Day archives: සැප්තැම්බර් 19th, 2017

අර්ජුන් මහේන්ද්‍රන් පැය ගණනක් සාක්ෂි දෙයි

(19.09.2017 – 19:05 +0530 – hirunews.lk/sinhala) හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද පළමු වතාවට බැඳුම්කර කොමිසමේ සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබාදුන්නා. ඔහු පෙරවරු 11.45 ට පමණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර, පැය 04 කට අධික කාලයක් මෙලෙස සාක්ෂි ලබාදුන් බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. හිටපු මහ බැංකු අධිපතිවරයා නියමිත වේලාවට බැඳුම්කර කොමිසමට …

අතුරුදන්වුවන් පිළිබඳ පනත් කෙටුම්පත ගැන විවිධ අදහස්

(19.09.2017 – 19:40 +0530 – hirunews.lk/sinhala) ඕනෑම පනතක් සම්මත වීමෙන් පසු එය අතීතයට බලපාන පරිදි නීති ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇතැයි මහා සංඝරත්නය සහ වෘත්තීයවේදීන් පවසනවා. අතුරුදන් වූවන් පිළිබද කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මේ පිළිබද අදහස් පළ වුණා. ************************************** සංගායනාවක අවශ්‍යතාව, බොදුබල සේනාව පහදයි (19.09.2017 – 19:23 +0530 – hirunews.lk/sinhala) …

මැගි නූඩ්ල්ස්වල ඊයම් ඇතිදැයි පරීක්‍ෂණයක් ඉල්ලයි..

(19.09.2017 – 17:30 +0530 – lankacnews.com) මැගී නූඩ්ල්ස්වල ඊයම් අඩංගු දැයි නැවත පරීක්ෂා කර බැලිය යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යවා ඇති ලිපියක් පහත දැක්වෙයි : එම්. ඩබ්ලිව් . ජයසුන්දර මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඔ 10 අධ්‍යක්ෂක ජනරාල්තුමනි, ලාංකික …

අද භික්‍ෂූන් පිඬු සිඟා වඩිමින් සල්ලි වලඳනවා… යහපාලන ගමන දෙස ලෝකයම මවිත වී බලා ඉන්නවා..

(19.09.2017 – 18:48 +0530 – lankacnews.com) ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දී පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “යහපාලන රජය බිහිකිරීමට කැපවූ එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරීමට පත්වෙන්න එපා. රට සංවර්ධනය කිරීම දේශපාලන ඉලක්කයක්. ප්‍රශ්න තිබෙනවා. රටේ ප්‍රශ්න මෙන්ම ජනතාවගේ ප්‍රශ්නත් …

සිතුල්පව්ව විහාරස්ථානයේ පුරාවිද්‍යා කැණීම් ගැන නීතිමය පියවර

(19.09.2017 – 14:45 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් ගල්ලෙන් වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා කැණීම් සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා පවසනවා. පුරාවිද්‍යා වටිනාකමක් ඇති කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගල්කුඩය අසල කටාරම් සහිත ගල් ලෙන් දෙකක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට කිසිදු අවසරයක් …

අද (19) සාකච්ඡාවත් අසාර්ථකයි – හෙට (20) වර්ජනයට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි

(19.09.2017 – 16:00 +0530 – hirunews.lk/sinhala) වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථකවීම හේතුවෙන් හෙට (20.09.2017) මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ ෴ ************************************** …

පළාත් සභා ඡන්ද එකම දිනයක පැවැත්වීමට අදාල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරනය කියලා : කතානායක දැනුම් දෙයි

(19.09.2017 – 13:30 +0530 – lankaenews.com) පසුගිය මැතිවරණ වලදී ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීම සඳහා එකම දිනයක පළාත් සභා මැතිවරණ සියල්ල පැවැත්වීමට අදාල නීති සකසා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඒමට හැදූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සහ ජන මත විචාරණයකින් සම්මත කරගත …

ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා හේතුවෙන් වීසා ප්‍රතික්ෂේප වූවා – සරත් ෆොන්සේකා

(19.09.2017 – 07:01 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමේ අවස්ථාව තමාට අහිමිව ගියේ, මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය – වනවාසල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ …

තුන්වන සාකච්ඡාවත් අසාර්ථකයි – විදුලි වර්ජනය 07 වන දිනටත්

(19.09.2017 – 07:44 +0530 – hirunews.lk/sinhala) සිය යෝජනාවලට විසඳුම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව විදුලි සේවකයින් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර, ඊයේ දිනයේදී කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සමඟ පැවැති සාකච්ඡා …

රජ පවුලේ පුතෙක් චන්ද්‍රිකාවක් අහසට ඇරියා – ඒකට සල්ලි ගත්තෙත් විදුලි බල මණ්ඩලයෙන්

(18.09.2017 – 14:42 +0530 – sinhala.adaderana.lk) ලං.වි.ම. අර්ථ සාධක අරමුදල් වංචා කළ අය තවමත් නිදැල්ලේ සිටින බව බස්හානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. බැඳුම්කර වංචාව නිසා 9% ට තිබූ පොලී අනුපාතය අද 14% ක් බවද ඒ මහතා පෙන්වා දෙයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ, …