Day archives: සැප්තැම්බර් 20th, 2017

විදුලි සේවකයින්ට රතු නිවේදන නිකුත් කරද්දී, GMOA වර්ජනයකට සැරසෙයි

(20.09.2017 – 13:17 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත විදුලි සේවකයින් සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවසන් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව වර්ජනයේ නිරත අනියම් සහ පරිවාස සේවකයින් හෙට දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර …

මෙරට සෑම ලක්‍ෂයකින්ම 82.1 ක්‌ පිළිකාවට ගොදුරු වෙනවා – විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා

(20.09.2017 – divaina.com) මෙරට ජනගහණයෙන් සෑම ලක්‍ෂයකින්ම 82.1 දෙනකු පිළිකාවකට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා පවසයි. පිළිකාවන්ගෙන් 1/3 ක්‌ ප්‍රතිකාර හරහා සුවපත් කළ හැකි නමුදු පිළිකාවන්ට ගොදුරුවීමෙන් මිය යන සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය පෙරේරා කීවේය. 2016 වසරේදී මෙරට ජාතික පිළිකා මර්දන වැඩසටහනට අයත් ආයතනයන්හී ලියාපදිංචි …

පාරේ ගිය මෝටර් රථය නිවස ඇතුළට එයි

(20.09.2017 – 16:01 +0530 – hirunews.lk/sinhala) දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ අද (20) අලුයම 2.30 ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැටීමෙන් නිවසට බරපතළ හානි සිදුව මෝටර් රථයට ද බරපතළ හානි සිදුව තිබෙනවා. මෝටර් රථය හබරණ දෙසින් පැමිණ ප්‍රධාන වංගුව හරවනවාත් සමඟම ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 70 ක් පමණ …

ඇප කොන්දේසි සපුරා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට පිටව යයි

(20.09.2017 – 19:07 +0530 – hirunews.lk/sinhala) සිල් රෙදි නඩුවට වරදකරුවන් කර සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ, ඔවුන් වෙනුවෙන් ගොනුකර තිබූ ඇප පෙත්සම් දෙක සලකා බැලීමෙන් අනතුරුවයි. බන්ධනාගාරගත කෙරුණු …

පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා දරුවන් උසිගන්වන පුද්ගලයින්ට ආණ්ඩුවෙන් අවසන් අනතුරු ඇඟවීමක්..!

(20.09.2017 – 01:30 +0530 – lankaenews.com) ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය : මීට පෙර ද ඇතැම් පාසල්වල ගුරුවරුන් …

ඕස්ට්‍රේලියානු බ්‍රයන් ෂැඩික් පෙරේදා අධිකරණයේ දුන් සාක්කි අනුව ගම්මන්පිල්ලේගේ මන්ත‍්‍රීධුරය හුටස්..!

(20.09.2017 – 11:30 +0530 – lankacnews.com) ඕස්ට්‍රේලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් මහතා ට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සමාගම් කොටස් මිලියන 2 ක් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ප‍්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ට විකිණීම සම්බන්ධයෙන් පා.ම. උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අංක 8394/16 දරණ නඩුව ශාලා අංක 05 දී පසුගිය 18 දා විභාගයට …

හබුං කටයි; හිනා විටයි – මංගලං කලං යකා නටයි..! -ජනමාධ්‍ය අමාත්‍යාංශය යලි අවුල් ජාලයක

(20.09.2017 – 10:00 +0530 – lankaenews.com) ජනමාධ්‍ය අමාත්‍යංශය පසුගිය වසර 2 තුල බොහෝ කැළඹිලි පුවත් මවන අමාත්‍යංශයක් බවට පත්ව තිබූ නමුත් මේ වන විට එය නිහඬව යාත්‍රා කරන අයුරු පෙනෙන්නට තිබුනද, වත්මන් නිහඬතාවය මහා කුණාටුවකට පෙර ඇති වන නිහඬතාවයක් වැනි මුලාවක් බව කිව යුතුය. ඊට හේතුව නම් තවත් බල අරගලයක් අමාත්‍යංශය තුල නිර්මාණය වෙමින් පැවතීමයි. …

චීවරධාරීන් කියමින් ඇමැතිවරුන් අපට අපහාස කිරීම ගැන ජනාධිපති නිහඬයි

(20.09.2017 – mawbima.lk) සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපාසක උපාසිකාවන්ද ආරක්ෂා විය යුතුයි. පසුගිය ආණ්ඩු සමයේ උපාසක ඇත්තන්ට සිල් රෙදි බෙදා දුන්නේ මහා සංඝරත්නයේ ඉල්ලීමට අනුවයි. එය මැතිවරණයට බොහෝ කලකට පෙර කරන ලද යෝජනාවකින් සිදුකළ දෙයක්. පන්සල්වලට සිල් රෙදි ලැබුණු අන්දමටයි පෝය දිනට සිල් සමාදන් වීමට පැමිණි උපාසක ඇත්තන්ට සිල් රෙදි පරිත්‍යාග කළේ. ආණ්ඩුවේ අනුමැතියට …

මෙන්න ජිනීවාහි සිදුවන දේ – කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

(20.09.2017 – divaina.com) 36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ජිනීවා නුවරදී ආරම්භ වී ඇත. මේ සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව ප්‍රශ්න කිරීම සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මෙන්ම කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් රැසක්‌ මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගෙන සිටී. මේ අවාසනාවන්ත තත්ත්වය බලා සිටීමට නොහැකි වූ ගෝලීය ශ්‍රී ලාංකික …