Category «සාහිත්‍ය – කලා»

පදිකවේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි

(17.12.2018 – 20:55 +0530 – lankadeepa.lk) උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදිකවේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. …

ඉන්දියාවේ ධනවත්ම විවාහයක නර්ථන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහට

(15.12.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk) ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණය මෙරට ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂ චන්දන වික්‍රමසිංහ මහතා‍ විසින් සිදු කරනු ලදි. මෙම විවාහ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා මුම්බායි නුවරදී පැවැත් විය. ඉන්දියාවේ ධනවතා වන ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහ උත්සවය ලොව පුරා …

ජංගම දුරකථනය නැතිවූවානම් පැමිණිලි කරන්න පොලිසියෙන් වෙබ් පිටුවක්

(11.12.2018 – gossiplankanews.com) ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. …

මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක්

(13.11.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසනවා. ලිෂ්මානියස් නමින් හැදින්වෙන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝ වන අතර මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සම රතු පැහැ ගැන්වී කැසීමට ලක්වන බවයි වෛද්‍යවරිය හිරු ප්‍රවෘත්ති …

බදු ගැන ඔබ දුකින්ද? බදු අභියාචනා කොමිසමට මහින්ද පණ දෙයි

(08.11.2018 – 16:37 +0530 – sinhala.adaderana.lk) කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත. විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති …

බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයාගේ සහතිකය

(06.11.2018 – 19:39 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ට්විටර් පණිවුඩයකින් ඔහු අවධාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා නොකළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එරට මන්ත්‍රිවරයෙකු ප්‍රශ්න කර …

වාදක භුමිකාවෙන් කරළියේ පෙරළියක් කරන්න පේෂල සූදානම්

(21.10.2018 – mawbima.lk) මොකද්ද මේ ‘තාධිං with legend’ ප්‍රසංගය කියන්නේ? මේ ප්‍රසංගය සාම්ප්‍රදායික ප්‍රසංගවලින් ඔබ්බට ගිය වෙනස් ආරක ප්‍රසංගයක්. ගීතයෙන් තරමක් එහාට ගිය සංගීතය රසවිඳිය හැකි ප්‍රසංගයක්. එය නොවැම්බර් 9 වැනිදා ප.ව. 6.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ. ඊට එහා ගිය විශේෂත්වයන් රැසක් මේ ප්‍රසංගයේ තිබෙනවා නේද? ඔව්, එකක් තමයි මගේ …

මොදී රනිල්ට පෙන්වු ලංකාවේ භාතිය-සංතුෂ්-උමාරියා ගේ ගීතය

(20.10.2018 – 22:58 +0530 – sinhala.adaderana.lk) ‘තම අසල්වැසි රට වන ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධි තුමාට උපහාර දක්වයි’ යනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වන රවීෂ් කුමාර් මහතා ඔහුගේ ට්විටර් ගිණුයේ සඳහන් කර තිබේ. මෙරට තරුණ ගායන ශිල්පි භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ විසින් මහත්මා ගාන්ධි තුමාට උපහාර කිරීම සඳහා එතුමා වෙනුවෙන් ගීතයක් …

ලොව දෙවන විශාලතම ගුවන්යානයක් මත්තලට

(17.10.2018 – 16:19 +0530 – hirunews.lk/sinhala) ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN 124 යානයක් අද දහවල් මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන්තොටුපලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් සිටින අතරතුරයි දහවල් 12.20 ට මෙම යානය මත්තලට පැමිණ තිබුනේ. 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබා ගැනීම …

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි …