Category «බුදුදහම – බොදු හැදියාව»

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය පිටුපස පිළිම වන්දනාව හෙළාදකින දෙදෙනෙක්

(18.01.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk) වනාතවිල්ලුව ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කර තිබේ. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ මීට සති කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් …

හපන්නට බැරි නම් බුරන්න එපා ! – සිරසෙන් සුමන්දිරන්ට අවවාද

(17.01.2019 20:26 +0530 – newsfirst.lk/sinhala) හපන්නට බැරි නම් බුරන්න එපා යාපනය පේදුරුතුඩුවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ඔහු අප මාධ්‍ය ආයතනය දකුණේ භයානක ප්‍රචාරයක් කරමින් සිටින බවට චෝදනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මෙවැනි චෝදනාවක් අප වෙත නගන්නේ පසුගියදා ඔහු …

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන යෝජනාවල ඇති කරුණු සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

(16.01.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර ඇති සියළු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පැවසීය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මේ බව අවධාරණය කර තිබේ. …

දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක් – ජාතික සමතා බලවේගයෙන්

(15.01.2019 – 18:34 +0530 – hirunews.lk/sinhala) නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලු ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා. ඔවුන් නව සංවිධානය නම් කර ඇත්තේ ‘ජාතික සමතා බලවේගය’ නමින්. දළදා සමිදුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් දළදා සමිදුන් ඉදිරියේ …

2019.01.14 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

(14.01.2019 YouTube > Udaya Gammanpila) විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක කවුදැයි උදය සහතික කරම කියයි පොලිසිය 10ට කැඩෙද්දී අගමැති බොරු කියයි අගමැතිට සහ නොනිල අගමැතිට උදයගේ අභියෝගය මෙන්න

හොරා අල්ලපු වීරවරියක් පොලීසියෙන් ඇගයෙයි (විඩියෝ)

(14.01.2019 – 10:35 +0530 – sinhala.adaderana.lk) අම්පාර කරංගාව ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි මංකොල්ලකරුවෙක් එම වෙළඳසැල පවත්වා ගෙන යන කාන්තාවගේ කරේ තිබු රන් මාලය කඩා ගෙන පලා යමින් සිටි අවස්ථාවේ සොරා පිටුපස දුවගෙන ගොස් එහු අල්ලා ගැනිමට ව්‍යාපාරය හිමි කාන්තව සමත්වි තිබේ. පසුගිය දිනෙක තම වෙළඳසැලෙහි රාක්කයක බඩු අහුරමින් සිටියදි මුහුණ වැසුණු හෙල්මට් එකක් දමා ගෙන පැමිණි …

ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද ?

(13.01.2019 – divaina.com) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවමත් සකස් කර නොමැති බව ජනාධිපති තුමා ප‍්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව පැත්තෙන් ද ලැබෙන්නේ ද එම උත්තරයයි. චම්පික ඇමතිවරයා පවසන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමට මන්ත‍්‍රීවරු 225 දෙනාම එකඟ වූ අතර පක්ෂ කීපයකින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා යෝජනා නවයක් අතුරු කමිටු වාර්තා හරහා ඉදිරිපත් කර ඇති බවයි. ඒවා පාර්ලිමේන්තුවේ විවාද කොට …

ශරියාවට දොර අරින භික්‍ෂු විශ්වවිද්‍යාල ගැටය

(13.01.2019 – divaina.com) ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම කූට අරමුණක් සඳහා සැලසුම් කරන ලද උපක‍්‍රමික ගැටයක් ලෙස හඳුනාගැනීම හෝ නිරාවරණය කරගැනීම මේ ලිපියේ අරමුණයි. අමාත්‍යාංශයක විෂය පථයන් බෙදිය යුත්තේ පරිපාලනමය පහසුව සලකා ගෙනයි. එහෙත් මේ වනවිට කලක සිටම එන පරිදි අමාත්‍යාංශය භාර …

අද (11) ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න

(11.01.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද (11) ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ‘ඔරුමිත්තනාඩු’ වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු අතර, සියළු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එහි සදහන්. ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අමතරව 55 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් …

හෙට (05) සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්

(04.01.2019 – 17:04 +0530 – hirunews.lk/sinhala) ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන හෙට දිනයේ (05) රාජ්‍ය ආයතන, විහාරස්ථාන සහ නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරනවා. ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මහා සංඝරත්නයේ සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ …