මේ අන්තිම අවස්‌ථාවයි

මේ අන්තිම අවස්‌ථාවයි

- ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් විසින්
(12-02-2012 – divaina.com)

1984 දී දෙමළ ජාතිවාදීන් තිම්පු සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ඊළාමය ලබා ගැනීමේ අපේක්‍ෂාව දැන් තිස්‌ වසරකට පසු ටී. එන්. ඒ. ප්‍රධාන දෙමළ ජාතිවාදීන් විසින් ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කර තිබේ. පෙර කිසිවිටක ප්‍රදර්ශනය නොකළ විශ්වාසයකින් යුතුව ඊළම ලබා ගැනීමේ ක්‍රියාමාර්ග වෙත දැන් ඔවුන් පිවිස ඇති බව පෙනෙන්නට තිබේ. ඉඩම් බලතල, පොලිස්‌ බලතල, මුදල් බලතල දීමට පොරොන්දු නුනොත් රජය පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාවට තමන් නොයන බව ඔවුන් තර්ජනාත්මක ස්‌වරයෙන් පවසා ඇත. මෙය දෛවයේ සරදමක්‌ වැන්න. අපේ වීරෝදාර හමුදාව විසින් හැට දහසක්‌ ජීවිත පරිත්‍යාග කර ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු මේ දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඉල්ලා සිටි ඊළාමය අතහැර අප සමග කිසියම් බලය බෙදා ගැනීමකට එළඹෙනු ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් සිදුවී ඇත්තේ ඊට හාත් පසින් වෙනස්‌ දෙයක්‌ නොවේද? Continue reading

Posted in ඇමරිකානු ව්‍යාප්තවාදය, දෙමළ බෙදුම්වාදය, මවුබිමට එරෙහි කුමන්ත්‍රණ | Leave a comment

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

(04-02-2012 – gossip9.com)

1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය.

ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය. Continue reading

Posted in අපරාධ, මානසික රෝග, වේස ගෑණු සහ උන්ගෙ පුත්තු | Leave a comment

ලාඕ සිලෝන් සංගීත කණ්ඩායාමේ වැඩිවිස්තර

ලාඕ සිලෝන් සංගීත කණ්ඩායාමේ වැඩිවිස්තර
(21-01-2012 – gossip9.com)

අප පසුගිය දිනක “සිංහල සින්දු කියන ලාඕසයේ බෑන්ඩ් එක” යනුවෙන් ලිපියක් ඔබට ඉදිරිපත් කළා. එයින් ඔබට හෙලිකරේ සිංහල බසින් ගීත ගයනා කරන “ලාඕ සිලෝන් ” නම් සංගීත කණ්ඩායමක් පිලිබදවයි.

එම ලිපිය දුටු ඔවුන් අපවෙත ඔවුන්ගේ සංගීත කණ්ඩායම පිලිබදව වැඩි විස්තරද දක්වා තිබෙනවා.

ලාඕ සිලෝන් කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන Prince Felsinger මහතායි. මේ කණ්ඩායමේ නායකයා වන්නේ ලාඕස ජාතික Sengthong Boutsady මහතා වන අතර සිංහල බසින් ගීත ගැයීමටද ඔහුට හැකියාවක් තිබෙනවා. Continue reading

Posted in කාලීන පුවත් | Leave a comment

උගත් පාඩම් කොමිසමේ නූගත් පාඩම් විද්වත් සභාව විසින් කියා දෙයි

උගත් පාඩම් කොමිසමේ නූගත් පාඩම් විද්වත් සභාව විසින් කියා දෙයි
(18-01-2012 – sinhalaya.com)

“සාක්ෂි ලබා දී තිබිය දී පවා සිංහලයන්ගේ දුක්ගැනවිල්ල මේ වාර්තාවෙන් හැලී යන්නේ කෙසේද?” – හැඩිගල්ලේ විමලසාර හිමි.

“මේ රටේ බුද්ධ ධර්මයට ප්‍රමුඛ තැන හිමවීමට පහර ගහන්න අගරදගුරුට කිසිම අයිතියක් නැහැ..” – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා

“ඛෙදුම්වාදයට එරෙහිව නැගීසිටීම සුදුසු කාලය එළඹ තිඛෙනවා..” – අමාත්‍ය චම්පික රණවක මහතා

උගත් පාඩම් කොමිසමේ නූගත් පාඩම් මැයෙන් සම්මන්ත්‍රණයක් ජනවාරි 16 වන දා ප.ව 03:00 ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ජාතික විද්වත් සභාව විසින් පවත්වන ලදි. ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ චන‍ද්‍රප්‍රේම මහතා, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී දේශනා පවත්වන ලදි. Continue reading

Posted in ඇමරිකානු ව්‍යාප්තවාදය, දෙමළ බෙදුම්වාදය, මවුබිමට එරෙහි කුමන්ත්‍රණ | Leave a comment

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකිකයෝ තානාපති දයාන් ජයතිලකට එරෙහිව විරෝධතා

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකිකයෝ තානාපති දයාන් ජයතිලකට එරෙහිව විරෝධතා
(19-01-2012 17:41 +0530 – lankacnews.com)

ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාතති දයාන් ජයතිලක මහතාගේ ක‍්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධතාවක් එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබේ. ලබන 22 වන දින ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී එය පවත්වන බව ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා සංවිධාන එකමුතුව කියා සිටී. මේ සම්බන්ධයෙන් එම සංවිධානය විසින් මාධ්‍ය දැනුවත් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ. Continue reading

Posted in මානසික රෝග, වේස ගෑණු සහ උන්ගෙ පුත්තු | Leave a comment

විද්වත් හමුව : මේ ආණ්‌ඩුව යන්නෙත් ජේ. ආර්.ගෙ පාරේ – ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන්

විද්වත් හමුව : මේ ආණ්‌ඩුව යන්නෙත් ජේ. ආර්.ගෙ පාරේ – ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන්

(08-01-2012 – divaina.com)
# අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෑ. තිබුණේ ත්‍රස්‌තවාදයක්‌. ඒකට යුද්දෙන් දේශපාලන විසඳුමක්‌ දුන්නා.

# ත්‍රස්‌තවාදෙ ඉවරවුණා තමයි ඒත් දෙමළ ජාතිවාදෙ ඉවර වුණෙත් නෑ. අපේ පාලන තන්ත්‍රයේ වෙනසක්‌ වුණෙත් නෑ.

# එජාපය අද එහෙම්පිටින්ම විජාතික පක්‍ෂයක්‌. ජවිපෙ බොරු මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌. ශ්‍රීලනිපය කවන්ධයක්‌ විතරයි. හරියට ඔළුවක්‌ හයිවෙනකම් ඒකත් ඉබාගාතේ යනවා.

යුද්ධයෙන් දෙමළ ත්‍රස්‌තවාදය අවසන් වුවද උතුර නැගෙනහිර ප්‍රශ්නයට තවමත් පැලැස්‌තර අලවන්නට ආණ්‌ඩුවට සිදුවී තිබේ. අපේ රට අද මුහුණ දෙන අර්බුද රටට දෙන පණිවිඩය නම් මේ ක්‍රමය තුළ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක්‌ නැති බවයි. මේ ක්‍රමය වෙනස්‌වන්නේ කවදාද එය සිදුකළ හැක්‌කේ කෙසේද? ආචාර්ය ගුණදාස අමරසේකරයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ. Continue reading

Posted in දෙමළ බෙදුම්වාදය, මවුබිමට එරෙහි කුමන්ත්‍රණ | Leave a comment

තංගල්ල හෝටලයේ සංචාරක ඝාතනයේ ඇත්ත කතාව සාක්කි සහිතව මෙන්න : “රුසියානු තරුණිය 8 දෙනෙකු විසින් දූෂණය උනා“

තංගල්ල හෝටලයේ සංචාරක ඝාතනයේ ඇත්ත කතාව සාක්කි සහිතව මෙන්න : “රුසියානු තරුණිය 8 දෙනෙකු විසින් දූෂණය උනා“ ඇසින් දුටු තවත් සංචාරකයෙක් කියයි

(03-01-2012 – නිව්ස් ඊ ලංකා)
පසුගියදා තංගල්ලේදී ඝාතනය කළ සංචාරක රතු කුරුස සේවක කුරාම් ෂෙක් සමග මාරාන්තික තුවාල ලද වික්ටෝරියා නම් රුසියානු ජාතික තරුණිය 8 දෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස දූෂණය වුනු බවට සාක්ෂි ‘නිව්ස් ඊ ලංකා‘ වෙත ලැබී තිබේ.

සංචාරක බ්‍රිතාන්‍ය ජාතික ෂෙක් ඝාතනයට හේතු වී ඇත්තේ ප්‍රාදේශීය සභා සභාපති වේසිපුත්‍ර සම්පත් සහ මැරයන් විසින් මෙම තරුණිය දූෂණයට ඉඩ නොදීම මිස වෙනත් පුද්ගලයෙකු සමග ඇතිවුනු ගැටුමක් බේරීමට පැමිණීමෙන් නොවන බවත් එම කතාව සිද්ධිය යටපත් කිරීම සඳහා පොලීසිය විසින් ගොතන ලද්දක් බවත් සහතික වශයෙන්ම කිව හැකි සාක්කි ‘නිව්ස් ඊ ලංකා‘ වෙත ලැබී තිබේ. Continue reading

Posted in අපරාධ, මැර දේශපාලනය | Leave a comment

ජාතික විරූපවාහිනියේ වයර් මාරුවේ : ප්‍රවීන ගායක සිසිර සේනාරත්න සූරීන් මියගිය බව ප්‍රකාශකරයි

ජාතික විරූපවාහිනියේ වයර් මාරුවේ : ප්‍රවීන ගායක සිසිර සේනාරත්න සූරීන් මියගිය බව ප්‍රකාශකරයි

(29-12-2011 – gossiplankanews.com ඇසුරෙන්)
ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතා මියගිය බවට අද (29-12-2011) දහවල් 10:55 ජාතික රූපවාහිනි පැයේ පුවත් මගින් වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර තිබෙනවා.

මේ හේතුවෙන් කලා ලෝකයේ බොහෝ තැන්වල මේ ආරංචිය පැතිර ගියා. ‘ගොසිප් ලංකා නිවුස්’ සිසිර සේනාරත්න මහතාගේ පුතු අමතා මේ පිළිබඳ විමසීමේදී එවැනි කිසිදු කරදරයක් සිදුව නැති බවත් එය බොරු ආරංචියක් බවත් කියා සිටියා. මේ සම්බන්ධව විමසා දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණ බවද ඔහු කිව්වා. Continue reading

Posted in කාලීන පුවත්, මානසික රෝග | Leave a comment

අපේ සංචාරක මුහුණෙහි දැලි ගෑ තංගල්ල ඝාතනය

අපේ සංචාරක මුහුණෙහි දැලි ගෑ තංගල්ල ඝාතනය

(29-12-2011 – divaina.com)
ත්‍රස්‌තවාදය ගැන කී පමණින් අපට නිතැතින්ම මතක්‌ වන්නේ කොටි ත්‍රස්‌තවාදය ගැනයි. එහෙත් ත්‍රස්‌තවාදය යනු කොටි ත්‍රස්‌තවාදය පමණක්‌ද? අපට බොහෝ විට එසේ සිතුණත්, එය එසේ නොවේ. පසුගිය දිනක තංගල්ලේ සිදුවූයේ කුමක්‌ද? එසේම මෑතදී මුල්ලේරියාවේ සිදුවූයේ කුමක්‌ද? මේවා ත්‍රස්‌ත ක්‍රියා නොවේද? එසේ නම් “ශ්‍රී ලංකාවෙන් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැම්මා” යෑයි රජය කියන කතාව ඇත්තක්‌ද? තංගල්ලේදී බ්‍රිතාන්‍යය ජාතිකයකු කපා කොටා වෙඩි තබා අමානුෂිකව ඝාතනය කිරීම සහ මුල්ලේරියාවේදී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම යන සිදුවීම් අහම්බෙන් සිදුවූ හුදෙකලා සිදුවීම් පමණක්‌ද? මේවා එලෙස සලකා සුළුවෙන් තැකිය යුතුද? කිසිසේත්ම නැත. එසේ කළහොත් පාඩුව අපටමය. අපේ රටටමය. ආගන්තුක සත්කාරය ඉහළින්ම තිබෙන්නේ යෑයි ප්‍රකට ශ්‍රී ලංකාව වැඩිකල් නොගොසින්ම සංචාරකයන්ට මිලේච්ඡ ලෙස සලකන රටක්‌ ලෙස ප්‍රකට වනු ඇත්තේය. මෙවන් පසුබිමක්‌ තුළ තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සහ අපේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව අපි සාකච්ඡා කරමු. Continue reading

Posted in අපරාධ | Leave a comment

ලෝක විනාශය සිදු වන ආකාරය – ත්‍රිපිටකය ඇසුරෙන්

ලෝක විනාශය සිදු වන ආකාරය – ත්‍රිපිටකය ඇසුරෙන්

(16-12-2011 – sinhalabuddhist.com)
[පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.]

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්; Continue reading

Posted in බුදු දහම | Leave a comment