Category «යහගුණ»

ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ

(11.12.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala) මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතා ගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ ජනාධිපති කාර්යාලයට පැමිණි ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳව කණගාටුව පළ කළා. මෙහිදී …

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට ආ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න..

(12.12.2018 – 00:05 +0530 – lankacnews.com) පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා විසින් ජනපති ඝාතනය ඇතුළු මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කරන බවට පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් 2018.12.09 දින පොලිස් මූලස්ථානය වෙත ගොනු කරනු ලැබුවේය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් (12.11) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුවිය. එම අවස්ථාවෙන් අනතුරුව …

අසරණ දියණියන් දෙදෙනෙකුට අකුරු කරන්නට අත දෙන්න

(08.12.2018 – 16:20 +0530 – sinhala.adaderana.lk) සිය පියා ගිලන් වීමත් සමඟ අසරණව සිටින පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු පිළිබඳව බිබිල මැදපිටියෙන් වාර්තා විය. බිබිල මැදිපිටිය ගම්මානයේ පදිංචි ඩි.එම්.සිරිසේන මහතා ගොවිතැනින් සිය දිවිය සරිකරගත් අතර සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ අඩු පහසුකම් ඇතුව සිය නිවසේ ජීවත් වේ. කෙතරම් අගහිගකම් තිබුනත් ගොවිතැනින් ලැබුණු සුළු මුදල අරපරිස්සම්කරගනිමින් සතුටින් ජීවත් …

කොළඹ ජාතික රෝහලට මිලියන 70 ක වෛද්‍ය උපකරණ

(07.12.2018 – 21:42 +0530 – lankadeepa.lk) කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී අද (07) සිදුකෙරිණි. ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි …

අපේ පොදු සතුරා UNPයයි; පොහොට්ටුය අභියෝගයක් නොවෙයි – ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්

(08.12.2018 – 11:29 +0530 – sinhala.adaderana.lk) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ඊයේ (07) පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ …

දෙමළෙන් බණ කියන නිශ්ශංක උයනේ සිරිධම්ම හාමුදුරුවෝ

(20.11.2018 – lankadeepa.lk) “එදි සෙන්ජාලන් නල්ලද සෙයිය වේනු. නල්ලද නෙණචිකිට නල්ලද සොල්ල වේනු. නලලද සෙන්ජා, නල්ලද සොන්නා වාල්කේ නල්ල ඉරුක්කුම් සොල්ලි තාන් බුද්ධ පෙරුමාල් සාමි දේශනා පන්නි ඉරුක්කි. අදුපෝල නම්ම වාල්කේයිල වාල්රතිකි මෝච්චි පන්න වේනු. ඉරුක්කු පාක්ක වේනු. නල්ලදි සෙන්ජි නල්ලදි නෙරවේර්තක වේනු. එවෝලෝ දූරම් නල්ලදු නම්ම සෙයිරදු අවලෝ දූරම් නම්මලක නල්ලදු. වාල්කේ නල්ල ඉරුක්කුම් …

අහුලාගත් මුදල් පසුම්බිය අයිතිකරුට භාර දුන් පාසල් සිසුවියන් දෙදෙනා …

(08.11.2018 – 14:20 +0530 – sinhala.adaderana.lk) සල්ලි දීලා පොලිසියෙන් තෑගි ගත්ත ළමයි කාණුවක වැටී තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙන්නෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දීම සඳහා හැටන් පොලීසියට භාර දුන් බව හැටන් පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එල්.එම්.ජෙමිල් මහතා පැවසීය. හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ 10 වන …

කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලට රු. ලක්ෂ 28 ක් වටිනා ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කෙරේ

(06.11.2018 – 21:14 +0530 – sinhala.adaderana.lk) පුංචි ජීවිත බේරා ගන්න අත්වැලක් කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට පවතින ශ්වසන ආධාරක වල අඩුපාඩුව පිළිබඳව අද (06) දෙරණ පසුගියදා රටට අනාවරණ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝහලට තවත් ශ්වසන ආධාරකයක් හිමි වී තිබේ. කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ සෑම මසකම දරු උපත් දහසක් පමණ …

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී

(31.10.2018 – 14:51 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ. මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු සහ සනත් …

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ තිබෙන බෝධින් වහන්සේලා කපා දමනවා. පුරාවස්තු වළ දානවා, දාගැබ් ඩෝසර් කරනවා. මේවා ගැන බලන්න කවුරුත් නැහැ.

(26.10.2018 – nethgossip.lk) ‘වැලිකන්දේ ෂරියා විශ්ව විද්‍යාල හදනවා..මුන් ඇවිල්ලා තියන බෝධියත් කපලා අපේ ඉතිහාසය වළලනවා‘ – මඩකළපුවේ එරාවුර්හි බෝධි වහන්සේ කපා දමයි, ලොකු ලොක්කෝත් අවසර දීලා මඩකලපුව එරාවුර් පොලිස් බල ප‍්‍රදේශයේ මයිලම්බාවඩි ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු බෝ ගසක් කැපීමට එරෙහිව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් 23 වැනිදා සවස එම ස්ථානයට ගොස් විරෝධතාවක් පැවත්වූහ. මෙම …