Category «කාලගුණය»

උකුසු ඇස : කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරම

(15.04.2019 – 22:56 +0530 – sinhala.adaderana.lk) කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය. උකුස්සාගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳයි. දෛනිකව විදෙස් රටවල සිට මෙරටට ගුවන් මගින් විශාල පිරිසක් දිවයිනට පැමිණේ. එලෙස පැමිණෙන මගීන්ට මෙහි ස්ථාපිත කර ඇති තීරුබදු රහිත වෙළඳසැල් මගින් විදෙස් මැත්පැන් වැනිදෑ අඩු මිලට …

හෙට (25) සිට විදුලිය කැපීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කෙරේ

(24.03.2019 – 09:29 +0530 – hirunews.lk/sinhala) අධික විදුලි ඉල්ලුම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමේ ගැටළු මතුව ඇති බවයි. ඒ අනුව …

නොදන්වා විදුලිය කැපීම ගැන, උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි – මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ

(23.03.2019 – 18:47 +0530 – hirunews.lk/sinhala) මහජනතාව දැනුවත් කිරීමකින් තොරව විදුලිය විසන්ධි කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, සිදුවූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමටයි එම කොමිසම තීරණය කර ඇත්තේ. එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ඊට අදාළ තොරතුරු ලබාදෙන …

ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමේ යෝජනාව ජනපති යුනෙස්කෝවට භාර දෙයි

(23.03.2019 – 16:45 +0530 – hirunews.lk/sinhala) ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුනෙස්කෝ සංවිධානය වෙත අද භාර දුන්නා. ඒ ඊට අදාළව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පැවති පුණ්‍යෝත්සවයේදී යි. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය …

කෘතිම වැස්ස ඵල දරයි – මාවුස්සාකැලේට විනාඩි 45 ක වැස්සක්

(22.03.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk) මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් අද උදැසන 11 ට පමණ ඉහළ අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 01:00 සිට 01:45 දක්වා වර්ෂාවක් පතිත වී ඇත. ගුවන් හමුදාවේ වයි 12 …

ජල ගැල්මෙන් එක්ලක්ෂ 18,500 කට පීඩා

(28.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala) උතුර පලාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව එක්ලක්ෂ දහඅට දහස් පන්සිය තිස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් අතුරින් පුද්ගලයන් 8983 දෙනෙකු මේ වනවිට රඳවා සිටින්නේ ආරක්ෂිත ස්ථාන 27 කයි. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් සංඛ්‍යාව එක්ලක්ෂ දහනව දහස් නවසිය අසුදෙදෙනෙක්. …

උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

(27.12.2018 – 13:44 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පවුල් 30,302 කට අයත් පුද්ගලයින් 94,802 කුට පීඩා එල්ලවූ අතර, මේ වනවිට පුද්ගලයින් 9455 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 30 ක රඳවා …

ගං වතුරෙන් තවමත් 87,000 කට පීඩා

(26.12.2018 – 21:28 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතට තද වැසිවල බලපෑම අඩුවුවත් පීඩාවට පත්වූ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් සුබසාධන කඳවුරුවල රඳවා සිටිනවා. පළාත් 3 කට බලපෑම් එල්ල කළ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්. පුද්ගල මරණ දෙකක් වාර්තාවී …

උතුරේ 75,000 කට තවමත් පීඩා – හමුදාවට ජනතාවගෙන් තුති

(25.12.2018 – 19:20 +0530 – hirunews.lk/sinhala) සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය හයක පමණ කාලය තුළ ප්‍රබල අකුණු සහිත තද වැසි සහ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් විට සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරු හයට …

උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5 ක පවුල් 13,000 කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි

(23.12.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala) උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 52 ක රදවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ. නිවාස 6 …