Category «දුර්ගුණ»

ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

(22.09.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් ගෙන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කර්මාන්තශාලාවේ …

උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ගැන ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට පැමිණිළි කරයි

(20.09.2018 – nethnews.lk) උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා. ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලම්හි ඇති වූ සිද්ධීන් ඊට උදාහරණ බවයි මෙම ලිපියේ දක්වා තිබෙන්නේ. පුරා වස්තු විනාශ කිරීම් සහ …

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(20.09.2018 – 10:33 +0530 – hirunews.lk/sinhala) සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. මහ නාහිමිවරුන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සංවිධානාත්මකව හා සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට …

කාර්යාල බස් රථයකට ප්‍රහාරයක් – ජීවිතයක් අනූ නවයෙන් බේරෙයි

(19.09.2018 – nethnews.lk) කොළඹ සිට කුලියාපිටිය බලා ධාවනය වූ කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා. පස්වරු 7.45 ට පමණ උඩුබද්දාව කරවුල්ලදී මෙම ගල්ප්‍රහාරය එල්ලවූ බවයි එම බස් රථයේ ගමන් කළ අයෙකු පැවසුවේ. එල්ල කරන ලද ගල් ප්‍රහාරය බස් රථයේ පැති වීදුරුවක් කඩාගෙන බස් රථය තුලට වැටී …

දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී

(14.09.2018 – 00:09 +0530 – lankadeepa.lk) විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැතැ බවත් කී මන්ත්‍රීවරයා මෙම දේශපාලන …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 1

(13.09.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala) නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධය කියයි ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ පිලිබදව අදහස් පලකලා. 16 කණ්ඩායමෙන් ජනපතිට අනතුරු ඇගවීමක් (13.09.2018 – 18:44 …

තාත්තලා සිය ගණනක් මරා තම පියාගේ දේහයට ගුවනින් මල් ඉසූ මාකඳුරේ මධුෂ්

(09.09.2018 – divaina.com) පසුගිය 03 වැනිදා සැන්දෑ යාමයේ සෙවණගල හත්පොහොට්ටුව ගමට ඉහළ අහසේ පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් කැරකුණේය. මේ පළාතේ ජනතාවට තුන්වේල කන්න නැති වුවද අඳින්න හරිහමන් වස්තරයක් නැති වුවද නිතර හෙලිකොප්ටර් යානා දැක ගැනීමේ වාසනාව හිමිව තිබෙයි. ඒ මන්ද යත් පසුගිය කාලය පුරාවට ම මේ ප‍්‍රදේශවල දේශපාලනඥයන් බෝක්කු විවෘත කිරීමට තාර දැමූ පාරවල් …

ආණ්ඩුවත්, ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් එකට අල්ලා පොළවේ ගැසීමට සූදානම්.. – ඒකාබද්ද විපක්‍ෂය කියයි..

(10.09.2018 – 11:20 +0530 – lankacnews.com) ආණ්ඩුවත් ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් දෙකම එකට අල්ලා පොළවේ ගැසීමට තරම් හයියක් ඒකාබද්ධ විපක්ෂයට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය දුර්වල වී ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කළ රණතුංග මහතා දුර්වල ඒකාබද්ධයේ බලය එදාට …

දේශද්‍රෝහී ජේවීපී වල් පරයන් ගෙන් මව්බිම රැකගනිමු

ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට (10.09.2018 – facebook.com/jayasumanachanna) මහාචාර්ය චන්න ජයසුමන මහතා 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස් දක්වා ඇත. …

“ජනබලයට පැමිණි ජනතාවට වස මිශ්‍ර කිරි පැකට්‍ බෙදලා, අසනීප වූ ජනතාව රෝහලේ” රජයේ වැඩක්ලු!

(07.09.2018 – nethgossip.lk) පසුගියදා (05) කොළඹදි පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේදී ආහාර විෂ වූ විරෝධතාකරුවන් පිරිසක් රෝහල් ගත කර තිබුනා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මෙලෙසින් අසාමිත්කතාවයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහි පසුපස ඇති සිදුවීම මේවන විට හෙළිවී තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම බස් රථයට නාඳුනන පුද්ගලයෙක් පැමිණ විරෝධතාකරුවන්ට බෙදා ගැනීමට යැයි කියා කිරි …