළෙමු.

”මුලින්ම මගේ හන්දිපත් රිදෙන්න ගත්තා. ඒත් එක්‌කම වගේ කෙස්‌ ගැලවෙන්න පටන් ගත්තා. අතපයවල ලප දැම්මා. මහනුවර ඉස්‌පිරිතාලෙට ගිහින් නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ලෙඩ ගතිය ටිකක්‌ අඩු වුණා. ටිකට්‌ කපලා ගෙදරත් ආවා. ටික දවසක්‌ ඉන්නකොට ආයෙමත් ඒ රෝග ලක්‍ෂණම පෙන්නුම් කළා. ආයෙමත් මම ඉස්‌පිරිතාලෙට ඇතුළත් වුණා. ඒ වතාවේ පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා වෛද්‍යවරු මට කිව්වා ‘වකුගඩු නරක්‌ වීගෙන එනවා, තව පරීක්‍ෂණ කිහිපයක්‌ කරලා බලමු’ කියලා. 2016 අවුරුද්දේ තමයි ලෙඩේ හඳුනා ගත්තේ. 2017 පෙබරවාරි වෙනකොට මගේ මුළු ඇඟම ඉදිමෙන්න පටන් ගත්තා. ඇවිද ගන්න බැරිව ගියා. ඒ වතාවේ ඉස්‌පිරිතාලෙට ඇතුළු වුණහම මාව පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කිව්වා වකුගඩු දෙකම නරක්‌ වෙලා. දෙකම බද්ධ කරන්න වෙනවා කියලා…”

”වකුගඩු බද්ධ කරලා මිනිස්‌සු දුක්‌විඳින හැටි ඕන තරම් ඉස්‌පිරිතාලේදී මම දැක්‌කා. ඒ විදිහට දුක්‌විඳිනවට වඩා මැරෙනවා හොඳයි කියලා හිතහදාගෙන වකුගඩු බද්ධ කරන එකට අකැමැති වුණා. පස්‌සේ ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. හිතේ තිබුණු සියලු බලාපොරොත්තු අතහැරලා මරණයට සූදානම් වෙලා වේදනාව සඟවාගෙන සතුටින් ජීවත් වුණා. ඒ හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එහෙම ඉන්නකොට තමයි ‘දිවයින’ පත්තරේ මේ පන්සල ගැන පළ කරන ලිපිය දැක්‌කේ. සති දෙක, තුනක්‌ එකදිගට ඒ ලිපිය කියෙව්වා. ඒ කියලා තිබුණු දේවල් දැකලා මේ පන්සල ගැන මට ලොකු විශ්වාසයක්‌ ඇති වුණා. පහුගිය මාර්තු 25 වැනිදා පන්සලට ආවා. මෙතැන ඉන්න රෝගීන් දැකලා මම පුදුම වුණා. අනිවාර්යයෙන්ම මටත් සහනයක්‌ ලැබේවි කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවට පස්‌සෙ ‘සනීප කරන්න පුළුවන් පන්සලේ නතර වෙන්න’ කියලා ස්‌වාමීන් වහන්සේ උපදෙස්‌ දුන්නා. උන්වහන්සේගේ ඒ වචන ටික අහලා මගේ හිතට ලොකු සහනයක්‌ දැනුණා. බෙහෙත් කරන්න පටන් අරගෙන දවස්‌ අටක්‌ විතර යනකොට කකුල්වල ඉදිමුම බැහැලා ඇවිදින්න පුළුවන් වුණා. ඇඟට දැනුණු අපහසුතා ටිකෙන් ටික අඩු වෙලා ගියා. දැන් ඇඟට කිසිම අපහසුවක්‌ දැනෙන්නේ නෑ. තව ටික දවසකින් රෝහලකට ගිහින් වකුගඩු චෙක්‌ කරලා බලනවා. මට හිතෙන්නෙ දැන් මගේ වකුගඩුවල අසනීපයක්‌ නෑ කියලා තමයි…” සිලානි දිගු හුස්‌මක්‌ ගෙන හද සැහැල්ලු කර ගත්තාය. ගතට දැනෙන සනීපෙට දැන් ඇයගේ සිත ද සැහැල්ලුය. නැවුම් ජීවිත බලාපොරොත්තුවලින් තිරිහන් වන බව ඇයගේ කතාවෙන් අපට පසක්‌ වේ. එහෙත් ඇය කියන සියලු විස්‌තර අසා සිටීමට කාලයක්‌ නැත. තවත් කූඩාරමක්‌ අසල පුංචි දරුවෙක්‌ වඩාගෙන මවක්‌ අප එන තෙක්‌ දැස්‌ දල්වා බලා සිටින්නීය.

ඉර මුදුන් සමයමේ අවට ඇවිලෙන්නේය. පෑගෙන වැලි කැට ගිනි පුපුරු වැනිය. ගිනියමින් දැවෙන එවැනි මොහොතක හුළං කවුළුවක්‌ හෝ නැති කූඩාරමක වාසය කිරීම ගතට පමණක්‌ නොව, ඉහ මොළ ද රත් වෙන ගානය. එහෙයින් බොහෝ රෝගීන්, භාරකරුවන් කූඩාරම් ඉදිරිපිටට පැමිණ සිටින අයුරු පෙනේ. කූඩාරම් අතරින් පියවර මනිමින් පුංචි දරුවකු ඇකයේ හොවාගෙන පෙර මඟ බලා සිටි කාන්තාව අසල අපි නතර වීමු.

ඇය ශ්‍රියා කුමාරිය. ගම් පළාත කලාවැව විජිතපුරය. තිස්‌හය හැවිරිදි ඇය තිදරු මවකි. මංගලාරාම පින්බිමට පැමිණ සිටින්නේ ඇයගේ තෙවැනි දරුවා වන එසිනි සත්සරණි පුංචි දියණිය සුවපත් කරගැනීමටය. දැන් අපි ශ්‍රියාගේ කතාව ද අසා සිටිමු.

”මේ මගේ තුන්වැනි දරුවා. අපේ පරම්පරාවටම ඉන්න එකම ගැහැනු දරුවා. දුව ඉපදිච්ච දවසේ අපේ මුළු පවුලම පුදුම විදිහට සතුටු වුණා. ඒත් ඒ සතුට මාස හයක්‌ තිබුණේ නෑ. හිටි ගමන් දුවගේ ඇහි බැමි ඉදිමෙන්න පටන් ගත්තා. කලාවැව ඉස්‌පිරිතාලේ වෛද්‍යවරයාට පෙන්නුවම දුවව පරීක්‍ෂා කරලා අසනීපයක්‌ නෑ. ඒත් පුංචි පරීක්‍ෂණයක්‌ කරලා බලමු කියලා මුත්‍රා පරීක්‍ෂණයක්‌ කළා. ඒ පරීක්‍ෂණයෙන් පස්‌සේ වෛද්‍යවරයා කිව්වා ‘මුත්‍රා එක්‌ක ප්‍රෝටීන් පිට වෙනවා… දරුවගේ වකුගඩුවල ආබාධයක්‌ තියෙනවා’ කියලා. ‘මේ වගේ පුංචි දරුවකුට වකුගඩු අමාරු හැදිලා කියලා දැන ගත්ත පළමු අවස්‌ථාව කියලා වෛද්‍යවරුත් පුදුම වුණා…”

”පස්‌සෙ අනුරාධපුර රෝහලට ඇතුළත් වුණා. වෛද්‍යවරු පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා බලලා ‘අවුරුදු එකහමාරට අඩු දරුවන්ට බෙහෙත් නෑ. වකුගඩු රෝගීන්ට දෙන ඖෂධවලින් අටෙන් එකක්‌ දීලා බලමු කියලා වෛද්‍යවරු අපිට කිව්වා. සතියක්‌ විතර බෙහෙත් දුන්නා. ඒත් කිසිම අඩුවක්‌ වුණේ නෑ. දවසින්, දවස දරුවා ඉදිමෙන්න ගත්තා. පස්‌සේ අපි දරුව වෙනත් රෝහලකට අරගෙන ගිහින් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ ඉස්‌පිරිතාලේ වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා දරුවට වැළඳිලා තියෙන්නේ ජාන වකුගඩු රෝගයක්‌ කියලා අපිට දැනුම් දුන්නා. ඒත් ඒ වෙනකොට අපේ පවුලේ කිසිම කෙනකුට වකුගඩු රෝගය හැදිලා තිබුණේ නෑ…”

”දුව සනීප කරන්න වෛද්‍යවරුත් උපරිම උත්සාහ කළා. පුංචි අත් දෙකෙන් ලේ අරගෙන පරීක්‍ෂණ කරනවා ඉවරයක්‌ නෑ. පුංචි අතපයවලින් ලේ ගන්නවා මට බලාගෙන ඉන්න බැරි වුණා. පස්‌සේ මම මහත්තයා එක්‌ක කතා කරලා දුවට සිංහල බෙහෙත් කරමු කියලා ටිකට්‌ කපාගෙන ගෙදර එක්‌කරගෙන ආවා. ඒ එනකොට මහත්තයාගේ යාළුවෙක්‌ කතා කරලා මේ පන්සල ගැන අපිට කිව්වා…”

ඊට පහුවෙනිදාම අපි මේ පන්සලට ආවා. ඒ එනකොට දරුව හොඳටම ඉදිමිලා. දකින අය බය වුණා. නායක හාමුදුරුවෝ දුව බලලා පිරිත් පැන් බොන්න දුන්නා. අපි චෛත්‍ය වහන්සේ ළඟට ගිහින් භාරයක්‌ වුණා. දවස ගානේ බෝධි පූජා පැවැත්තුවා. පන්සලට ඇවිත් අදට දින හතරයි. තවම දරුවට ඖෂධ ප්‍රතිකාර පටන් ගත්තේ නෑ. අදටත් පිරිත් පැන් දෙනවා. බෝධි පූජා පවත්වනවා විතරයි. අඬන්නේ නැතුව හිටිය මගේ පැටියා දැන් හොඳට අඬනවා. බඩගිනි වුණහම කිරි ඉල්ලලා කෑගහනවා. ඇඟේ ඉදිමුමත් බැහැලා ගිහින්. දුව ටිකෙන් ටික සනීප වෙනවා කියලා දැන් මට හිතෙනවා. පත්තිනිs මෑණියන්ට බුදු බව අත් වෙන්න මගේ චූටි දුව හිනා වෙලා ඉන්නවා. මේ කරන සත්කාරයට නායක ස්‌වාමීන් වහන්සේ නිවන් දකින්න ඕනෑ. පින් දෙනවා හැරෙන්න හමුදුරුවන්ට වෙන දෙන්න දෙයක්‌ නෑ. මේ පන්සලේ පින්කැටයක්‌වත් නෑ…’ පුංචි සිඟිත්තියව තුරුලු කර ගත් ශ්‍රියා බෝ ගස දෙසට හැරී පින් දෙන්න පටන් ගත්තාය. දෑස්‌ ලොකු කරගෙන පුංචි සත්සරණි මවගේ මුව දෙස බලා සිටින්නීය. කිරිකැටි මුහුණේ දැන් ඉදිමුම් ගති නැත. පුංචි සිඟිත්තිය සාමාන්‍ය දරුවකු සේ කතාබහ කරති. පිපෙන්නට පෙර පර වෙන්නට ගිය සත්සරණි මංගලාරාමයේ සරණින් තව බොහෝ කාලයක්‌ පීපී සුවඳ හමන බව නම් සිකුරුය. දැනුදු පුංචි සත්සරණිගෙන් ඒ සුවඳ විහිදේ. ඒ සුවඳ විඳිමින් අපි ඔවුන්ට සමුදුන්නෙමු.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු.

අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

තරංග රත්නවීර
කැබිතිගොල්ලෑව – සේනානායක

—————————————

ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම් 12
(11.06.2017 – divaina.com)

මතකය නෑ ඇවිදින්න බෑ කෑම කන්න බෑ ; පන්සලට පය තියපු ගමන් සේරම ලෙඩ ඉවරයි… ; මොළේ ගෙඩියකින් පීඩා විඳි සරසවි සිසුවිය කියන කතාව

• මගේ අයියා දිවයින පත්තරේ පළ කරන ඉසිවර අරණ ලිපි පෙළ එකතු කරනවා… නැවත මට විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න පුළුවන්…

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකුගුඩු ආබාධ වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දොළොස්‌වැනි කොටසය.

ඈත අහසේ වැහි වලාකුළු ඈතට පාවේ. ඈත, මෑත කඳු මුදුන්, වන ගොමු පිස හමා එන සුළඟ සීතලය. පෑගෙන වැලි කැට ද සිසිල්ය. ඉඳහිට මල් වැස්‌සකින් වාහල්කඩ පින්බිම දෝවනය වෙයි. එහෙත් ඒ මල් වැස්‌ස දකුණට බලපෑ අනෝරා වැස්‌සක්‌ වූවා නම් මේ පින්බිමේ කූඩාරම්ගතව සිටින රෝගීන්ට යන, එන මං නැතිව අන්ත අසරණ වනවා නොඅනුමානය. එහෙයින් හිරු ප්‍රචණ්‌ඩ ලෙස දවාළුව ද මේ ඉසව්වට මහා වැසි අකැපය. වාහල්කඩ පින්බිමේ සිටින සියලු දෙනාගේ ප්‍රාර්ථනාව ද එයයි.

තවත් කුටියක්‌ තැනීමට ඉඩ නැති ගානය. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. වාහල්කඩ පින්බිමේ රාජකාරි කරන කපු තාත්තා කෙනෙක්‌ අපව තවත් කූඩාරමකට කැඳවාගෙන ගියේය. එම කූඩාරම ඉදිරිපිට අසුනකට බරදී සිටින තරුණියකි. ඇය අසල මැදිවිය පසු කරගෙන යන මවකි. කිසිවකුගේ රූප සොබාවෙන් ලෙඩ ගතියක්‌ නොපෙනේ. කපු තාත්තා අපව ඔවුන්ට හඳුන්වා දුන්නේය. දැන හඳුනාගැනීමත් සමඟ සිනාවකින් මුව හැඩ කර ගත් තරුණිය දිගු කතාවකට අසුන මත හරි බැරි ගැසිණි.

‘‘අසනීප වෙලා ඉන්නෙ මමයි…’’ ඇයගේ මුහුණට පෑයූ සිනාව බිඳුවක්‌ හෝ අඩු නොවිණි.

‘‘අසනීපය මොකක්‌ද…?’’

‘‘වෛද්‍යවරු කියන්නෙ මොළේ ගෙඩියක්‌ කියලා…’’ අප කියන්නට පෙර ඇය කතාවේ මුලට ගියාය.

‘‘මගේ නම විශාඛා ලක්‌මිණි. අපි පදිංචි වෙලා හිටියේ හලාවත සේරුකැලේගම. මම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ තෙවැනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌. වයස අවුරුදු 23 යි.’’

‘‘විශ්වවිද්‍යාලයේ තුන්වැනි වාරයේ නිවාඩුවෙන් පස්‌සේ පහුගිය අප්‍රියල් 24 වැනිදා තමයි නැවත පන්ති ආරම්භ වුණේ. එදා අපි විශ්විද්‍යාලයට ගිහින් නව පන්ති වාරයට කාලසටහන ලැබෙන තෙක්‌ යාළුවො එක්‌ක උසුළු, විසුළු කරමින් මිදුලේ හිටියා. එහෙම ඉන්න අතරේ ඔලුව රිදෙන්න ගත්තා. මම ගණන් ගත්තෙ නෑ. ඒත් ටිකෙන් ටික හිස කකියන ගතිය වැඩි වුණා. මම යාළුවන්ටත් නොකියා කැන්ටිමට ගිහින් වේදනා නාශක පෙති දෙකක්‌ බිව්වා. ඒත් හිසේ වේදනාව අඩු වුණේ නෑ. ඊට ටික වේලාවකින් වමනය යන්න ගත්තා. මම මිදුලේ තණ පියළි මත හාන්සි වුණා. ඊට පස්‌සෙ සිහිය එනකොට මම හිටියේ ඉස්‌පිරිතාලෙ ඇඳක්‌ උඩ…’’ විශාඛා සුසුමක්‌ පිට කර හද සැහැල්ලු කර ගත්තාය. අප අතර ගලා යන කතාවට විරාමයකි. ඒ අතර කාලයේදී අප අසලට තරුණයකු ද පැමිණියේය. ඔහු විශාඛාගේ සහෝදරයාය. කෙටි නිහඬතාව බිඳිමින් විශාඛාගේ මව කතා කරන්නට විය.

‘‘විශ්වවිද්‍යාලයෙන් කතා කරලා දුවට අසනීපයි, ඉස්‌පිරිතාලෙට ඇතුළත් කළා කියලා කියපු ගමන් පුතයි, මමයි කොළඹ ජාතික රෝහලට ගියා. ඒ යනකොටත් දුවව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරලා. එතකොටත් පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා. වෛද්‍යවරු මට කිව්වා දුවගේ මොළේ ගෙඩියක්‌ තියෙනවා ඔපරේෂන් එකක්‌ කරලා ඉවත් කරන්න පුළුවන්. ඒකට අම්මාගේ අවසරය ඕනා කියලා. දුවගේ ජීවිතය බේරාගන්න ඔපරේෂන් එක කරන්න මම කැමැත්ත දුන්නා. වෛද්‍යවරු අවස්‌ථා කිහිපයකදීම දුවව සූදානම් කළාට ඔපරේෂන් එකට ගත්තේ නෑ. ඊට පස්‌සෙ වෛද්‍යවරු මට කතා කරලා ඔපරේෂන් එකේදී ලොකු අවධානමක්‌ තියෙනවා කියලා දුවව නැවත වාට්‌ටුවට දැම්මා. මට කර කියාගන්න දෙයක්‌ නැති වුණා. මම අන්ත අසරණ වුණා…’’ ඇයගේ මුවමඬල අඳුරු වළාවකින් වැසී ගියාය. විශාඛාගේ කය අප අසලය. එහෙත් සිත දුර ඈතකය. නැවතත් අප අතර නිහඬතාවකි. මොහොතකින් පියවි සිහියට පැමිණි විශාඛා නැවත කතාව පටන් ගත්තා.

‘‘අයියා නිතරම පත්තර, පොත්පත් කියවනවා. දිවයින පත්තරය අනිවාර්යයෙන්ම කියවනවා. දිවයින ඉරිදා පත්තරේ පළ කරන ‘වාහල්කඩ ඉසිවර අරණ’ කියන ලිපි මාලාවම කියවලා විතරක්‌ නෙමෙයි ඒ පත්තර පිටුත් අයියා එකතු කරලා. ඒ එක්‌කම යාළුවො හරහා මේ පන්සලේ කෙරෙන වෙදකම ගැන හොයා බලලා. මම ඉස්‌පිරිතාලෙ ඉන්නකොට අයියා මේ පන්සලට ඇවිත් නායක හාමුදුරුවො මුණගැහිලා මට බෙහෙත් ගෙනියන්න උත්සාහ කරලා තියෙනවා. මෙතැන එහෙම බෙහෙත් දීලා යන්න දෙන්නෙ නෑ. ලෙඩේ සුව කරලමයි යවන්නෙ. පස්‌සෙ අනුකම්පා කරලා නායක හාමුදුරුවො අයියගේ අතේ මට පිරිත් පැන් එවලා තිබුණා. වාහල්කඩ ඉඳලා කෙළින්ම අයියා ආවේ ඉස්‌පිරිතාලෙට…’’ විශාඛාගේ සහෝදර ප්‍රේමයට අයියාගේ දෙනෙත් රතු වෙලාය. ටීක්‌ බෝල දෙකක්‌ මෙන් ඇස්‌ දිස්‌න දෙන්නේය.

