Day archives: සැප්තැම්බර් 14th, 2017

‘සින්න වෙන්න ගිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අරගෙන‘ – දූෂණ විරෝධී හඬ

(13.09.2017 – 19:55 +0530 – lankadeepa.lk) උග‍්‍ර ණය උගුලකට සිරවී සිටන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රාජ්‍ය බැංකුවකට සින්න වීමට ආසන්න අවස්ථාවේ රජය මැදිහත්වී එම රෝහල බේරාගෙන ඇතැයි දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (13) පැවසීය. මේ හේතුවෙන් සෑම මසකටම රුපියල් මිලියන 25 බැගින් වසර 10 ක කාලයක් සදහා රුපියල් මිලියන 3000 ක මුදලක් …

යුරෝපා ජාතීන්ට යටත් නොවුනානම් බුදු සසුන අතුරුදන් – විජයදාස

(13.09.2017 – 20:18 +0530 – lankadeepa.lk) යුරෝපයෙන් ඇවිත් මෙරට අල්ලා ගත්තේ රටේ මිනිසුන්ගේ වාසනාවට බවත් එසේ නොවුනානම් අප වහල් ජාතියක් වීම පමණක් නොව සිංහල ජාතිය සහ බෞද්ධ ශාසනය මෙරටින් අතුරුදහන් වී අවසන් යැයි හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති …

ධම්මික රුපියල් බිලියන 12.5 කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි

(13.09.2017 – biz.adaderana.lk) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ …

සමන් අතාවුදහෙට්ටි රචිත ‘සොඳුරු සැරිසර – සක්වළ පියස දිගේ’ කෘතිය ‍දොරට වැඩීමේ උළෙල

(14.09.2017 – mawbima.lk) ටිබෙට් ස්වයාත්ත කලාපය ගැන ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියවන්නට අසන්නට ලැබී තිබෙන්නේ බටහිර කෝණවලින් බලා ලියැවුණු ඒවායි. එබැවින් මෑත ඉතිහාසයේ ටිබෙටය ගැන සැබෑ චිත්‍රයක් මවා ගැනීමට හැකි පත පොත ශ්‍රී ලංකාවේ බිහිවී නැහැ. සමන් අතාවුදහෙට්ටි මහතා නිර්මාණය කළ “සොඳුරු සැරිසර – සක්වළ පියස දිගේ” කෘතිය මඟින් ටිබෙටයේ සමාජයීය, සංස්කෘතික, ආගමික හා දේශපාලන ප්‍රවණතාවන් …

අතුරුදන්වූවන් පිළිබද ප්‍රඥප්තියට සියලු දෙනා විරුද්ධ විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා

(13.09.2017 – 20:40 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතුරුදන්වූවන් පිළිබද ප්‍රඥප්තියට සියලු දෙනා විරුද්ධ විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ ආබාධිත රණවිරුවන් පිරිසක් අද උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි. ආබාධිත රණවිරුවන් ඇතුළු පිරිසක් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද හමුවුණේ උන්වහන්සේ වැඩ වෙසෙන බෞද්ධාලෝක මාවතේ පිහිටි …

නව දේශීය ආදායම් පනතේ බදු අයකිරීම් ලබන වසරේ අප්‍රේල් 1 සිට

(13.09.2017 – 16:55 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව දේශීය ආදායම් පනත මගින් අයකිරීමට නියමිත සියලුම බදු ලබන වසරේ (2018) අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ නව දේශීය ආදායම් බදු පනතේ ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද මෙම …

පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක්

(13.09.2017 – 23:15 +0530 – lankaenews.com) ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග අඛිල පෙරට..! ක්‍රීඩකයින්ගෙන් නව යෝජනා රැසක්..!! පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන …