-
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !
(04-11-2012 – දිවයින)
ලෝකයේ ඕනෑම රටක සුළු ජාතීන් සිටිති. ඔවුන් සුළු ජාතීන් වෙන්නේ ජනගහන ප්‍රතිශතයෙන් සුළුවීම නිසාත් එරටෙහි මුල් පදිංචිකරුවන් වන මහ ජාතිකත්වයට, භාෂාවට, ආගමට අයත් නොවන නිසාත් විය හැක. තමන් සුළු ජාතිය වූ පළියට ඒ හැම සුළු ජාතියක්‌ම මහ ජාතිය සමග නිරන්තරයෙන්ම හැප්පෙමින් තමන් උපන් තමන්ගේද මව්රට වන එම රටට හතුරුකම් කරන්නේ හෝ වෛර කරන්නේ නැත. ඒ අතින් නම් ශ්‍රී ලංකාව පින් නොකළ රටකි. මන්දයත් ලෝකයේ නරකම සුළු ජාතීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බැවිනි. ඔවුන්ට මහජාතිය සමග හැමදාම ප්‍රශ්නය. රටේ ප්‍රධාන භාෂාව වන මහජාතියේ භාෂාව සමග හැමදාම ප්‍රශ්නය. ඉල්ලන ඉල්ලීම්වල කෙළවරක් නැත. කොතරම් දුන්නත් සෑහීමකුත් නැත. කිසිමදාක හොඳක් කියන්නේද නැත. පොඩ්ඩ බැරිවෙන කොට රටට කරන්නේ හතුරුකම්ය. ගතු කියන්නේ පැමිණිලි කරන්නේ පිටරටවලටය. තමන්ට වෙනස්‌කම් කරන්නේ යෑයි බලගතු රටවලට කේලාම් කියමින් මහ ජාතිය බිය වැද්දීමට මහජාතියේ නායකයන් දඬු කඳේ ගැස්‌සවීමට දිවා රෑ සැලසුම් කරන්නේය.
එහෙත් මේ සුළු ජාතීන් ලෝකයට වසන් කරන සත්‍යයන් තිබේ. එනම් තමන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය සහ ආගමික නිදහස ඇති බවය. Continue reading »