‘‘මට ප්‍රතිකාර කරපු ලොකු ඩොක්‌ටර් හරිම සැරයි. වචනයක්‌ කතා කරන්න බයයි. ගෙදර යන්නද කියලා අහන්න බයෙන් ටිකට්‌ කපනකම් හිටියා. පිරිත් පැන් ටික අතට හම්බවුණාට පස්‌සෙ මම අධිෂ්ඨානයක්‌ කර ගත්තා ‘පන්සලේ මේ කරන දේ සත්‍ය නම් මට ගෙදර යන්න ලොකු ඩොක්‌ටර්ගෙන් අවසර ලැබෙන්න ඕනා’ කියලා හිතාගෙන පිරිත් පැන් ටික බිව්වා. ඊට ටික වේලාවකට පස්‌සේ කවදාවත් සමීපව කතා නොකරපු ලොකු ඩොක්‌ටර් මම ළඟට ඇවිත් හොඳට කතාබහ කළා. ඒ වේලාවේ මම ඇහුවා ‘සර් මට ගෙදර යන්න පුළුවන්ද’ කියලා.’’

‘‘ඔයා කැමැති නම් යන්න පුළුවන්…’ ඩොක්‌ටර් හිනා වෙලා කියපු ඒ වචනවලට මට ඇඬුණා. මේ නම් දේව හාස්‌කමක්‌මයි. ඒ වේලාවේම ඩොක්‌ටර්ට කියලා ටිකට්‌ කපා ගත්තා. ඊට පස්‌සෙ අම්මයි, අයියයි එක්‌ක කෙළින්ම ආවේ මේ පන්සලට. බදාදා දවසක්‌. වෙදකම් අහන්න ආපු ගොඩක්‌ සෙනඟ හිටියා. පෝළිමේ ඇවිත් නායක හාමුදුරුවන්ට බුලත් කොළ නවය තියලා සිමෙන්ති පොළොවේ වාඩි වුණා විතරයි. හාමුදුරුවො ස්‌කෑන් කළා වගේ මගේ ශරීරයේ තියෙන සියලු රෝග කිව්වා. මැණියන්ගේ සළුවෙන් මගේ හිස පිරිමදිමින් ආශිර්වාද කළා…’’

‘‘පන්සලට එනකොට මගේ ඇඟට කිසිම ශක්‌තියක්‌ තිබුණේ නෑ අම්මට වත්තන් වෙලා ආවේ. කිසිම මතකයක්‌ නෑ. කෑම කන්න බෑ. හිසේ වේදනාව දරා ගන්න බැරිව හිටියේ. මරණයේ වේදනාව හොඳටම දැනුණා. මරණය දැක-දැක හිටියේ. නායක ස්‌වාමීන් වහන්සේ කියන විදිහට නියම මාත්‍රාවට බෙහෙත් ටික බිව්වා. බෝධි පූජාවලට සම්මාදම් වුණා. දෙහි කැපීම්වලට සහභාගි වුණා. දැන් හිසේ කැක්‌කුම නෑ. ඇඟට කිසිම අපහසුතාවක්‌ දැනෙන්නෙ නෑ. කෑම කන්න පුළුවන්. දැන් මගේ වැඩ ටික මම තනියෙන් කර ගන්නවා. මට දැනෙනවා අසනීප තත්ත්වය ටිකෙන්, ටික අඩු වෙලා යනවා කියලා. සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් අසනීප තත්ත්වය නිට්‌ටාවටම සුව වන බව මට විශ්වාසයි. ජීවිත බලාපොරොත්තු අතහැරලා හිටිය මට ජීවිත්වීමට වරම් දුන්න සත් පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා. දහස්‌ සංඛ්‍යාත අසරණ රෝගීන් සුවපත් කරන නායක හාමුදුරුවො තව බොහෝ කාලයක්‌ ආයු වළඳා නිවන් දකින්න ඕනා. මම වගේ අසරණ රෝගීන් කී දාහක්‌ නම් මේ පින්බිමේදී සුවපත් වෙලා හිත සතුටින් පිට වෙලා යනවද… ඒ අය පින් දෙන්නෙ පත්තිනි මෑණියන්ට, නායක හාමුදුරුවන්ට විතරක්‌ නෙමෙයි මේ පන්සල ගැන රටට කියන දිවයින පත්තරයටත් එක්‌ක. දිවයින කරන මේ සමාජ සත්කාරය සැබෑම පුණ්‍යකර්මයක්‌. දැන් මේ පින්බිමේ ඉන්න ගොඩක්‌ දෙනෙක්‌ පත්තරේ බලලා ආපු අය…’’

‘‘කැම්පස්‌ එකේ මගේ යාළුවොත් හුඟ දෙනෙක්‌ මේ පන්සල ගැන දිවයින පත්තරේ පළ කරන ලිපිය දැකලා මට යන්න කියලා කිව්වා. මට බලන්න පත්තර පිටුත් ගෙනත් දුන්නා. ඒ අතරතුරේ තමයි අයියත් දිවයින පත්තරය බලලා මේ පන්සලට ඇවිත් ගිහින් තිබුණේ. මාව සනීප කරන්න අම්මයි, අයියයි විශාල කැපවීමක්‌ කළා. පුළුවන් හැම වෙලාවටම අයියා මාව බලන්න එනවා. මේ පුංචි කූඩාරමේ අපි තුන් දෙනාම ඉන්න දවස්‌ තියෙනවා. අදත් අයියා ඇවිත් ඉන්නේ…’’ විශාඛා එසේ කියන විටත් ඇය මැදි කොට මවත්, අයියත් දෙපසය. විශාඛාගේ මවගේ දෙනෙත්වලින් සතුට දෝරෙ ගලා යන්නීය. සහෝදරයා විශාඛා දෙස බලා සිටී. විශාඛා නැවතත් වචන එකතු කළාය.

‘‘මගේ යාළුවො මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා බෝධි පූජා පැවැත්තුවා. දුර කතර ගෙවාගෙන මෙතැනට ඇවිත් වැටීගෙන මට උපකාර කළා. දැන් මට සුවයි. ඒ හැමෝම කරපු උදව්වලට පින් දෙනවා. මේ පින්බිමේ ආශ්චර්යය ගැන විස්‌තර කරන්න මට තේරෙන්නෙ නෑ. මේක පුදුමාකාර තැනක්‌. ඒ වගේම විවිධ මිනිසුන් ජීවත් වෙන මේ ගම්මානයේ ජීවත්වීමට ලැබීමත් දැන් මට සතුටක්‌. මෙතැන ඉන්න බහුතරය ඒ තරමට ගුණයහපත්. මේ හිටිය දින කිහිපය බොහෝම සතුටින් ජීවත් වුණා…’’ විශාඛාට කතා කරන්නට තවත් වචන නැති ගානය. තව නොබෝ දිනකින් පෙර සේම ඇයට විශ්වවිද්‍යාලයට යා හැකිය. මැකී ගිය මතකය නැවත ලැබී ඇති හෙයින් අධ්‍යාපන කටයුතු ද කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව විශාඛාම අපට කීවාය.

පෙර කළ අකුසලයකට විශාඛාට මාරාන්තික රෝගයක්‌ වැළඳුණ ද, ඇයගේ පිං බලය වැඩිය. මාරකයක්‌ පැන නැවතත් ජීවත්වීමේ වරම් ලැබී ඇත්තේ ඇය පෙර කළ කුසල් මහිමය නිසාය. වාහල්කඩ පින්බිමට පැමිණෙන සෑම රෝගියෙක්‌ම සුවපත් වෙන්නෙ නැත. එමෙන්ම පැමිණෙන සෑම රෝගියෙක්‌ම වෙදකම් කිරීමට නායක ස්‌වාමීන් වහන්සේ භාරගන්නේ ද නැත. ඒ සියලු දේ තීරණය වන්නේ රෝගියාගේ පෙර කුසල් මතය. ලෙඩ දුක්‌වලට සුවය ප්‍රාර්ථනා කරගෙන වාහල්කඩ පින්බිමට යැමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා ඒ බව මතක තබාගත යුතුය.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු.

අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හාරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

තරංග රත්නවීර
කැබිතිගොල්ලෑව – සේනානායක

————————————–

# The Google Map

********************* ( නැවත මුල් පිටුවට ….. )