Day archives: සැප්තැම්බර් 21st, 2017

පනතට සහාය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කරන්නයි… – ජනතා විමුක්ති පෙරමුණ

(21.09.2017 – lankatruth.com) “සෑම අවස්ථාවකදීම පළාත් සභා 09ම එකම දිනයකද පවත්වන්න බැරි වෙන්න පුළුවන්. එක් එක් පළාත් සභාවල දේශපාලන බල හුවමාරුව මත එය වෙනස් විය හැකියි. එය එසේ තිබියදී වසර 2ක් වැනි කාලයකදී අවස්ථා 06කදී ඡන්දය පැවැත්වීම වැනි විශාල විකෘතියක් නොවිය යුතු බව අපගේ හැඟීමයි. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන අත්දැකීම මධ්‍යම ආණ්ඩුවේ බලය මත තමයි …

මංගල ඇඳුමින් ගිනස් වාර්තාවක් තැබු මහනුවර මනාලිය

(21.09.2017 – 16:12 +0530 – hirunews.lk/sinhala) ලොව දිගම ඔසරි පොට සහිත ඔසරියක් හැඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීම අරමුණු කරගත් මනාලියක් පිළිබඳ මහනුවරින් වාර්තා වනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම මනාළියගේ ඔසරි පොටේ දිග මීටර් 3200 ක් බවයි. මීට ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ඉන්දීය කාන්තාවක් වන අතර ඇයගේ සාරි පොටේ දිග මීටර් 2800 …

කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට ඈපලය උඩ ඇප ලැබීම රාජ්‍ය සේවකයන්ට යම් අස්වැසිල්ලක්…

(21.09.2017 – 12:40 +0530 – lankacnews.com) පසුගිය රජය සමයේ ක‍්‍රියාත්මක කරන ලද බෞද්ධ උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රීලංකාවේ 5 විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තම ලේකම් කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංග මහතා විසින් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව නිකුත් කලේය. —————————— සිල් රෙදි ව්‍යාපෘතියේ මුල …

නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට….

(21.09.2017 – 14:10 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය. පසුගිය සති අන්තයේ අපි අනාවැකි හතරක් පල කළා. ඒ තමයි : 1) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි වන සංශෝධනය ජනමත විමසුමකට යොමු කරන බව 2) ආණ්ඩුව විසි වන සංශෝධනය විවාදයෙන් ඉවත් …

කලින් පළාත්සභා, පළාත් පාලන ඡන්ද නොතිවුවේ කොටි ත‍්‍රස්තවාදින් නිසා.. දැන් ඡන්ද නැත්තේ යහපාලනය නිසා..- මහින්ද ගෙන් විදග්ග විවරණයක්…

(21.09.2017 – 15:50 +0530 – lankacnews.com) පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වෙයි : පළාත් සභා ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම එක්සත් ජාතික පක්‍ෂයත්, එජාපයට සහයෝගය දක්වන ශ්‍රීලනිප කණ්ඩායමත්, දෙමළ ජාතික …

ජනාධිපති මේ කරන්නේ රටට ආදරේ කිසි මිනිහෙකු කරන දෙයක් නොවෙයි.. ලක් ඉතිහාසයේ අපකීර්තිමත්ම ආණ්ඩුව මෙයයි..

(21.09.2017 – 16:40 +0530 – lankacnews.com) ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරන මෛත්‍රී රනිල් ඒකාධිපති රෙජීමය දිනෙන් දිනම රට විනාශය කරා ඇදගෙන යමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව රටේ ජනතාව පෙළගැසිය යුතු කාලය දැන් එළැඹ ඇති බව පැවසූ රණතුංග මහතා …

සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්නැයි ඩයලොග්ට දන්වයි ….

(21.09.2017 – 17:30 +0530 – lankacnews.com) පැය ගණනාවක් සබදතාවයන් බිද වැටීම හේතුවෙන් ඩයලොග් සමාගම ලක්‍ෂ 110 ක් පමණ වන සියළු ඩයලොග් පාරිභෝගිකයින්ට වන්දි ගෙවිය යුතු යයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් ඩයලොග් සමාගමේ මෙරට ප‍්‍රධානියා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි. https://drive.google.com/file/d/0B-EzJso25PxqZGZ5U0VRdFhJdEZBamIzQ1djcWdMdURfMklZ/view +++++++++++++++++++++++++++++++ ඊයේ (20) දිනයේ ගත් ඇමතුම් සහ …

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව ගෙන එමින් අගමැති කළ සම්පූර්ණ විශේෂ ප්‍රකාශය

(21.09.2017 – 10:45 +0530 – lankaenews.com) මේක ඓතිහාසික අවස්ථාවක්..! මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්නට ඉඩ දිය නොහැකියි…! – අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව ගෙන එමින් අගමැති කළ සම්පූර්ණ විශේෂ ප්‍රකාශය මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්නට ඉඩ දිය නොහැකි බවත් ශපථ කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් …

මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

(21.09.2017 – 09:20 +0530 – lankacnews.com) කතානායක කරු ජයසූරිය මහතා ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්‍ෂග‍්‍රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙන් දැඩි විවේචන එල්ල විය. ************************************** පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉතා ආසන්නයි.. (21.09.2017 – 11:20 +0530 …

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා.. – සෞඛ්‍ය අමාත්‍යංශය

(21.09.2017 – 06:30 +0530 – lankacnews.com) වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ නව බැංකු ගිණුමක් ස්ථාපිත කර ඇති බවත්, අමාත්‍යාංශයෙන් ලබාදෙන මුදල් එම ගිණුමට බැර කර ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල නමින් පවත්වාගෙන …