Category «සංවර්ධනය»

ඉදිරි රාජ්‍ය පාලනය තුළ දූෂණයෙන් තොර පාලනයක් ගෙන යනවා – ගෝඨාභය

(20.04.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk) ඉදිරි රාජ්‍ය පාලනය තුළ රජයේ ඉහළම පුද්ගලයාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දෙහිවල පැවති එළිය සම්මන්ත්‍රණයකට අද (20) පස්වරුවේ එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද දෙහිවල එස්. ද …

ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ.. – අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

(16.04.2019 – 14:10 +0530 – lankacnews.com) වසර අවසානයට පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට …

සාධුකාරයක් දෙන්න පින්වතුනි. විදුලි නැවක් එනවා – ආචාර්ය නාලක ගොඩහේවා

(08.04.2019 – Nalaka Godahewa FB) මීට වසර 3 කට පෙර 2016 සැප්තැම්බර් 16 දා ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩ සටහනට සහභාගී වූ එවකට විදුලි බල මන්ඩලයේ සභාපති වූ ඉංජිනේරු අනුර විජයපාල මහතා මෙවැනි අනාවැකියක් කීවේය. ‘‘අපේ රටේ ජනතාවට මම කියනවා අද දවස මතක තියාගන්න කියලා. 2018-2019 කාලයේ ලංකාවේ විදුලි බල අර්බූදයක් ඇවිත් එකකයකට රුපියල් 30 ක 40 …

දුම්රිය – බස් හෙට (09) වර්ජනය ස්ථිරයි

(08.04.2019 – 13:15 +0530 – hirunews.lk/sinhala) දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිත වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව එම වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරු එක්ව හෙට (09) මධ්‍යම රාත්‍රි 12 සිට පැය 48 ක වර්ජනයක නිරතවීමට තීරණය …

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා

(07.04.2019 – newstube.lk) ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කරේ. ඒ ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග අතිනි. දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන එහි ජාතික මහෝත්සවය …

මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි

(31.03.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව – මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (31) පස්වරුවේ විවෘත කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000 ක්. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ පහසුකම් සහ දුම්රිය …

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

(31.03.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී …

ජනාධිපති නියත විවරණයෙන් පසු ගෝඨාභය මුලින්ම වෙල්ගමගේ බල ප‍්‍රදේශයේ වේදිකාවේ… (විඩියෝ)

(17.03.2019 – 22:19 +0530 – lankacnews.com) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘එළිය’ සම්මන්ත්‍රණයේදී සිදු කල දේශණය පහත දැක්වෙයි : ‘‘අද සෑම කෙනෙක්ටම මේ ආර්ථිකය කඩාවැටීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. යළි ආර්ථිකය ගොඩනැගීම අප ඉදිරියේ පවතින අභියෝගයක්. එදා අපි අභියෝගවලට මුහුණදී ඒවා ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්‍ෂ මහතා එදා රජය භාර ගත්තේ විශාල …

අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයට රටෙන් කෑල්ලක්..?

(13.03.2019 – 15:00 +0530 – lankacnews.com) ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ‘ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය’ වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් …

ගුරුවරු හෙට (13) ලෙඩ වෙති

(12.03.2019 – 22:15 +0530 – sinhala.adaderana.lk) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට(13) දිනයේ දී ගුරු වර්ජනයක් හා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය තීරණය කර තිබේ. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය …