Day archives: සැප්තැම්බර් 12th, 2017

ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ

(11.09.2017 – 10:32 +0530 – lankadeepa.lk) ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් …

එජාපයෙන් ආරම්භ කළ ‘ශුද්ධය‘ ශ්‍රීලනිපයටද පැතිරේ..! අරුන්දික ප්‍රනාන්දු නි.ඇමැතිධූරයෙන් පන්නා දමයි

(12.09.2017 – 18:25 +0530 – lankaenews.com) විජේදාස රාජපක්ෂ ඇමතිධූරයෙන් එළවා එජාපය ආරම්භ කළ ‘ශුද්ධය‘ ශ්‍රීලනිපයද ආරම්භ කරමින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු නමැති ‘එතනෝල් රජා‘ ඇමැතිධූරයෙන් එළවා දැමීමට ශ්‍රීලනිප නායකයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටයුතු කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන …

ෆොන්සේකා ඇල්ලේ හිමිට ගැරහුවේ ඇයි.. ලියලා තියාගන්නැයි කියා විමල් අනාවැකියක් කියයි..

(12.09.2017 – 03:29 +0530 – lankacnews.com) ‘‘මෙම ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා භාරගත් ශ්‍රී ලංකා රාජ්‍යය බෙලහීන කිරීමේ බටහිර කොන්ත්‍රාත්තුව ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට නම් මෙරට මහා සංඝරත්නය සතු බලය බිඳීම අත්‍යවශ්‍ය සාධකයක් නිසා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් භික්ෂූන්වහන්සේට ‘පිස්සු චීවරධාරියා’ කියමින් ගරහනවා; කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමනවා; දඹුලු විහාරයට එන ආදායම පිළිබඳ අසත්‍ය පුවත් මවනවා’’ …

ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා.. – අරුන්දික

(12.09.2017 – 15:00 +0530 – lankacnews.com) වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන මුල සිටම තමනට ගැටළු තිබූ බවත් ආණ්ඩුවේ රැදී සිටීමට තමනට උවමනා නොවූ බවත් අද දිනයේ ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි. තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවද සදහන් කරන ඔහු තමා ඉවත් කල පමණින් ආණ්ඩුවෙන් …

ගම්මන්පිල රජයේ වාහනයක් බිරිඳට දී ඇය රිය අනතුරක් කර පලා ගිහින්..! සිද්ධිය වසර 3 ක් තිස්සේ යට ගහලා..!! ගම්මන්පිලගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

(11.09.2017 – 21:30 +0530 – lankaenews.com) කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් මෝටර් රථයක් සිය බිරිඳගේ පෞද්ගලික පරිහරනයට ලබා දී එය අනතුරට ලක්කර පලායාමේ අපරාධයක් වසර 3 ක් තිස්සේ යට ගසා සඟවා සිටියද පෙත්සමක් නිසා එය හෙළිවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ගෙන් ඒ පිලිබඳ පොලිසිය ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ පසුගිය 8 දා සවස …

වැලිකඩ බන්ධනාගාර රැඳැවියන් සමූහ ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ගෝඨා, අනුර, ජයසූරිය සීඅයිඩියට කැඳවයි

(12.09.2017 – 06:50 +0530 – lankaenews.com) වැලිකඩ බන්ධනාගාරයේ 2012 දී සිදුකළ අති ම්ලේච්ඡ රැඳැවියන් සමූහ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායකට, හිටපු හමුදාපති ජගත් ජයසූරියට, ගෝඨාභයගේ හිටපු බුද්ධි උපදේශක හෙන්දාවිතාරණ ඇතුළු පිරිසකට නොතීසි යවා තිබේ. 2012 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ රැඳැවියන්ගේ …

සෆාරි සඳහා යොදාගත් කණ්ඩුල අලියා අවාසනාවන්ත ලෙස මියයයි

(11.09.2017 – webgossip.lk/) හබරණ ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් සිටි කණ්ඩුල නම් අලියාගේ අසනීප තත්වයට ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබිය දී අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද (11) අලුයම මියගොස් තිබෙනවා. මෙම අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි පැවසෙන පිරිස …

පරන්තන් – පුනරීන් මාර්ගයේ අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

(11.09.2017 – 12:36 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චිය, පුනරින්-පරන්තන් ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියා. පුනරීන්- පරන්තන් ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි …

විල්පත්තු වන විනාශයක් ඇත්දැයි මන්නාරමේ ජනතාවගෙන් විමසයි

(11.09.2017 – 12:37 +0530 – hirunews.lk/sinhala) මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිනවා. මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දිනවල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් …

හෙට (12) සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජන

(11.09.2017 – 15:05 +0530 – hirunews.lk/sinhala) සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන …