බෝ මලුවේ අද්භූත අඩි සලකුණු නරඹන්න විශාල පිරිස් ඇදෙති

(28-02-2013 14:10 +0530 – lakbima.lk)

මිනිස් යටි පතුල්වලට සමාන පෙනුමකින් යුක්ත අස්වාභාවික අඩි සළකුණු කිහිපයක් කොට්ටාව, නීග්‍රෝධාරාම ගලඋඩ පන්සල ‍ බෝ මලුවේ වැලි මත සටහන් වී තිබෙනු දකින්නට ලැබී තිබේ. මිනිස් යට පතුලට සමාන හැඩයෙන් යුක්ත වූවත් එම සළකුණු අඩි එකහමාරක් පමණ දිගින් ද අඟල් දහයක් පමණ පළලින් ද යුක්තව පිහිටා ඇත. මෙම විහාරස්ථානය වසර සියයකට වඩා පැරැණි පූජා බිමකි.මෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේ ඉතා වයෝවෘද්ධ බැවින් කිසිවක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවූහ. මෙහි පුද පූජා පැවැත්වීමට පැමිණි ප්‍රදේශවාසියෙක් බෝමලුව පිරිසිදු කර අවසානයේ මෙම අඩි සළකුණු දෙක දැක ඇති අතර කුඩා ළමුන් විනෝදයට ඇන්ද සිතුවමක් යැයි සිතා ඒ ගැන තැකීමක් කර නොමැත.

එහෙත් එදිනම රාත්‍රි හතට පමණ ජනතාව වන්දනාමාන කරන අවස්ථාවේ ක්ෂණිකව දුහුවිලි අවුස්සා ගෙන නොපෙනන යමක් මෙම භූමියෙන් ඉවත්ව යන ගතියක් දැනී බැලූ කළ එම ස්ථානයේ දකුණු කකුලක අඩි සළකුණක් මතු වී තිබෙනු දකින්නට ලැබී තිබේ. මේ වනවිට මෙම අද්භූත අඩි සළකුණු දකින්නට විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. පැමිණෙන පිරිසෙන් අද්භූත අඩි සළකුණු මැකී යාවි යැයි යන හේතුවෙන් අඩි සළකුණු වටා ගඩොල්වලින් ආරක්ෂක බැමි යොදා තිබෙන බව පැවසේ. මේ දක්වා පොලිසියෙන් මෙම ස්ථානයට පැමිණ නැති බව කියති ෴

Comments 1

  • ඕව ඔච්චර ගණන් ගත යුතු නැහැ යක්ස ප්‍රේත කුම්භාණ්ඩ මෙකි නොකි අය ඉන්දෙදී ඒවෛන් උන දෙයක් වෙන්නත් පුළුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *