Day archives: සැප්තැම්බර් 15th, 2017

ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්

(14.09.2017 – 20:03 +0530 – lankadeepa.lk) ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ. දිගින් අඩි හතරක් පමණ වන මෙම හඳුනා නොගත් උපකරණය ධීවරයින්ට හමුවන විට මුහුදේ පාවෙමින් තිබී ඇති අතර උපකරණයේ විශාල කොටස මුහුද පතුල දෙසටත් …

දේශපාලන ප‍්‍රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..

(15.09.2017 – 10:00 +0530 – lankacnews.com) ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප‍්‍රදේශයේ දැවැන්ත ප‍්‍රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප‍්‍රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත. …

විපක්‍ෂයට එන ශ‍්‍රීලනිප ඇමතිලාට අන්තිම කොන්දේසි දමයි.. නැතොත් එන්න එපා දන්වයි..

(15.09.2017 – 00:15 +0530 – lankacnews.com) මැතිවරණ සිතියම හකුළන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව අත ඔසවා පසුව මැතිවරණයක් ළං වී විපක්‍ෂයේ අසුන් ගැනීම කිසිදු ඵලක් නැති බවත් හැකි නම් එම සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා ලෙසත් බුලත් කොළය ලකුණින් තරඟ වැද ජයගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් …

මගෙන් ප‍්‍රශ්න කලොත් බැදුම්කර මහ හොරු සියල්ල හෙලි කරනවා.. ඇලෝසියස් තර්ජනය කරයි..

(14.09.2017 – 22:53 +0530 – lankacnews.com) අර්ජුන් ඇලෝසියස් දන්නා සියල්ල හෙලි කලොත් බැදුම්කරය සම්බන්ධයෙන් බොහෝ දේ එලියට එනු ඇති බවත් මෙම වංචාවේ මහ මොලකරු පමණක් නොව පොදු අපේක්‍ෂකයා දිනවීම සදහා කටයුතු කල අය ගැනද තොරතුරැ හෙලිවනු ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පවසයි. තමන්ගෙන් ප‍්‍රශ්න කරන්න ගත්තොත් තමන් ඒවා හෙලි කරන බවට …

සිල් රෙදි බෙදීමට නියෝග දුන්නා යැයි වරද පිළිගන්නා මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු දැමීම ගැන මත දෙකක්..!

(14.09.2017 – 21:00 +0530 – lankaenews.com) ‘ඇයි බලාගෙන ඉන්නේ? මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශ අනුව ඔහුට එරෙහිව අදම නඩු පැවරිය හැකියි‘ යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ පුවත සම්බන්ධයෙන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ වී තිබේ. අපගේ මතය තහවුරු කරමින් ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්ෂට නඩු පැවරිය හැකි යයි …

අනියම් පරිවාස විදුලි සේවකයන් අද වැඩට නාවොත් ‘බඩු බනිස්’

(15.09.2017 – 05:30 +0530 – lankaenews.com) අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (අද දින) පෙ.ව 08.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ …

චතුරිකා සොරකම් කළ ‘ජනාධිපති තාත්තා’

(15.09.2017 – 04:20 +0530 – lankaenews.com) මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත අද (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එලි දැක්වීමට නියමිත ය. මෙම පොත සම්බන්ධයෙන් ප්‍රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට අයත් දැන්වීම් සමාගම් විසින් නිමවා තිබේ. ඒ දැන්වීම් වලින් …