රජරට වකුගඩු රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව එළි දකී

(22-02-2013 12:01 +0530 – lankacnews.com)

මෙරට ප‍්‍රදේශ ගණනාවක පැතිර යමින් ඇති වකුගඩු රෝගය සම්න්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකල පර්යේෂණයේ අවසන් වාර්තාව මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව රෝගයට හේතුකාරක ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය මඟින් එක්වන ‘ආසනික්‘, ‘කැඩ්මියම්‘ ඇතුළු බැර ලෝහ අවශෝෂණය ලෙස මීට පෙර සිට අතුරු වාර්තාව මඟින් එළිදැක්වූ කරුණු තවදුරටත් සනාථ කර ඇත.

2011 වසරේ ජනවාරි මාසයේ මෙරට පර්යේෂණ කණ්ඩායමක් විසින් රජරට වකුගඩු රෝගයට හේතුව ‘ආසනික්‘ බව කරුණු දැක්වීම සහ ඒ තුලින් මතු වූ සමාජ කැලඹීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට ආසනික් පිළිබඳ සොයා බලන්නට සිදුවිය.

අවසන් වාර්තාව අනුව රෝගය පැතිර ඇති ප‍්‍රදේශවල රටේ අනෙකුත් ප‍්‍රදේශවලට සාපේක්‍ෂව 10 ගුණයක් දක්වා ඉහල අගයක් ආසනික් ප‍්‍රමාණයක් අඩංගුව ඇතැයි තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් අප කල අදහස් විමසීමකදී ආසනික් පිළිබඳව මුල් වරට හෙළිදරවු කල පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ “අප ආසනික් පිළිබඳව පැවසූ පසු එය බොරුවක් බව පවසා සැඟවීමට කටයුතු කල නිලධාරීන් කිහිප දෙනෙකු සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු සිටිනවා. ඔවුන්ගේ බලපෑම නිසා මෙහි බලපෑම යටපත් වූවා. අපගේ මුල් අනාවරණයෙන් පසු මේ දක්වා කාලයේදී පමණක් රෝගීන් 953 දෙනෙකු මේ රෝගයෙන් මියගොස් තිබෙනවා. ඒ අයගේ මරණවල වගකීමත් මේ තක්කඩි බාරගත යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මිය ගිය අය වෙනුවෙන් වන්දි මේ අයගෙන් අයකර ගැනීමටත් කටයුතු යොදමින් තිබෙනවා“ යනුවෙනි.

කෙසේ වෙතත් මේ තොරතුරු සහ තවත් බොහෝ තොරතුරු මින් ඉහතදී කැළණිය සහ රජරට ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගත් අතර එම පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ තමන්ට ඒ සඳහා වියදම් වූයේ රුපියල් 40,000 ක පමණ මුදලක් බවයි.  ඔහු වැඩිදුරටත් පැවසුවේ ‘නාථ දෙවියන්‘ විසින් එදි තමන් ඇතුළු කණ්ඩායමට මේ සඳහා විවිධ ක‍්‍රම හරහා මඟ පෙන්වූ බවය.

එදා දේශීය පර්යේෂණ කණ්ඩායම එසේ කියද්දී මෙරට උගතුන් යයි කියාගන්නා ඇතැමුන් ඉර හඳ ගෙන පාමින් පැවසුවේ එසේ විය නොහැකි බවයි. පර්යේෂකයන් නාථ දෙවියන්ගෙන් තොරතුරු ගත් බව පවසමින් ඔවුන් උපහාසයට පවා ලක් කලහ. දැන් මේ සත්‍ය පිළිගෙන ඇත්තේ ඔවුන්ගේ සෞඛ්‍ය දැනුමේ ඉහලම අධිකාරිය විසිනි.

Investigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology in Sri Lanka – Final Report :

[Page 01][Page 02][Page 03][Page 04]

[Page 05][Page 06][Page 07][Page 08]

[Page 09][Page 10][Page 11][Page 12]

[Page 13][Page 14][Page 15][Page 16]

[Page 17]

———————————————-

ආසනික් නඩුව යළි කල්යයි
(22-02-2013 07:09 +0530 – lankacnews.com)

ආසනික් අඩංගු පළිබෝධනාශක ලංකාවේ භාවිතා කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව ශ්‍රී ලංකා හරිත පක්ෂයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් ගොනුවුනු රිට් අයදුම්පත අභියාචනාධිකරණ විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා හමුවේ කැදවන ලදි.

එහිදි කරැණු දැක්වු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥවරයා පැවසුවේ ආසනික් අඩංගු පළිබෝධනාශක නියාමනය සම්බන්ධයෙන් වන රෙගුලාසී මාලාව තවමත් සකස්කර අවසන් නොමැති බවයි.

ශ්‍රී ලංකාව රේගුව විසින් ලබා දෙන නීරීක්ෂණද පදනම් කරගෙන පළිබෝධනාසක රෙජිස්ට්‍රාර් විසින් අදාල රෙගුලාසි කෙටුම්පත් කර ඉදිරිපත් කිරිමට මිට වසරකට පෙර භාරගන්නා ලද්දේ ඒ අනුව නඩුව සමතයකට පත්කර ගැනීමේ අරමුණිනි.

එකී රෙගුලාසී මේ වන විටත් සකස් කර අවසන් නොමැති බැවින් ඒ සදහා 2013 අප්‍රේල් මස 02 දින දක්වා කල් ලබාදෙන ලෙස රජයේ නීතිඥවරයා කල ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *