Category «මත් හුලිජ්ජ සහ මත් ද්‍රව්‍ය»

රුපියල් මිලියන 1,100 ක් වටිනා හෙරොයින් කිලෝ 95 කට අධික ප‍්‍රමාණයක් කොල්ලුපිටියේ දී අද (22) සොයා ගනී

(22.01.2019 – nethnews.lk) කෝටි 110 කොල්ලුපිටියේ හෙරොයින් තොගය ඉතිහාසය වෙනස් කරයි රුපියල් මිලියන 1,100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 95කට අධික ප‍්‍රමාණයක් කොල්ලුපිටියේ දී අද (22) සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 05 දෙනෙක්. ඔවුන් අතරට 29 හැවිරිදි සහ 43 හැවිරිදි අමෙරිකානු ජාතිකයින් 02 දෙනෙකු …

වේසිපුත්‍ර තිරන්සුමන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරල ගංජා ජාවාරමට..?

(10.01.2019 – 15:50 +0530 – lankacnews.com ඇසුරෙන්) සුමන්තිරන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරල ගංජා ජාවාරමට..? පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය : “කිලිනොච්චි පොලිසිය පලෙයි ප්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරල ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ …

දෙහිවලින් හමු වුයේ මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගයි

(31.12.2018 – 20:57 +0530 – sinhala.adaderana.lk) මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278 ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අනාවරණ කළේ මෙතෙක් මෙරටට හෙරොයින් බෙදා හැරි …

මත්ද්‍රව්‍ය වැටලීම් විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(27.12.2018 – 16:30 +0530 – hirunews.lk/sinhala) නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදු කෙරෙන වැටලීම් තවත් විධිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වල සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන …

2018.12.27 වනදා වියත්මග කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පල කල අදහස්

(27.12.2018 – FB-viyathmagaPBF) මේ අවසන් වීගෙන යන්නේ 2018 වසරයි. 1948 ‍යටත් විජිත්වාදීගෙන් නිදහස් ලැබූ ලංකාව නිදහසින් වසර 70 කට පසුවත් සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මැදිවූ, තවමත් දියුණු වෙමින් පවතින රටක්. මූඩීස් ආයතනය කියන විදියට ණයගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වන ස්ථානයේ සිටින, බ්ලූම්බර්ග් ආයතනයට අනුව ලෝකයේ ආයෝජනට අන්තරාදායකම රටවල් අතර සිටින, නොමූරා බැංකු වාර්ථාවකට …

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

(10.12.2018 – 16:45 +0530 – hirunews.lk/sinhala) මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා …

මෝදර හෙල්ලූ, 6 දෙනෙකු රෝහල්ගත්කළ වෙඩි ප්‍රහාරය ඇතුලේ ඉන්න කුඩු රොෂාන්ගේ වැඩක්

(10.12.2018 – 19:12 +0530 – hirunews.lk/sinhala) කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා. කොළ පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් …

ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරු දෙකට හේතුව හෙළි වෙයි

(09.12.2018 – 13:14 +0530 – sinhala.adaderana.lk) ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරු දෙකට සම්බන්ධ මෝටර් රථ රියදුරු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස උසාවිය …

බේරුවල හෙරොයින් ට්‍රෝලරයේ හිමිකරුත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

(08.12.2018 – 07:21 +0530 – hirunews.lk/sinhala) බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී තවත් යාත්‍රාවකට හෙරොයින් ලබාදීම සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හිමිකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් …

රු. මිලියන 2700 ක හෙරොයින් රැගෙන ආ ටෝලර් යාත්‍රාවත් අල්ලයි – සැකකරුවන් දින 7 ක් රැඳවා ගනී

(06.12.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala) වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5166 ක්. එමෙන්ම, දැනට වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. …